රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම - Dandelions
Article : Hiranya Sandumini
Cover : Sayuri Wijesekara
රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම
හැමෝම එන්න බය උන අපේ බෝඩිම...
රඹුක්පොත හොල්මන් වලව්ව...
හැමෝගෙම කටේ තිබුන එකම ප්‍රශ්නය
" අනේ කෙල්ලෝ තුන්දෙනෙක් ට විතරක් තනියම ඉන්න බය නැද්ද ...?"
තව ප්‍රශ්න කීපයක් ම තිබුනා .
"ආනේ ඒකද ඔයාලාගේ බෝඩිම?"
"අප්පේ ඒකෙ ඉන්නේ කොහොමද අනේ?"
''අහලා නැද්ද ඕකේ හොල්මන් නේ"
මේවා අපට හුරු ප්‍රශ්න උනා ටිකක් කල් යද්දී
හොල්මන් නෑ කිව්වත් පාලු හොල්මන් පෙනුමක් තිබුන නිසා හැමෝම හිතුවේ එහෙම .නවතින්න ගිය මුල්ම දවසේ ටිකක් බය හිතුනත් ටික කාලයක් යද්දී මාර නිදහසක් දැනුන රබර් ගස් වලින් වට වෙච්ච ,ලොකු උස යකඩ ගේට්ටුවක් දාපු වත්තක තිබුනු අපේ බෝඩිම .ගස් වලින් වට වෙලා තිබුන නිසා මාර සීතලක් තිබුනේ.ලොකුවට ඉර එලියක් වැටෙන්නේ නැති නිසා කූඩැල්ලන් පිරිච්චි රෙදි වේලගන්න අමාරු මාර නිස්කලංක පරිසරයක තිබුන රඹුක්පොත වලව්වේ වත්තේ තිබුන අපේ පුංචි බෝඩිම.හරියට පුංචි ම පුංචි ගෙයක් වගේ ...
සුදු ඇදගත්තු ගෑනු කෙනෙක් අතුගානවා දැකපු අයත් හිටියා.තව එක එක හොල්මන් චරිත අපේ බෝඩිමේ වත්තේ ඉන්නවා දැකපු අය හිටියා .මාර වැඩේ කියන්නේ ඔය කියන එක චරිතයක් වත් අපි තුන්දෙනාගෙන් එක්කෙනෙක් වත් කවමදාවත් දැකලා තිබුනේ නම් නෑ .මම සමහර වෙලාවට රෑ 12 ට පාන්දර 2 ට 3 ට ත් බෝඩිමට ඇවිත් තියෙනවා සොකරි දවස් වල ඉහේ කෙස් ගානට, කැම්පස් එකේ ඉදලා.රුන්තක ජින්තක චින්තක ,සජ්ජා ,සචිර බොස් රෑ වෙලා බෝඩිමට අපි ඇරලවන්න මහ රෑ ආවම උන් ටික මම බෝඩිමේ දොර ඇරගෙන ඇතුලට ගිහින් හරි කියනකල් අර ගේට්ටුව ලගටවෙලා නරියෝ වගේ උඩු බුරනවා අපි බය කරන්න.එතකොට නම් ඉතින් ටිකක් අර කට්ටිය කියන කතා ඇත්තද කියලා ත් හිතෙනවා ගේට්ටුව ලග ඉදලා බෝඩිමට දුවන ටික වෙලාවට.
ඉතින් ඒ මහ රෑ යක්කු ගස් නගින වෙලාවට වත් අර කියන සුදු ඇදගත්ත ඇන්ටි මට නම් හම්බු වෙලා නෑ කවදාවත්.
