Digital අස්න - සෙංකඩගල පෙරහැර මංගල්‍යය - කුඹල් පෙරහැර

 





ඉන්දියාවේ ආෂාඨ උත්සව හෙවත් ඇසළ කෙළියේ පරිණාමයෙන් ඇති වූවක් ලෙස සැලකෙන සෙංකඩගල පෙරහැර මංගල්‍යයෙහි ඉතිහාසය හා මූලිකාංග පෙර ලිපියෙන් දැක්විනි.

එහි සඳහන් වූ පෙරහැර මංගල්‍යයෙහි කප් සිටුවීම, දේවාල පෙරහැර හා කුඹල් පෙරහැර දිනයන් පිලිබඳව සවිස්තරාත්මක අදහසක් මෙම ලිපියෙන් ගෙන ඒමට අදහස් කරන්නෙමු.


කප් සිටුවීම 

දළදා මාළිගාවේ " නැකැත් මොහොට්ටාල " විසින් නියම කල සුබ මොහොතින් කප් සිටුවීමෙන් පෙරහැර ආරම්භ  වේ.

නිකිණි මස අමාවකට දින කිහිපයකට පෙර සතර මහා දේවාලයන්හි මූලිකත්වයෙන් අලුත් නුවර හෝ සුදුසු දේවාල භූමියකින් වියත් තුනක වට ප්‍රමාණයෙන් යුතු නෑඹුල් හෙවත් ඵල නොදැරූ කොස් ගසක් තෝරා ගෙන එම කොස් ගසට පුද පූජා පවත්වා එහි අරක් ගත්  වෘක්ෂ දේවතාවක් වේ නම් ඉන් ඉවත්ව යන ලෙස ආයාචනා කොට එම ගස කපා ගනී. 

අනතුරුව එහි කඳෙන් රියන බැගින් දිගැති කොටස් හතරක් කපාගෙන පෙරහැරින් ගෙන ගොස් සතර මහා දේවාල භූමියෙහි සිටු වීම " කප් සිටුවීම " නම් චාරිත්‍රය වේ.


දේවාල පෙරහැර 

දින පහක් පුරාවට බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් තොරව හා වස්ත්‍රාභරණයෙන් සැරසුණු අලි ඇතුන් , පෙරහැර ශිල්පීන්ගෙන් තොරව දේවාල රාජකාරීබසිදුකරන ඇඳුම් වලින් සැරසී සතර දේවාලයන්හි කපුවන් දේවාලයට රන් ආයුධ කප වටා වැඩම කරවමින් කුඩ, කොඩි , සේසත් , දවුල් හා හොරණෑ සහිතව සිදුකරන පෙරහැර " දේවාල පෙරහැර " නම් වේ.


කුඹල් පෙරහැර 

" අඩක් නිම වූ පෙරහැර " හෙවත් "කුඹල් පෙරහැර " ලෙස හැඳින්වෙන මෙම පෙරහැරෙහි අතීත ජනප්‍රවාදය මෙසේය.

අතීතයේදි පළමු දළදා පෙරහැර වීදි සංචාරයට ප්‍රථම අලුත් වළං කදක් රැගත් කුඹල් කරුවෙකු පෙරහැර ඉදිරියෙන් ගමන් කළ හෙයින් මෙය කුඹල් පෙරහැර ලෙස නම් ලද බව පැවසේ.

පෙරමුණේ රාල , ගජනායක නිළමේ , කාරිය කරවන රාල , දියවඩන නිලමේ , ආදී නිළධාරීන්ගේ  සහ 

කසකරුවන් , කොඩි , සේසත් , ​පන්දම් දරන්නන් , පාවඩ කරුවන් , දවුල් බෙර , හොරණෑ ශිල්පීන් සහ නර්තන ශිල්පීන්ගෙන් මෙම කුඹල් පෙරහර සමන්විත වේ.

දේවාල පෙරහැර පවත්වා පස්වන දිනයේ සතර මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් රන් සිවි ගෙයක් තුළ රන් ආයුධ තැන්පත් කර ඇතු මතින් දළදා මාලිගයේ දේව සංහිදේ දී දළදා කරඬුව සහිත රන්සිවි ගෙය ​වැඩමවීම මෙහි මූලික අංගය වේ.


_ Sayuri Wijesekara _


Comments

Popular posts from this blog

පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි

රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම - Dandelions

මෙය ඇගේ කතාව නොවේ, ඇගේ මරණයේ කතාව යි