Digital අස්න - සෙංකඩගල පෙරහැර මංගල්‍යය - කුඹල් පෙරහැර
ඉන්දියාවේ ආෂාඨ උත්සව හෙවත් ඇසළ කෙළියේ පරිණාමයෙන් ඇති වූවක් ලෙස සැලකෙන සෙංකඩගල පෙරහැර මංගල්‍යයෙහි ඉතිහාසය හා මූලිකාංග පෙර ලිපියෙන් දැක්විනි. එහි සඳහන් වූ පෙරහැර මංගල්‍යයෙහි කප් සිටුවීම, දේවාල පෙරහැර හා කුඹල් පෙරහැර දිනයන් පිලිබඳව සවිස්තරාත්මක අදහසක් මෙම ලිපියෙන් ගෙන ඒමට අදහස් කරන්නෙමු. කප් සිටුවීම දළදා මාළිගාවේ " නැකැත් මොහොට්ටාල " විසින් නියම කල සුබ මොහොතින් කප් සිටුවීමෙන් පෙරහැර ආරම්භ වේ. නිකිණි මස අමාවකට දින කිහිපයකට පෙර සතර මහා දේවාලයන්හි මූලිකත්වයෙන් අලුත් නුවර හෝ සුදුසු දේවාල භූමියකින් වියත් තුනක වට ප්‍රමාණයෙන් යුතු නෑඹුල් හෙවත් ඵල නොදැරූ කොස් ගසක් තෝරා ගෙන එම කොස් ගසට පුද පූජා පවත්වා එහි අරක් ගත් වෘක්ෂ දේවතාවක් වේ නම් ඉන් ඉවත්ව යන ලෙස ආයාචනා කොට එම ගස කපා ගනී. අනතුරුව එහි කඳෙන් රියන බැගින් දිගැති කොටස් හතරක් කපාගෙන පෙරහැරින් ගෙන ගොස් සතර මහා දේවාල භූමියෙහි සිටු වීම " කප් සිටුවීම " නම් චාරිත්‍රය වේ. දේවාල පෙරහැර දින පහක් පුරාවට බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් තොරව හා වස්ත්‍රාභරණයෙන් සැරසුණු අලි ඇතුන් , පෙරහැර ශිල්පීන්ගෙන් තොරව දේවාල රාජකාරීබසිදුකරන ...