Alice Academy - Silver Chapter

 



Alice Academy


ඇලිස් ඉස්කෝලෙ Cartoon එක එහෙමත් නැත්නම් Alice   Academy බලපු නැති කෙනෙක් නැතුව ඇති කියලා මං හිතනවා. මොකද පොඩි කාලෙ අපි ආසම කතා වලින් එකක්නෙ ඒක.

ඒ කාලෙ වැඩි තේරුමක් නැතුව ඕක බැලුවෙ. කතාව ලස්සන නිසා. හැබැයි මට දැනුනෙ Mikan Sakura හරියට මං වගේ කියලා.

ඉතින් කැම්පස් ආවටත් පස්සෙ ආපහු මට ඕක බලන්න ආසාවක් ආවා. එතකොට තමයි මට හිතුනෙ ඒ කතාවෙන් කොච්චර දේවල් කියන්න උත්සහ කරලද කියලා.


තමන්ගෙ හොඳම යාලුවා Hotaru ව බලන්න ආසාවෙන් සෑහෙන්න මහන්සි වෙලා කොහොම හරි Alice Academy එකට ආපු Mikan ගෙ ලස්සන කතාව. 

විශේෂ හැකියාවන්ගෙන් පිරුණු ලමයින්ටම වෙන්වුනු Alice  Academy එකට Hotaru නිසා ආපු Mikan ට මුලදි තමන්ගෙ හැකියාව හොයාගන්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා ඉස්කෝලෙන් අයින් වෙන්න වෙලා තමන්ගෙ යාලුවව දකින්න විදියක් නැති වෙයි කියලා බයෙන් ඉන්න Mikan ගෙ අහිංසක බය මෙතනදි විශේෂයි. ඒ වගේම වෙන කෙනෙක් නිසා, එහෙමත් නැත්නම් Hotaru වෙනුවෙන් Alice Academy එකට ආවා වුනත් Mikan තමන්ටම ආවේණික විශේෂ හැකියාව හොයාගන්න විදියත් හරිම අපූරුයි.

ඒක මට දැනුනෙ නම් මෙහෙමයි. අපි හැමෝටම අපිටම කියල විශේෂ වුනු හැකියාවක් තියෙනවා. හැබැයි අපිවත් ඒ ගැන සමහර විට දන්නෙ නෑ. අපි තාම අපිව හරියට හොයාගෙන නෑ. 


ඒ වගේම යාලුවගෙ හිත දිනාගන්න පුලුවන් හැමදෙයක්ම කලත් ඒ  හැම හොඳ දෙයක්ම වැරදි විදියට වෙලා බාල්දි දාගන්න Mikan ව මට සෑහෙන්න දැනුනෙ වඳින්න යන දේවාල ඉහේ පාත් කරගන්න මං වගේමයි.

ඒ වගේම තමන්ටවත් තමන්ව පාලනය කරගන්න බැරි Natzume ව calm කරන්න තරම් Mikan ට තිබුනු හැකියාවත් ඒ කතාවට අමුතුම රහක් ගෙනත් තිබුනා.

ඒ විතරක්ද ? තමන්ට තමන්ව හොයාගන්න ලමයින්ට උදව් කරන Alice Academy එකේ ගුරුවරු.

ඒ වගේම Ruka - Natzume , Hotaru - Mikan ගෙ සම්බන්ධ තා වල පරස්පර නමුත් ආදරය , මිත්‍රත්වය , එකිනෙකා වෙනුවෙන් තියෙන බැඳීම් Alice academy කතාව පුරාම හරි ලස්සනට ගෙත්තම් කරලා තිබුනා. ඒක හරියට නිකන් අපේ ඇත්ත ජීවිතේදිත් එක එක අය වෙනුවෙන් , අපේ සමීපම අය වෙනුවෙන් අපිට තියෙන විවිධාකාර බැඳීම් හිතට දැනෙන තරමට මං ඒ කතාව ලස්සනට දැක්කා.


ඉතින් මං හිතන්නෙ හැමදේම මං කිව්වොත් Alice  Academy ඔයාගෙ රහට බලන්න බැරිවෙයි. ඒ නිසා Alice Academy බලලා නැත්නම් බලන්න කියලා මං recommend කරනවා.


විශේෂයෙන්ම පොඩ්ඩක් stress වෙලා Demotivate වෙලා ඉන්නවනම් අනිවාර්යයෙන්ම Alice Academy බලන්න.

ඒක ඔයාට ඔයාවම හොයාගන්න , ඔයාට විතරක්ම තියෙන ඔයාගෙ විශේෂ හැකියාව හොයාගන්න ඔයාට සෑහෙන්න උදව්වක් වෙයි.


 _ Sayuri Wijesekara _

Comments

Popular posts from this blog

පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි

රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම - Dandelions

මෙය ඇගේ කතාව නොවේ, ඇගේ මරණයේ කතාව යි