Digital අස්න - සෙංකඩගල පෙරහැර මංගල්‍යය - ඉතිහාසය
සෙංකඩගල පෙරහැර මංගල්‍යය
ලක්වාසීන්ගේ මුදුන් මල්කඩ බඳු වූ ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට ගනිමින් වාර්ෂිකව ලෝ වාසීන්ගේ ආකර්ෂණය මහනුවර නගරයට ඈඳා ගනිමින් නිකිණි මස පුරාවට පවත්වන්නා වූ සෙංකඩගල පෙරහැර මංගල්‍යයයෙහි ඉතිහාසය ක්‍රි.පූ. 3 වන සියවස තෙක් දිවයයි.
නිසි කලට වැසි ලබා ගැනීම සඳහා දෙවියන් උදෙසා කන්නලව් කිරීමෙහි ලා ක්‍රි.පූ. 3 වන සියවසේදී ඇරඹි ඇසළ පෙරහර ක්‍රි.ව. 4 වන සියවසේදී බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 800කට පසු උන්වහන්සේගේ පූජනීය දන්ත ධාතූන් වහන්සේලා දඹදිව සිට මෙරටට වැඩමවූ පසු දළදා පෙරහැර ආරම්භ වූ බව විශ්වාස කෙරේ.
ඒ අනුව පසුකාලීනව නිල වශයෙන් 18 වන සියවසේදී සිංහලේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් දෙවියන් උදෙසා පැවැත්වූ ඇසල දේව පෙරහැරට දළදා පෙරහැර එක් කරන ලදී.
එතැන් පටන් අද දක්වා නිකිණි මස දින ගණනක් පුරාවට පැවැත්වෙන මෙම සෙංකඩගල ඇසල පෙරහැර සතර මහා දේවාල පෙරහැර වලින් සහ දළදා පෙරහැරින් සමන්විත වේ.
නාථ දේවාල පෙරහැර , විෂ්ණු දේවාල පෙරහැර , කතරගම දේවාල පෙරහැර , සහ පත්තිනි දේවාල පෙරහැර යනාදියෙන් සතර මහා දේවාල පෙරහැර සමන්විත වේ.
ඒ අතුරින් පුමුඛතම හා වැදගත්ම වනුයේ දළදා පෙරහැර වේ.
ඒ අනුව දළදා මාළිගාවෙහි නැකැත් පත් සෑදිමේ නියුතු නැකැත් රාල විසින් සම්පාදනය කරන " නැකැත් අනුව කාරිය කරවන කෝරාළ " විසින් චාරිත්‍රානුකූලව ගම් දහයේ විදානේලාට පෙරහැර පවත්වන දිනයන් හා නැකැත් වේලාවන් දැනුම් දෙනු ලැබේ.
අනතුරුව පෙරහැර සඳහා සතර මහා දේවාලයන්හි කප් සිටුවා අලුයම දිය කැපීමේ චාරිත්‍රය සිදු කරයි.
අනතුරුව නියමිත නැකැත් අනුව ඇතුලේ පෙරහැර , කුඹල් පෙරහැර , රන්දෝලි පෙරහැර , දවල් පෙරහැර යනාදියෙන් සමන්විත සෙංකඩගල පෙරහැර මංගල්‍යය කසකරුවන් , ගිනිබෝල කරුවන් , වෙස් නැටුම් කණ්ඩායම් , හස්ති රාජයන් හා දියවඩන නිළමේ පෙරටු කර ගනිමින් ලක්වාසීන්ගේ අභිමානය හා හෙළ සංස්කෘතිය ලෝ වාසීන් වෙත මොනවට කියාපාමින් වීදි සංචාරය කරනු ලැබේ.
_ Sayuri Wijesekara _
Comments
Post a Comment