රස ගුණ පිරි ඉරිඟු බත්
රස ගුණ පිරි ඉරිඟු බත්
ඉරිගු කිව්වම අපි කාගෙත් මතකයට එන්නේ කහ පාට ලස්සන තම්බපු සුවඳ හමන බඩ ඉරිගු කරලක් නේද.
ඉතින් මේ ඉරිඟු වලින් බත් එකක් ගන්න තියෙනවනම් කොච්චර හොඳයිද.ධාන්‍ය වර්ග අතර බාල මහලූ බොහෝ දෙනෙක් ඉතාමත් කැමැත්තෙමි ආහාරයට ගන්න ධාන්‍ය වර්ගයක් මේ මේ බඩ ඉරිඟු කියන්නේ.
ඈත අතීතයේ ඉඳන්ම බඩඉරිඟු ආහාරයට එකතු කරගන්න ධාන්‍ය වර්ගයක්.
ඇමරිකාව තමයි මේ බෝගයේ නිජබිම.මේ වන විට බොහෝ රටවල මෙම බෝගය වගා කරමින් තියෙනවා.
මේ වන විට බොහෝ රටවල මෙම බෝගය වගා කරමින් තියෙනවා.ඒ අතරිනුත් අපේ ලංකාව ප්රමුඛ තැනක් ගන්නවා මේ බඩ ඉරිඟු වලට.
සමහරු තම්බලා, සමහරු පුච්චලා, තවත් සමහරු විවිධ බොහෝ ක්රමයන් වලට මේ බඩ ඉරිඟු ආහාරයට ගන්නවා.
ඉතින් මේ බඩ ඉරිඟු වලින් රසම රස බත් එකක් අපිට සාදාගන්න පුළුවන්.ඌව පළාතේ මේ ආහාරය බොහොම ප්‍රසිද්ධයි.
මේ කෑම හදාගන්න අපිට ඕනේ ඉරිඟු ඇට හෝ මෑ ඇට හෝ කව්පි ඇට තවත් අපට අවශ්‍ය නම් මුං ඇට වගේ තමන් කැමති ධාන්‍ය වර්ගයක් එකතු කරගන්න පුළුවන්.
ඉතින් මේක අපි හදාගන්නෙ ඉරිඟු ඇට හා කව්පි ඇට එකට කලවම් කරලා ජලයේ විනාඩි 45ක් පමණ පෙඟෙන්න තියෙන ඉරිඟු ඇට හා කව්පි ඇට මැටි මුට්ටියක දාලා ජලය ඒ ඇට වැසෙන තරමට පුරවලා අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාලා මදගින්නේ ජලය හිදෙනකල්ම හොදින් තම්බාගෙන ලිපෙන් බාගන්න ඕන.ඊටපස්සේ තම තමන්ගේ කැමැත්ත අනුව ලුණු මිරිසක් හරි ගාගත් පොල් එක්ක හරි අපට මේ රසම රස ඉරිගු බත් එක ආහාරයට ගන්න පුළුවන් .
මතක් වෙද්දීත් කටට කෙල උනනවා වගේ නේද ?ඉතිං රස වගේම තමා මේ බත් එකේ තියන ගුණයත් ඉතාම ඉහලයි.
ප්‍රෝටීන්,විටමින්,යකඩ,කාබෝහයිඩ්රේට්,සෙලේනියම්,පොටෑසියම්,පොස්පරස්,බහු අසංතෘප්ත මේදය ආදී වූ පෝෂ්‍ය පදාර්ථ රැසක්ම මේ බත් එකේ අඩංගු වෙනවා.
ඒ වගේම ශරීර බර වැඩි කරගන්න ,අර්ශස් සුව කර ගන්න,රක්තහීනතාවය සුවකරගන්න,ස්නායු රෝග ඇති වීම වලක්වා ගන්න,පිළිකා ඇති වීම වලක්වා ගන්න,හර්ද රෝග වලක්වා ගන්න ,අක්ෂි රෝග වලක්වා ගන්න , දියවැඩියාව පාලනයට වගේ ගොඩක් රෝග පීඩා වලක්වාගන්න අපට මේ ආහාරයෙන් පුළුවන් .
මේ ආහාරය ගර්භණී හා කිරි දෙන මව්වරුන්ට ගොඩක් හොඳ ආහාරයක්.
ඉතිං දැන් වෙළඳ පොලේ අපට ඉතා අවම මිලකට මේ බඩ ඉරිගු බත් එක මිලදී ගන්න පුළුවන් .බඩ ඉරිගු ඇට,කව්පි ,මුං වගේම හාල් ද එකතු කරලා සියලුම අමුද්‍රව්‍ය එකට එකතු කරලා හදපු ඉතා වටිනා රස ගුණ පිරි ආහාරයක් ඉතා අවම මිලකට දැන් අපට වෙලදපොලෙන් ලබා ගන්න පුළුවන් .
මේක ලංකාවේ දැන් පවතින ආර්ථික අර්බුදයත් එක්ක ඉතා හොඳ ආහාරයක් .සහනදායී මිලකින් රසවත් ගුණවත් ආහාරයක් ගන්න පුළුවන් නම් අපි කාටත් මේ කාලයේ ගොඩක් වටිනවා නේද?...
ඉතිං ඔයාලත් අදම බඩ ඉරිගු බත් එකක රස බලන්න අමතක කරන්න එපා.ලොකු පොඩි කාටත් ඉතා ම ගුණදායී රසවත් කෑමක්.
Hiranya Sandumini
Faculty of Management
Design : Hansi Shaneesha
Comments
Post a Comment