Rustic Decor

 


අරුම පුදුම රටා මවන පොල් කට්ට

Cocos nucifera  යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මුහුදු බඩ ප්‍රදේශවල බහුලව වැඩෙන මෙම පොල් ශාකය පුරාතන ඉන්දියානුවන් සේම ලාංකිකයන් ද කප් රැක ලෙස හදුන්වන බව ප්‍රකට කරුණක්.

එයට එක් හේතුවක් වනුයේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට ඉහළම දායකත්වයක් ලබාදෙන පොල් ශාකයේ සෑම කොටසක්ම ඉතා ප්‍රයෝජනවත් වීමය.

පොල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රධාන ලෙසම,
පොල් මද ආශ්‍රිත නිෂ්පාදන 
පොල් මද ආශ්‍රිත නොවන නිෂ්පාදන 
පොල් කටුව ආශ්‍රිත නිෂ්පාදන 
ලෙස වර්ග කළ හැක. 

ඒ අතුරින්,කලකට පෙර ප්‍රයෝජන රහිත බැවින් ඉවත දැමූ පොල් කට්ට අද වන විට, බොහෝ නිෂ්පාදන වෙනුවෙන් වෙළදපොළ අත්පත් කරගන තිබෙන බව රහසක් නොවේ.

දශක 9කට පමණ පෙරාතුව ඉරාකවරුන් සොයාගත් ඉවත දමන පොල් කටුවෙන් වස්තු සෑදීමේ කලාව ක්‍රමයෙන් දකුණු දිග ඉන්දියාව දක්වා ව්‍යාප්ත වන්නට විය.

කොප්පරා ගසා ඉවත දමන කටුව ශිල්පයක් සේ ප්‍රගුණ කරමින් කවචය කැටයම් කිරීමෙන් ඇරඹි පොල් කටු නිෂ්පාදන අද වන විට  ප්‍රධානතම පරිසර හිතකාමී නිෂ්පාදන ලෙස හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ අද්විතීය ස්ථානයක් හිමි කර ගනී.

පසුගිය දශක කිහිපය තුළ ඉතා ශ්‍රීඝයෙන් ලොව පුරා ප්‍රචලිත වූ පොල් කටු කලාව තුළ, පොල් ගෙඩියේ මූලික අපද්‍රව්‍ය ලෙස සැලකූ පොල් කටුව අමු නිෂ්පාදනයක් ලෙසද, අලංකාර උපයෝගීතා නිෂ්පාදන ලෙසද ප්‍රධාන ලෙසම භාවිතා කරයි

පොල් කටු වල ඇති හොදම කොටස,එනම් තද හා දිගු කල් පැවැත්ම මෙන්ම පහසුවෙන් කැඩී නොයාම මත පොල් කටු නිෂ්පාදන අද වෙළදපොළේ බොහෝ පරිසර හානිදායක නිෂ්පාදනයන්ගේ ආදේශකයක් ලෙස වේගයෙන් තම ස්ථානය තහවුරු කර ගනිමින් පවතී.

පොල් කටු නිෂ්පාදන සෑදීමේදී, සැමවිටම විශබීජ පැතිරීමේ අවදානම අඩුම ලිග්නීන් හොදින් ඝණ වූ පරිණත පොල් ගෙඩියක් භාවිතා කිරීමට ශිල්පියා කටයුතු කරයි. එයට හේතුව වනුයේ, ළපටි පොල් ගෙඩියක් භාවිතා කරන විට සෙල බිත්ති හොදින් ඝණ නොවීම මත විශබීජ පැතිරීමට ඇති අවදානම වැඩි වීමයි.

