Digital අස්න - සෙංකඩගල පෙරහැර මංගල්‍යය - ඉතිහාසය
Article : Sayuri Wijesekara Logo : Mihisara Bandara සෙංකඩගල පෙරහැර මංගල්‍යය ලක්වාසීන්ගේ මුදුන් මල්කඩ බඳු වූ ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට ගනිමින් වාර්ෂිකව ලෝ වාසීන්ගේ ආකර්ෂණය මහනුවර නගරයට ඈඳා ගනිමින් නිකිණි මස පුරාවට පවත්වන්නා වූ සෙංකඩගල පෙරහැර මංගල්‍යයයෙහි ඉතිහාසය ක්‍රි.පූ. 3 වන සියවස තෙක් දිවයයි. නිසි කලට වැසි ලබා ගැනීම සඳහා දෙවියන් උදෙසා කන්නලව් කිරීමෙහි ලා ක්‍රි.පූ. 3 වන සියවසේදී ඇරඹි ඇසළ පෙරහර ක්‍රි.ව. 4 වන සියවසේදී බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 800කට පසු උන්වහන්සේගේ පූජනීය දන්ත ධාතූන් වහන්සේලා දඹදිව සිට මෙරටට වැඩමවූ පසු දළදා පෙරහැර ආරම්භ වූ බව විශ්වාස කෙරේ. ඒ අනුව පසුකාලීනව නිල වශයෙන් 18 වන සියවසේදී සිංහලේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් දෙවියන් උදෙසා පැවැත්වූ ඇසල දේව පෙරහැරට දළදා පෙරහැර එක් කරන ලදී. එතැන් පටන් අද දක්වා නිකිණි මස දින ගණනක් පුරාවට පැවැත්වෙන මෙම සෙංකඩගල ඇසල පෙරහැර සතර මහා දේවාල පෙරහැර වලින් සහ දළදා පෙරහැරින් සමන්විත වේ. නාථ දේවාල පෙරහැර , විෂ්ණු දේවාල පෙරහැර , කතරගම දේවාල පෙරහැර , සහ පත්තිනි දේවාල පෙරහැර යනාදියෙන් සතර මහා දේවාල...