Posts

Showing posts from January, 2024

" Meloverse - තාල " පසුවදනක්..!!

Image
" Meloverse - තාල " පසුවදනක්..!!                                                                                      _W.L. සයුරි විජේසේකර _  පසුගිය ජනවාරි 23 වනදා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයීය රොටරැක්ට් සමාජය මගින් පවත්වන ලද "Meloverse - තාල" සංස්කෘතික සැඳෑව අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන ලදී. ඉන්දියානු බොලිවුඩ් තේමාවට අනුව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයීය රොටරැක්ට් සමාජයේ සාමාජිකයන්ගේ දස්කම් විදහා පාමින් ශ්‍රී ලාංකීය නර්තන හා ගායන අංග සහ ඉන්දීය නර්තන සංගීත අංගයන්ගෙන් මෙම "තාල" ප්‍රසංගය පැවැත්වෙන ලදී. මෙම ප්‍රසංගය සඳහා ඉන්දියානු සහකාර මහ  කොමසාරිස් කාර්යාලය ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන ලද අතර TV දෙරණ මගින් ප්‍රධාන මාධ්‍ය අනුග්‍රාහකත්වය දරන ලදී. මෙඑි ප්‍රධාන අමුත්තා ලෙස ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලයේ වෛද්‍ය ආතිරා එස්. සහභාගී වූ අතර ​ඉන්දියානු ශ්‍රී ලංකා සංස්කෘතිකාංග පිලිබඳ දැනුවත් වීමෙහි ලා මෙම තාල ප්‍රසංගය මහඟු පිටිවහලක් වූ බවයි. එමෙන්ම මෙහි සුවිශේෂීත්වය වූයේ ඉන්දියානු රොටරැක්ට් සමාජයන් මගින් අතත්‍යව ඔවුන්ගේ නර්තන හා ගායන අංගයන් ඌව වෙල්ලස්ස රොටරැක්ට