Posts

Showing posts with the label The First Teacher

The First Teacher - Silver Chapter

Image
  Article : Waruni Vishakha Image : Sayuri Wijesekara අයිලයක අප්‍රකාශිත පෙම් පුරාවෘත්තය එදා මන්දාරම් හවසක්. උණු කෝපි කෝප්පයක් හදාගෙන පොත් රාක්කය ලඟට ගියේ ඒ වෙලාව පොතක් කියවන්නම සොබාදහම මවපු වෙලාවක් වගේ නිසා.පරිසරයෙ තිබුණෙ නිවිච්ච බවක්.  දන්නවද , පොත් අතරෙ අත ගෙනියන හැම සැරේකම මාව අතරමං කරන පොඩි පොතක් තියෙනව. එදත් මම අනිත් හැම අලුත් පොතක්ම මඟහැරල ගිහින් ඒ චූටි පොත අතට ගත්ත. ඉතින් ඒක කියවන්න ගත්තෙ 25 සැරේට විතර වෙන්න ඇති . පහ වසරෙ ඉඳලම කියවනව සැරින් සැරේට . ඒත් මම වයසින් වැඩෙනවත් එක්කම ඒ පොතේ වචනයක් ගානෙ තිබුණ ගැඹුර වැඩි වැඩියෙන් දැක්ක. ඒ නිසා වෙන්න ඇති තවම කියවන්නෙ. ඔයා චුට්ටක් මතක් කරල බලන්න . ඔයාගෙ කතාව ඇතුලෙ එයාලගෙ පරිච්ඡේද ඉවර කරල ඈතටම ගියපු මිනිස්සු හුඟක් ඇති. ඒත් එයාල නිසා ජීවිතේ යම් කිසි කාලෙක හොඳ විදියට හරි නරක විදියට හරි විසඳුණ ඔයාගෙ ඉරණම තවමත් ඔයා එක්ක ඇති. ඉතින් අල්තීනායිගෙ ජීවිතෙත් හැරවුම් ලක්ෂය වුණේ දුයිෂෙන් . අල්තීනායි මහාචාර්යවරියක් වෙලා ගමට එන දවස වෙද්දිත් දුයිෂෙන් මහලු ලියුම් බෙදන්නෙක් විතරයි. මිනිස්සුන්ට එහෙම කරන්නෙ කොහොමද දෛවය.. ඒ ගැන පොප්ලරයන්ගෙන් අහමු....