පොල් ගෙඩියෙන් කවචය ලබා ගැනීමේදී,  කර්නල් කොටස ඉවත් කොට කවචය හොදින් පිරිසිදු කරගනී. පසුව කවචයේ සිනිදු නිමාවක් ලබා ගැනීම සදහා, කිහිප වතාවක් වැලි දමා, "ෂෙල් වෙඩි කෝපින්" කියත් ආධාරයෙන් අපේක්ෂිත හැඩයන් සහ ප්‍රමාණ අනුව කපා වෙන් කරගනී. ඉන්පසුව අවශ්‍ය මෝස්තරය මාර්කර් එකක ආධාරයෙන් කවචය මත සටහන් කරගෙන කෝපින් කියත් භාවිතයෙන් මෝස්තරය වෙන් කර ගනු ලැබේ.

ලබාගන්නා නිෂ්පාදනය ඔප දැමීම සදහා මෙවලම් හා කඩදාසි යොදාගන්නා මුත්, වර්ණ හා ද්‍රව්‍ය භාවිතා නොකරයි. ඉතා අලංකාර විසිතුරු භාණ්ඩ සෑදීමේදී පමණක් ඔපය වැඩි කිරීමට පරිසරයට හානි නොවන විශේෂ ආලේපනයක් භාවිතා කිරීමට ශිල්පියා කටයුතු කරයි.

මෙම ක්‍රියාවලියෙන් ලැබෙන අපද්‍රව්‍ය වන පොල් කුඩු සහ චිප්ස් පවා අපද්‍රව්‍ය ලෙස සැලකීම මදක් අපහසුය. මන්දයත් , පොල් කුඩු හදුන්කූරු නිෂ්පාදන සදහා භාවිතා කරන අතරම, චිප්ස් අලංකාර ගෘහ භාණ්ඩ වල වයනය වැඩි කිරීමට භාවිතා කරයි.

පොල් කටු නිෂ්පාදන ගැන කතාකිරීමේදී, ඉන්දියානුවන් පොල් ගස "කප් රැක" ලෙස හැදින්වීමේ කිසිදු වරදක් නොමැති බවනම් දිගින් දිගටම ප්‍රත්‍යක්ෂ වෙනවා.

 එදා පොල් ගා ඉවත දැමූ පොල් කට්ට, එදිනෙදා වෙළදපොලේ හමුවන පොල් කටු හැදි, භාජන, විසිතුරු භාණ්ඩ වල සිට ඩෙක්ස්ටොප් උපාංග, යතුරු පුවරු, ගෘහ භාණ්ඩ, ජංගම නැවතුම් සේවා භාණ්ඩ උපාංග සෑදීමට දක්වා ව්‍යාප්ත වී ඇත.

මෙම නිෂ්පාදන විදේශ රටවල ඇති විශාල විෂය පථයක් කියාපායි.

වෙළද ක්ෂේත්‍රයේ නිෂ්පාදකයන් සැම විටම අවධානය යොමු කරනුයේ, සැලකිය යුතු ඉහළ වෙළදපොළක් සහිත, හොද තත්වයේ පරිසර හිතකාමී නිෂ්පාදන අවශ්‍ය ගනුදෙනුකරුවන් වෙතය.

තව ද,  Indisutras වැනි ඔන්ලයින් වෙළදපොළවල් හරහා වෙළදපොළ අංශය තුළ හොද ප්‍රවේශයක් ලබා ගැනීමේ වෙළදපොළ අවස්ථා  නව තාක්ෂණ‍යත් සමග ක්‍රමයෙන් ඇති වේ

පොල් කට්ටේ පුනරාවර්තනය  ශක්තිමත් පොල් කටු ගෘහ භාණ්ඩ වල සිට ස්වර්ණාභරණ දක්වා යා හැකි අද්විතීය කලා කෘතියක එක් පරිච්ඡේදයක් ය.

පාරින්ද්‍යා තාරුකී
සත්ත්ව විද්‍යාව හා අපනයන කෘෂිකර්ම පීඨය.
Design - Kalpa Randeni

Comments

Popular posts from this blog

පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි

රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම - Dandelions

මෙය ඇගේ කතාව නොවේ, ඇගේ මරණයේ කතාව යි