Posts

Showing posts with the label Alice Academy

Alice Academy - Silver Chapter

Image
  Alice Academy ඇලිස් ඉස්කෝලෙ Cartoon එක එහෙමත් නැත්නම් Alice   Academy බලපු නැති කෙනෙක් නැතුව ඇති කියලා මං හිතනවා. මොකද පොඩි කාලෙ අපි ආසම කතා වලින් එකක්නෙ ඒක. ඒ කාලෙ වැඩි තේරුමක් නැතුව ඕක බැලුවෙ. කතාව ලස්සන නිසා. හැබැයි මට දැනුනෙ Mikan Sakura හරියට මං වගේ කියලා. ඉතින් කැම්පස් ආවටත් පස්සෙ ආපහු මට ඕක බලන්න ආසාවක් ආවා. එතකොට තමයි මට හිතුනෙ ඒ කතාවෙන් කොච්චර දේවල් කියන්න උත්සහ කරලද කියලා. තමන්ගෙ හොඳම යාලුවා Hotaru ව බලන්න ආසාවෙන් සෑහෙන්න මහන්සි වෙලා කොහොම හරි Alice Academy එකට ආපු Mikan ගෙ ලස්සන කතාව.  විශේෂ හැකියාවන්ගෙන් පිරුණු ලමයින්ටම වෙන්වුනු Alice  Academy එකට Hotaru නිසා ආපු Mikan ට මුලදි තමන්ගෙ හැකියාව හොයාගන්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා ඉස්කෝලෙන් අයින් වෙන්න වෙලා තමන්ගෙ යාලුවව දකින්න විදියක් නැති වෙයි කියලා බයෙන් ඉන්න Mikan ගෙ අහිංසක බය මෙතනදි විශේෂයි. ඒ වගේම වෙන කෙනෙක් නිසා, එහෙමත් නැත්නම් Hotaru වෙනුවෙන් Alice Academy එකට ආවා වුනත් Mikan තමන්ටම ආවේණික විශේෂ හැකියාව හොයාගන්න විදියත් හරිම අපූරුයි. ඒක මට දැනුනෙ නම් මෙහෙමයි. අපි හැමෝටම අපිටම කියල විශේෂ වුනු හැකියාවක් තියෙනවා. හැබැයි අපිවත්