Forget me not - Silver Chapter
Article : Kanchana Lakmal
Image : Sayuri Wijesekara
Forget me not
ජීවිතේ හමුවීම් කොච්චර නම් පුදුමාකාරද ?
ඒ හමුවීම් වල මතක අපිව කොච්චර දුර අරගෙන යනවද ?
සමහර විට නිමේෂයක් , නැත්තන් මුළු ජීවිත කාලෙම වෙන්නත් පුළුවන්.
එක් ඍතුවක අපේ සුන්දරම මතකය තවත් ඍතුවක වේදනාකාරිම මතකය වෙන්න පුළුවන්. එතකොට අපි දිග හුස්මක් අරගෙන ඒ මතකය අමතක කරන්න උත්සහ කරනවා.
ඔබ වඩාත්ම ආදරය කරන සුන්දර මතකය , ඔබ සදහටම අමතක කල යුතු මතකය වීම කෙතරම් වේදනාවක්ද ?
සමහර විට ඕල් යා කියනවා වගේ ඒ මතකය මට අමතක වුනත් මේ සටහනේ තියේවි.
-- හැබෑවටම ඒ කෝපි පාට ඇස් මම කොහොම අමතක කරන්නද ?
කොයිතරම් සමාජශීලි කෙනෙක් උනත් කෝපි පාට ඇස් දෙක දිහා බලාගෙන කතාකරද්දි දේවල් අමතක වෙනවා, මාව ගොළුවෙක් බිහිරෙක් කරවනවා
ඒක සාමාන්‍යයිද ඕල්යා ??
( සමාවෙන්න එයා කෝපි වලට වැඩිය කැමති නෑ)
මට තේරෙන්නෑ මොකක්ද මගේ ලස්සනම මතකය කියලා. එක මතකයක් තෝරගත්තම ඊට වඩා ලස්සන මතකයක් හිතට එනවා.
මං හිතන්නේ එයාගේ ලස්සනම මතකේ හොයාගෙන මම අනන්තෙටම යාවි වගේ.
හැම හමුවීමක්ම අහම්බයක් කියලා හිතෙනවද ඕල්යා?
ඔව් එකක් දෙකක් එහෙම වෙන්න පුළුවන්. ඒත් එතනින් එහාට !
මිනිස්සු ඒ හමුවීම් වලට ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒත් අන්තිමට හිස්තැනක් ඉතිරි වෙනවා හමුවීම් සුන්දරද ? වේදනාකාරීද ? කියලා.
මම දන්නෑ මගේ හමුවීම එයාට හම්බවෙන සුන්දරම හමුවීම වෙයිද කියලනම්, ඒත් මට විශ්වාස කරන්න පුළුවන් ඒක වේදනාකාරිම හමුවීම නම් නොවේවි.
සමහර වෙලාවට මට මතක් කරන්න වෙනවා " ඇයි මම මෙයාට මෙච්චර කැමති කියලා " දන්නවද ඕල්යා කොච්චර කල්පනා කරත් අන්තිම නිගමනයක් මට ඇවිත් නැහැ.
එහෙම නිගමනයකට එන්න මම බය ඇති , අනිත් දේවල් වලට මම අකමැති වෙයි කියලා.
කොතනකදි හරි මම මගෙන්ම අහාවි " තවදුරටත් අල්ලගෙන ඉන්නවද ?
නැත්තම් අතහරිනවද ? කියලා. ඒ දේට උත්තරේ මම දැන්ම නොහිත ඉන්නම්. සමහර විට එදාට මට අලුත් හේතුවක් තියෙන්න පුළුවන් අල්ලගෙන ඉන්න.
දවසක් මම කෙනෙක්ගෙන් ඇහුවා
- " අපි කොහොමද කාවහරි අමතක කරන්නේ"
- " අපිට කාවවත් අමතක කරන්න බෑ, එහෙම කරන්න නම් අපිට මැරෙන්න වෙනවා"
ඔව් ඒක ඇත්ත. සුන්දර වුනත් වේදනාකාරි උනත් අපි කොහොමද කාවවත් අමතක කරන්නේ.
__________________
මම මේ පොත දිගේ ටික දුරක් යද්දි අතරමං උනා.. පොත ඇතුලේ නෙවේ , " මම කොහොමද මේක කියවලා ඉවර කරන්නේ , මේක ඉවර උනාට පස්සේ මම මොකද කරන්නේ" කියන හැගීම ඇතුලේ..
ඈත කදුකරයක තියන කදුකර හුළගට , මුහුදු වෙරලේ වැතිරිලා සන්සෙට් වීදියෙන් එන වයලීන් හඩකට අතරමං
නොවී ඉන්න පුළුවන් කාටද ?
ඔයා දන්නවද , පිටු 224 කට පුළුවන් මේ ලෝකේ තියන සුන්දර හැගීම් ඔයාගේ හිතට ගේන්න. එතකොට ඔයාට තේරෙවි ප්‍රේමයට වඩා සුන්දර දේවල් මේ ලෝකේ කොච්චර නම් තියනවද කියලා.
ඔයාට හිතාගන්නවත් පුළුවන් ද හැම දේකටම අවසානේ ගැලපීමක් තියෙයි කියලා. මට තේරෙන්නෑ මේකේ අවසානෙදි මම කෑ ගහලා අත්පුඩි ගහන්න ඕනිද ?
නැත්තන් පරණ දේවල් මතක් කර කර අඩන්න උනත් පුළුවන්..
ඒත් මං ඒ දෙකම අතරේ හිරවෙලා.. ඒක නිකම්ම නිකං හිස් හැගීමක්. මිනිස්සුන්ට ජීවිතෙ එකම එක පාරක් හරි දැනෙන්න ඕනි හැගීමක්.
මම ඔට්ටුවක් අල්ලනවා ! ඔයා මේක කියනවනකොට බලාහිදින්නෙක් වේවි. ඒක නිකං හරියට පොඩි ලමයෙක් තරු පායනකං නොඉවසිල්ලෙන් රෑ අහස දිහා බලාගෙන ඉන්නවා වගේ.
මම මේක ගත්තේ කෙනෙක්ට තෑගි කරන්න හිතාගෙන. සමහර විට එයාට මාව අමතක වෙන්න පුළුවන් නේ !.
ඒත් මට දැන් මේක දෙන්න බයයි.
එයාට මාව අමතක වෙනවට බයේ නෙවේ,
මට මාව අමතක වෙයි කියලා බයයි.
මගේ සුන්දරම මතක එක්ක මේක මං ගාව තිබුනාවේ , ඔයාව මතක් වෙන්න. ☺️
_ කංචු _
Comments
Post a Comment