දවසක් බෝඩිමේ අනික් සගයෝ දෙන්නා නැති දවසක මගේ තනියට මම එන්න කිව්වා තනි රකින්න මොන්ටිසෝරි කාලේ ඉදන් ම මගේ යාලුවෙක් ට...මාධවී හෙවත් මදාවි .උන්දැ රෑ එලි වෙනකල්ම යූ ටියුබ් එකේ පිරිත් දාගෙන බෝඩිමේ ලයිට් දාගෙන තමා ඉතින් එදා මගේ තනි රැක්කේ....බයකට එහෙම නෙවෙයි ඉතින් .දන් නැද්ද සැකේට වගේ ...😂
දුක්බර මතක ලස්සන මතක හැම එකක්ම තිබුන,එක්සෑම් දවස් වලට නිදා නොගත්ත ,මම නිදා ගත්තත් රූමියෝ පයින් ගහලා ඇහැරවන ,මහ හයියෙන් හිනා උන,විහිලු කර ගත්තු ඒ බෝඩිම ඇත්තටම අපේම ගෙදරක් වගේ දැනුනා...බෝඩිමක් කියන ගතියක් තිබුනේම නෑ ...මොකද බෝඩිමේ ඇන්ටි කියලා කෙනෙක් අපට හිටියේ නෑ ...වටේ පිටේ ඕපාදූප හොයන අය කවුරුත් නෑ අපේ බෝඩිමේ .මාර නිදහසකින් අවුරුද්දක් පුරාවට ජීවත් උන ලස්සන පුංචි ගෙයක් වගේ...ගොඩක් ලමයි ආව ගියේ නෑ අපේ බෝඩිම ට.මොකද හොල්මන් ඉන්නවා කියලා ගොඩක් අය බය උනා...හැබැයි කෙල්ලෝ තුන්දෙනෙක් විතරක් තනියම අවුරුද්දක් කිසිම බයක් නැතුව ජීවිත් උනා...වත්තේ මුරට හිටියා අන්කල් කෙනෙක් පියසේන කියලා .ඌවේ මිනිසුන්ගේ තියන අර කුලුපග ගතිය උපරිමයෙන් තිබුන ලස්සන හදවතක් තිබුන සුන්දර මනුස්සයෙක් . ජීවිතේ ගැන සමහර දේවල් ගොඩක් අපි එක්ක බෙදා ගත්ත දැනමුතුකම් දුන්න අහිංසක අව්‍යාජ මනුස්සයෙක් .
බෝඩිමේ ඇන්ටි කියලා කෙනෙක් නෑ අපට .එයා ලංකාවෙත් නෑ .කාලෙකට ඇවිත් යනවා වත්ත බලලා.ඒක නිසා අපට ලොකු නිදහසක් තිබුනා අපේම ගෙදරක වගේ.
හැබැයි අපි තුන්දෙනාගෙන් කවුරුත් ඒ අසීමිත නිදහස කවදාවත් නරක විදියට පාවිච්චි කරේ නෑ ... පිරිමි යාලුවෝ ආව ගියා තමයි හැබැයි ගේට්ටුවෙන් ඇතුලට කවදාවත් ඇවිත් නෑ ...කතා බහ කරලා,කෑමක් බීමක් දීලා,විහිලුවක් කරලා ගියා මිසක්...
අහ් එක දවසක් එකම එක පිරිමි ලමයෙක් විතරක් ඇවිත් තියනවා...ඒ අර මදාවි කෙල්ල මගේ තනියට ඉන්න ආව දවසේ...මදාවි ට මන් එක්ක බෝඩිමේ වත්තේ තනියම ඇවිදන් අපේ චූටි බෝඩිම ට යන්න බයයි කියලා තව කොල්ලෙකුයි කෙල්ලෝ හතර පහකුත් ආවා නේ. කෙල්ලෝ ටික නම් ආවේ මේ අමුතු හොල්මන් බෝඩිම මොකක් ද කියලා බලන්න .
අන්න එදා තමා බෝඩිමේ දොර ලගටම පිරිමි පරාණයක් ආව පලවෙනි හා අන්තිම දවස...
ඉතින් හරි දුකයි අපට යන්න වෙනවාට.හැමදාම ඉන්න ආවේ නෑ නේ අපි කවුරුත් .ඉතින් ඒ නිසා යන්න වෙනවාමයි...කොච්චර දුකක් දැනුනත් අර ලස්සන මතක අපි තුන්දෙනා මැරෙනකල්ම අපේ මතකේ ලස්සනට තියේවි...
ඉතින් තාමත් ANS සගයොන්ට මම හොල්මන් ගෙදර ලමයා...ANS සුලා බුලා තාමත් එහෙමයි මට කොහෙ දැක්කත් කතා කරන්නේ...මම හරි ආසයි ඉතින් ඒ නමට,මට හරි ආඩම්බරයක් නිර්භීත ගතියක් එනවා ඒ නම ඇහෙද්දිත් , මොකද හැමෝටම ප්‍රශ්නයක් උන ,බයක් දැනුන ඒ වගේ බෝඩිමක මම තව කෙල්ලෝ ම දෙන්නෙක් එක්ක අවුරුද්දක් හිටියා නේ...අවුරුදු 17 වෙනකල් මළ ගෙදර ක නොගිය,මිනියක් නොබලපු ,තාමත් කනත්තක් ලගින් යද්දී ඇස් පියා ගන්න ඒ තරම් බය නැති නිර්භීත මම අවුරුද්දක් ම මේ වගේ තැනක හිටියේ කොහොම ද මන්දා.මටත් හරි පුදුමයි..🩷😅
ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි ...
"හොල්මන් කියන්නේ හෙලවෙන මනසට පුතා"
අදට.....එච්චරයි.....
_W.M. හිරණ්‍යා සදුමිණි._
Comments
Post a Comment