මෙය ඇගේ කතාව නොවේ, ඇගේ මරණයේ කතාව යි
Picture Credit: Thisal Walgampaya Written by Sandani Chamoda |
මරණය කියන්නේ ඉපදෙන හැම හැමෝටම උරුම දෙයක්.අපි ඉපදිනකොට උප්පැන්න සහතිකයක් ලැබුණාම ඒක අපිට පස්සේ කාලෙක දකින්න පුළුවන්.ජීවිත කාලයේ දී තවත් ගොඩක් සහතික අපිට ගන්න පුළුවන්.හැබැයි මරණ සහතිකය මැරෙන්න කලින් අපිට බලාගන්න බෑ.ඒත් සමහර පුද්ගල චරිත තියෙනවා. මරණ සහතිකය දෑතින්ම දරාගෙන ජීවත් වෙන සහ ඉතිහාසය එහෙම ජීවත් වුණා.මියගියත් මිනිසුන්ගේ හදවතේ ජීවත් වෙන්න හැමෝටම බෑ.ලෝකයේ එහෙම චරිත තියෙන්නේ බොහොම සුළු ප්රමාණයයි.
1,997 අගෝ අගෝස්තු 31 මරණය සිදු වුණත් අදටත් නම කියූ සැණින් චිත්තරූප මැවෙන ආදරණීය චරිතයක්.ඇය නමින්,ඩයනා.
ඩයනා සමාන්‍ය පවුලක ලස්සන තරුණියක්. හැබැයි බ්‍රිතාන්‍ය රජ පවුලට එකතු වුණාට පස්සේ ලෝකයේම අවධානය දිනාගත් ලස්සන රජ කුමරියක්. ඇයගේ දීප්තිමත් ඇස් වලට වසඟ නොවන අයෙක් නොමැති තරම්.
ඇය විවාහයට කවදාවත් හිතන්න නැතිව ඇති ඇය යන්නේ මරණ මංචකය අභියසට බව. කෘර මිනිස්සු ඉන්න සිර කඳවුරකට බව. එහෙම හිතුවා නම් අදටත් ඇය මේ ලෝකේ කොහේ හෝ ඉඳලා මිනිස්සුන්ට ආදරයෙන් කතා කරාවි. රජ පවුලත් එක්ක ගැටෙන්නට නොගියා නම් අදටත් විලියම්, හැරී කුමරුවන්ට ආදරණීය අම්මා කෙනෙක් ඉඳීවි. එත් කර්මය කියන දේ අපිට වෙනස් කරන්න අපිට හරි අමාරු යි. තමන් ප්‍රියතම නගරයේ මරණයත් සිදුවෙන එකත්, කෙනෙක්ට වෙන්න පුළුවන් අහඹු සිදුවීමක්. ඩයනා කුමරිය දැනගෙන හිටියා ඇයට රිය අනතුරකින් මිය යාමට සිදුවෙන බව. ඇය නිතරම ඒ ගැන සැලකිලිමත් වුණා. හැබැයි කර්මයට එරෙහිව නැගී සිටින්න ඇයට බැරි වුණා.
මොහොමඩ් අල්ෆයෙඩ් ගේ උපායශීලී බවත්, ඩෝඩි අල්ෆයෙඩ් ගේ ස්ථානෝචිත ප්‍රඥාව නොමැතිකමත්, ඩයනා කුමරිය තම සිතුවිලි වලට වහල් වීමත්, චාල්ස් කුමාරයාගේ දුර්ජන ක්‍රියා ත්, මහා රැජිනියගේ උඩඟු කමත්, මේ සියල්ල ඉතිහාසයේ තවත් එක් දවසක් මුළු ලෝකයම අඳුරු කළා.
මිනිස්සුන්ගේ අසීමිත ආශාවන් , බල තණ්හාව, පුහු මාන්නය තමන්ගේ විනාශයට හේතු වෙනවා කියල පැහැදිලි කරන්න පුළුවන් අඳුරු කතාවක්. අදටත් ලෝක සිදුවුණා සන්කීර්තම අබිරහසක්.
සටහන: සඳනි චමෝදා
Comments
Post a Comment