Posts

Showing posts with the label Coconut Shell

Rustic Decor

Image
  අරුම පුදුම රටා මවන පොල් කට්ට Cocos nucifera   යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මුහුදු බඩ ප්‍රදේශවල බහුලව වැඩෙන මෙම පොල් ශාකය පුරාතන ඉන්දියානුවන් සේම ලාංකිකයන් ද කප් රැක ලෙස හදුන්වන බව ප්‍රකට කරුණක්. එයට එක් හේතුවක් වනුයේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට ඉහළම දායකත්වයක් ලබාදෙන පොල් ශාකයේ සෑම කොටසක්ම ඉතා ප්‍රයෝජනවත් වීමය. පොල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රධාන ලෙසම, පොල් මද ආශ්‍රිත නිෂ්පාදන  පොල් මද ආශ්‍රිත නොවන නිෂ්පාදන  පොල් කටුව ආශ්‍රිත නිෂ්පාදන  ලෙස වර්ග කළ හැක.  ඒ අතුරින්,කලකට පෙර ප්‍රයෝජන රහිත බැවින් ඉවත දැමූ පොල් කට්ට අද වන විට, බොහෝ නිෂ්පාදන වෙනුවෙන් වෙළදපොළ අත්පත් කරගන තිබෙන බව රහසක් නොවේ. දශක 9කට පමණ පෙරාතුව ඉරාකවරුන් සොයාගත් ඉවත දමන පොල් කටුවෙන් වස්තු සෑදීමේ කලාව ක්‍රමයෙන් දකුණු දිග ඉන්දියාව දක්වා ව්‍යාප්ත වන්නට විය. කොප්පරා ගසා ඉවත දමන කටුව ශිල්පයක් සේ ප්‍රගුණ කරමින් කවචය කැටයම් කිරීමෙන් ඇරඹි පොල් කටු නිෂ්පාදන අද වන විට  ප්‍රධානතම පරිසර හිතකාමී නිෂ්පාදන ලෙස හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ අද්විතීය ස්ථානයක් හිමි කර ගනී. පසුගිය දශක කිහිපය තුළ ඉතා ශ්‍රීඝයෙන් ලො...