Posts

Showing posts with the label Project kasbaawa

Traveling Titans - Project Kasbaawa

Image
  Article :Rtr. K. Krishani Design :Rtr. Lashan Sampath "මුහුදු කැස්බෑවන් ගේ ඇදහිය නොහැකි සංක්‍රමණ ගමන" පුළුල් මහා සාගරයේ රළ යටින් නිහඬ සංක්‍රමණයක් සිදුවේ. පෘථිවියේ ඉතා පැරණි විශිෂ්ට නාවිකයන්, මුහුදු කැස්බෑවන් ය. සාගර සහ මහාද්වීප හරහා සැතපුම් දහස් ගණනක් ඔවුන්  සංක්‍රමණය කරයි. ගමන ආරම්භය වඩදිය බාදිය මගින් මෙහෙයවනු ලබයි. වෙරළේ කූඩු වලින් පැටවුන් ලෙසින් ගමන ආරම්භ වේ. ඔවුන්ගේ වැඩිහිටියන් සමඟ එකතු වෙමින් සාගරයට  ගමන් කරයි. එකල "අහිමි වූ වසර" යැයි හදුන්වයි.එවිට ඔවුන් කොහේදැයි කිසිවෙකු දන්නේ නැත. ආහාර සදහා පෝෂණ බිම් සෙවීම සහ ආරක්ෂිත පරිසරයන් සොයා ගැනීම ඔව්න්ගේ අරමුණ යි.  පැවැත්මේ සංක්‍රමණය සදහා ඔවුන් උපන් "උපතේ වෙරළ" දෙසට සංක්‍රමණය වීම සිදු කරයි. අනතුරුව සංසර්ගය සහ බිත්තර දැමීම සඳහා වැඩිහිටියන් ලෙස පරිණාමය වන  ඔවුන්ගේ අහිමි වූ වසරවල වීර කාව්‍ය ගමන ආපසු ආරම්භ කරයි. කුඩා කැස්බෑවුන්ගේ ආරක්ෂාව සඳහා මුහුදු කැස්බෑවන්  වෙරළ තීරයට වී ආරක්ෂාව සපයන බවට විශ්වාස කරයි. Traveling Titans  "The Incredible Migration Journey of Sea Turtles" In the vast ocean, there is a

"Guardians" of the sea" - Project Kasbaawa

Image
Article: Rtr. Dilki Tharushika Design: Rtr. Lashan Sampath  මුහුදේ "භාරකරුවන්" හෙවත් මුහුදු කැස්බෑවන්ගේ තේජාන්විත ලෝකය  හඳුනාගත්  මුහුදු කැස්බෑ විශේෂ 7 ක් සහ ඔවුන් මුහුදේ භාරකරුවන් ලෙස හඳුන්වන්නේ මන්දැයි ඔබ දන්නවාද?  පිළිතුර නම් ඔවුන් මුහුදේ ප්‍රධාන මූලස්ථාන  විශේෂයක් ( පරිසර පද්ධතියේ සමතුලිතතා වයට ප්‍රධාන ලෙස වැදගත් වන විශේෂයකි ) වන අතර වෙරළ පරිසර පද්ධතිවල සහ සාගර සෞඛ්‍ය දර්ශකයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඔවුන් වර්ගයා බෝකිරීමට  වලවල් සාදා ඒ තුළට බිත්තර දමයි.  ඊට අමතරව ජෙලිෆිෂ් සහ අනෙකුත් සාගර ජීවීන්ගේ ගහනය නියාමනය කිරීමට ඔවුන් දායක වේ. ඔවුන්ගේ පෝෂණ රටා ගැන සලකා බලන විට එය පුළුල් පරාසයක් පෙන්වයි. ශාක භක්ෂක, මාංශ භක්ෂක, සර්ව භක්ෂක සහ පෙරහන් ආහාර විශේෂ පවා විය හැක. මුහුදු කැස්බෑවුන්ට දිගු ආයු කාලයක් ඇත. සමහර විශේෂ වසර 100 කට වඩා වැඩි කාලයක් ජීවත් වෙයි. එසේම සමහර විශේෂයන් උදාහරණයක් ලෙස ලෙදර්බැක් මුහුදු කැස්බෑවන් දිගු දුරක් මුහුදේ  සංක්‍රමණය කරයි. මුහුදු කැස්බෑවන්  සාගර පරිසර පද්ධතිවල සෞඛ්‍යයට ඍජුව දායක වන අතර, ඔවුන්ට ස්වභාවික හා මිනිසා විසින් සිදු කරන තර්ජන රැසකට මුහුණ දීමට සි

