Posts

Showing posts with the label Forget me not

Once in Book - Silver Chapter

Image
   Article :  Dehemi Samarasinghe Image : Sayuri Wijesekara Once in Book                                    දිගම දිග විඩාබර දවස් ගානකට පස්සේ හවස ඉර බහින වෙලාවක මේසේ උඩ තිබ්බ කියවලා ඉවර කරන්න කියලා මගේ ඔලුව උඩට පනින්න කලින්, මම හිතලාම අතට ගත්ත පොත එක්ක උඩු මහලේ ඉස්තෝපුවට උනේ ටිකක් නිදහස් වෙන්න හිතාගෙන... නරක පුරුද්දක් උනත් පොත පෙරලන්නත් කලින්ම දුරබනුව වෙත ආව පණිවිඩ කියවලා ඉවර කරන්න හිතාගෙන අතට ගත්තත්...දැක්කේ වෙන දෙයක්.... ලගින්ම ඇසුරු කරන යෙහෙළියක් ගේ සමාජ් මාධය පෝස්ටුවක නිල් පාට මල් තියන කවරයක් සහිත පොතක් මිලදී ගත්ත කතාවක්...ඔව් ඔයා හරි...මගේ ලැජ්ජා නැති කමටයි පොත් එකතු කරන ලෝබ කමටයි ඒක මම ඇණවුම් කරන්න දෙපාරක් හිතුවේ නෑ....මූල්‍යමය දායකත්වය අයියා දරනවා කියලා කිවුවෙත් පොඩි එකෙකෙ වගේ මගේ ඒකට තිබ්බ ආසාව අයියා දැක්ක නිසාම වෙන්න ඇති.... විනාඩි ගනන්, පැය ගනන්, දවස් ගනන්, ඒක එනකන් ගෙදරින් එලියට අඩියක් වත් නොතියා මගබලන් ඉන්න තරම් මම පරිස්සම් උනා.... ඒ පොත පිටිපස්සේ.මොකද්දෝ නො...

Forget me not - Silver Chapter

Image
   Article : Kanchana Lakmal Image : Sayuri Wijesekara Forget me not ජීවිතේ හමුවීම් කොච්චර නම් පුදුමාකාරද ?  ඒ හමුවීම් වල මතක අපිව කොච්චර දුර අරගෙන යනවද ? සමහර විට නිමේෂයක් , නැත්තන් මුළු ජීවිත කාලෙම වෙන්නත් පුළුවන්. එක් ඍතුවක අපේ සුන්දරම මතකය තවත් ඍතුවක වේදනාකාරිම මතකය වෙන්න පුළුවන්. එතකොට අපි දිග හුස්මක් අරගෙන ඒ මතකය අමතක කරන්න උත්සහ කරනවා. ඔබ වඩාත්ම ආදරය කරන සුන්දර මතකය , ඔබ සදහටම අමතක කල යුතු මතකය වීම කෙතරම් වේදනාවක්ද ? සමහර විට ඕල්‍ යා කියනවා වගේ ඒ මතකය මට අමතක වුනත් මේ සටහනේ තියේවි. -- හැබෑවටම ඒ කෝපි පාට ඇස් මම කොහොම අමතක කරන්නද ?  කොයිතරම් සමාජශීලි කෙනෙක් උනත් කෝපි පාට ඇස් දෙක දිහා බලාගෙන කතාකරද්දි දේවල් අමතක වෙනවා, මාව ගොළුවෙක් බිහිරෙක් කරවනවා ඒක සාමාන්‍යයිද ඕල්යා ??  ( සමාවෙන්න එයා කෝපි වලට වැඩිය කැමති නෑ) මට තේරෙන්නෑ මොකක්ද මගේ ලස්සනම මතකය කියලා. එක මතකයක් තෝරගත්තම ඊට වඩා ලස්සන මතකයක් හිතට එනවා.  මං හිතන්නේ එයාගේ ලස්සනම මතකේ හොයාගෙන මම අනන්තෙටම යාවි වගේ. හැම හමුවීමක්ම අහම්බයක් කියලා හිතෙනවද ඕල්යා? ඔව් එකක් දෙකක් එහෙම වෙන්න පුළුවන්. ඒත් එතනින් එහාට...