රස ගුණ පිරි ඉරිඟු බත්
රස ගුණ පිරි ඉරිඟු බත් ඉරිගු කිව්වම අපි කාගෙත් මතකයට එන්නේ කහ පාට ලස්සන තම්බපු සුවඳ හමන බඩ ඉරිගු කරලක් නේද. ඉතින් මේ ඉරිඟු වලින් බත් එකක් ගන්න තියෙනවනම් කොච්චර හොඳයිද.ධාන්‍ය වර්ග අතර බාල මහලූ බොහෝ දෙනෙක් ඉතාමත් කැමැත්තෙමි ආහාරයට ගන්න ධාන්‍ය වර්ගයක් මේ මේ බඩ ඉරිඟු කියන්නේ. ඈත අතීතයේ ඉඳන්ම බඩඉරිඟු ආහාරයට එකතු කරගන්න ධාන්‍ය වර්ගයක්. ඇමරිකාව තමයි මේ බෝගයේ නිජබිම.මේ වන විට බොහෝ රටවල මෙම බෝගය වගා කරමින් තියෙනවා. මේ වන විට බොහෝ රටවල මෙම බෝගය වගා කරමින් තියෙනවා.ඒ අතරිනුත් අපේ ලංකාව ප්‍රමුඛ තැනක් ගන්නවා මේ බඩ ඉරිඟු වලට. සමහරු තම්බලා, සමහරු පුච්චලා, තවත් සමහරු විවිධ බොහෝ ක්‍රමයන් වලට මේ බඩ ඉරිඟු ආහාරයට ගන්නවා. ඉතින් මේ බඩ ඉරිඟු වලින් රසම රස බත් එකක් අපිට සාදාගන්න පුළුවන්.ඌව පළාතේ මේ ආහාරය බොහොම ප්‍රසිද්ධයි. මේ කෑම හදාගන්න අපිට ඕනේ ඉරිඟු ඇට හෝ මෑ ඇට හෝ කව්පි ඇට තවත් අපට අවශ්‍ය නම් මුං ඇට වගේ තමන් කැමති ධාන්‍ය වර්ගයක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේක අපි හදාගන්නෙ ඉරිඟු ඇට හා කව්පි ඇට එකට කලවම් කරලා ජලයේ විනාඩි 45ක් පමණ පෙඟෙන්න තියෙන ඉරිඟු ඇට හා කව්පි ඇට මැටි මුට්...