Fascinating facts about sea turtles - Project Kasbaawa

Image
  Article: Rtr. Sathiyabalan Hariharan Design: Rtr. Lashan Sampath Fascinating facts about sea turtles මුහුදු කැස්බෑවන් සමුද්‍ර පරිසර පද්ධතිවල වැදගත් කාර්යභාරයක් ඉටු කරන සමුද්‍ර උරගයින් වේ. ඔවුන් සතුව ක්‍රමවත් සිරුරු, කාර්යක්ෂම පිහිනීම සඳහා අවල්පත් වැනි ගාත්‍රා සහ සාගරයේ ජීවත් වීමට උපකාර වන සුවිශේෂී ලක්ෂණ ඇත. මුහුදු කැස්බෑවන් පෘථිවියේ ජීවමාන ඩයිනෝසෝරයන් ලෙස හැඳින්වේ. මුහුදු කැස්බෑවන් වසර මිලියන ගණනක සිට පැවත එන අතර පොසිල වාර්තා වසර මිලියන 100කට වඩා පැරණිය. ඔවුන් බොහෝ භූ විද්‍යාත්මක හා පාරිසරික වෙනස්කම් හරහා නොනැසී පවතින අතර, ඔවුන් පෘථිවියේ පැරණි අතීතයේ ජීවමාන සාක්ෂි බවට පත් වී ඇත. ඒවා අතීතයේ සිට ජීවමාන කාල කැප්සියුලයක් වැනි ය. උණුසුම් සාගරවල සිට සිසිල් සාගර දක්වා සෑම තැනකම මුහුදු කැස්බෑවන් අපට සොයාගත හැකිය. ඔවුන් ලෝකයේ විශිෂ්ට සංචාරකයින් වන්නේ ඔවුන් ඔවුන්ගේ වාසභූමියෙන් බොහෝ දුරක් ඇදහිය නොහැකි සංචාරවල යෙදෙන නිසා, ඔවුන් සාගරයේ ගවේෂකයන් බවට පත් වී ඇති නිසයි , එය ඔවුන්ට නිමක් නැති වික්‍රමාන්විතයක් වැනි ය. මුහුදු කැස්බෑවුන්ට සමහර විට වසර 100 කට වඩා වැඩි කාලයක් ජීවත් විය හැකිය, එබැවින් මුහු

Sea Turtles - project Kasbaawa

Image
                                                                             Article : Rtr. Imesha Peiris                                                                            Design: Rtr. Lashan Sampath Sea Turtles ලෝකයේ මුහුදු කැස්බෑ විශේෂ හතක් ඇති අතර, ඒ සෑම විශේෂයකටම ඔවුනටම අනන්‍ය වූ ලක්ෂණ සහ වාසස්ථාන ඇත. මුහුදු කැස්බෑවන් කැපී පෙනෙන සංක්‍රමණ සඳහා ප්‍රචලිතය. ඔවුන් බොහෝ විට ආහාර සඳහා සහ බිත්තර දැමීම ට බොහෝ දුර ගමන් කරයි. ශ්‍රී ලංකාව තුල මුහුදු කැස්බෑවන් දැකිය හැකි බොහෝ වෙරළ තීරයන් ඇත, හික්කඩුව, මිරිස්ස, ත්‍රිකුණාමලය, කොස්ගොඩ, උණවටුන සහ දලවැල්ල වෙරළ ආදිය ඒ අතර වේ. මුහුදු කැස්බෑවන් පිළිබඳ සිත් ඇදගන්නාසුලු තවත් කරුණු සමඟ මීළඟ පරිච්ඡේදයෙන් හමුවෙමු. Sea turtles are marine reptiles that play an important role in marine ecosystems. They have streamlined bodies, large flippers for efficient swimming, and unique features that help them survive in the ocean. There are seven species of sea turtles, each with its own unique characteristics and habitats. Known for their remarkable