Posts

Showing posts with the label Batik

සළුපිලි මත නේක වර්ණ හැඩ මවනා බතික් කලාව

Image
 සළුපිලි මත නේක වර්ණ හැඩ මවනා බතික් කලාව ශ්‍රී ලංකාවේ රෙදිපිළි කර්මාන්තයට එදා කපු ආශ්‍රිත රෙදි විවීමේ සිට අද වර්තමානය දක්වා ඉතා දීර්ඝකාලීන ඉතිහාසයක් ඇත. ඒ අතුරින් බතික් කලාව මෙරට රෙදි කර්මාන්තය තුළ ඉතා වැදගත්, සුවිශේෂී අංගයකි. ලංකාවට පමණක් සීමා නොවූ මෙම බතික් කලාව ඉටි භාවිතා කරමින් සළුපිලි මත වර්ණ රටා මවන ලොව පතල අපූරු කලාවක් ලෙස දැක්විය හැකිය. ඇතැම් ඉතිහාසඥයින්ට අනුව ඉපැරණි බතික් කලාව ඊජිප්තුවෙන් ඇරඹී ඇති බවත් පසුව පර්සියානු සහ මිසර වැසියන් කැඳ සහ ඉටි බිංදු තැවරීමේ තාක්ෂණය ලොවට හඳුන්වා දුන් බවත් සඳහන් වෙයි. මීට අමතරව චීනය, ඉන්දුනීසියාව, ජපානය සහ මැලේසියාව යන රටවල වැසියන්ද බතික් නිර්මාණයේ යෙදුණු බවට සාක්ෂි හමුවී ඇත. කෙසේ වුවත් 2009 වර්ෂයේ දී යුනෙස්කෝ සංවිධානය විසින් ඉපැරණි, නොදියුණු යුගයෙන් බිහිවූ බතික් කලාව ලෝක සංස්කෘතික උරුමයක් ලෙස නම් කර ඇත. ශ්‍රී ලංකාවට බතික් කලාව ලැබීම, හදුන්වා දීම සම්බන්ධ විවිධ ඉතිහාස කතා ඇති අතර එහිදී ලන්දේසීන් විසින් මෙරටට බතික් කලාව ගෙන ආ බව ද කියැවේ. කෙසේ වුවත් ලාංකික වැසියන්ට ඕනෑම කලාවකට තම දේශීයත්වය මුහු කිරීමට ඇති හැකියාව නිසා අපේ නිර්මාණකරුවෝ දේශීය සං...