The First Teacher - Silver Chapter

 


Article : Waruni Vishakha

Image : Sayuri Wijesekara


අයිලයක අප්‍රකාශිත පෙම් පුරාවෘත්තය


එදා මන්දාරම් හවසක්. උණු කෝපි කෝප්පයක් හදාගෙන පොත් රාක්කය ලඟට ගියේ ඒ වෙලාව පොතක් කියවන්නම සොබාදහම මවපු වෙලාවක් වගේ නිසා.පරිසරයෙ තිබුණෙ නිවිච්ච බවක්. 

දන්නවද , පොත් අතරෙ අත ගෙනියන හැම සැරේකම මාව අතරමං කරන පොඩි පොතක් තියෙනව. එදත් මම අනිත් හැම අලුත් පොතක්ම මඟහැරල ගිහින් ඒ චූටි පොත අතට ගත්ත. ඉතින් ඒක කියවන්න ගත්තෙ 25 සැරේට විතර වෙන්න ඇති . පහ වසරෙ ඉඳලම කියවනව සැරින් සැරේට . ඒත් මම වයසින් වැඩෙනවත් එක්කම ඒ පොතේ වචනයක් ගානෙ තිබුණ ගැඹුර වැඩි වැඩියෙන් දැක්ක. ඒ නිසා වෙන්න ඇති තවම කියවන්නෙ.

ඔයා චුට්ටක් මතක් කරල බලන්න . ඔයාගෙ කතාව ඇතුලෙ එයාලගෙ පරිච්ඡේද ඉවර කරල ඈතටම ගියපු මිනිස්සු හුඟක් ඇති. ඒත් එයාල නිසා ජීවිතේ යම් කිසි කාලෙක හොඳ විදියට හරි නරක විදියට හරි විසඳුණ ඔයාගෙ ඉරණම තවමත් ඔයා එක්ක ඇති. ඉතින් අල්තීනායිගෙ ජීවිතෙත් හැරවුම් ලක්ෂය වුණේ දුයිෂෙන් . අල්තීනායි මහාචාර්යවරියක් වෙලා ගමට එන දවස වෙද්දිත් දුයිෂෙන් මහලු ලියුම් බෙදන්නෙක් විතරයි. මිනිස්සුන්ට එහෙම කරන්නෙ කොහොමද දෛවය.. ඒ ගැන පොප්ලරයන්ගෙන් අහමු. 

එන්න අපි කියවමු " ගුරුගීතය!" 

දුයිෂෙන් - අල්තීනායි අප්‍රකාශිත ආදරය. ආදරය හිමිවෙන්න ඕන කියල දකින දාහක් දෙනා අතර අහිමි වීමම ප්‍රේමයක් කියල හිතපු නිසාද දුයිෂෙන් නිහඬවම හිටියෙ . කාත් කවුරුත් නැති අල්තීනායි වෙනුවෙන් කොන්දේසි විරහිතවම ඉදිරිපත් වුණා දුයිෂෙන් , අයිලය උඩ සරුවට වැඩුණු පොප්ලර් ගස් විතරක්ම දන්න දුයිෂෙන්ගෙ හිත ඔහු ඔහුගෙන් පවා වසන් කලා. ඉතින් තමන්ගෙ ආදරවන්තියගේ දියුණුව වෙනුවෙන් ඇයව නගරයට යවල ඔහු තමන්ගේ ප්‍රේමය සත්‍යාපනය කලා.ඉතින් ඇයි දුයිෂෙන් අල්තීනායි ගමට එන දවස වෙද්දිත් තනිකඩ.. ? ඒත් ආදරය නිසාමයි. 

අල්තීනායි ජීවිතේ මොන තරම් සාර්ථකත්වය අත්පත් කරගෙන තිබුණත් , ජීවිතයේ හමුවේවි යැයි බලාපොරොත්තු සහිතව සිට අහිමි වූ ප්‍රේමය නිසා තවත් වතාවක් මැදි වියේදීත් සෝතාපයට පත් වූ අසාමාන්‍ය සාමාන්‍ය ගැහැණියක්. ඉතින් ඇයට අයිලය පුරා විහිදුණු ප්‍රථම ප්‍රේමයේ මතක අමතක කරන්නට මියෙන තුරු නොහැකි වේවි. ඉතින් එකම එක පිලිතුරු ලිපියකින් දුයිෂෙන් ඇයට ප්‍රේමය සම්බන්ධ ඉඟියක් හෝ දුන්නා නම් ඇයගේ ජීවිතය මීටත් වඩා සෞභාග්‍යමත් වන්නට ඉඩ තිබුණා යැයි මට සිතෙන්නේ ගැහැණුන් ජීවත් කරන්නේ ආදරය බව තරයේ විශ්වාස කරන නිසාවෙනි. 

අව්‍යාජ ආදරය සෑම විටෙකම දෙහදක් සතුටින් තබනු ඇත. වසන්කර තබන ආත්මගත ප්‍රේමකතා එම දෙහදමත් , එම කතාව අහන දකින දහසක් හදවතුත් වරින් වර සංවේදී කරනු ඇත. ඉතින් නිහඬ පෙම්වතුනි, නුඹට හැකි නම්  ඇයගේ කතාවේ මඟහැරුණු පරිච්ඡේදය නොවී , සැබෑ වූ සිහින ලියවෙන පරිච්ඡේදය වන්න. 


- වරුණි -

Comments

Popular posts from this blog

පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි

රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම - Dandelions

මෙය ඇගේ කතාව නොවේ, ඇගේ මරණයේ කතාව යි