පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි

 




"පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි." 

_සයුරි විජේසේකර_




        මට ඉන්නවා කොහෙන්දෝ පාත් වෙච්ච මගේ Photo copy ටිකක්. කොච්චර ඕන වුනත් උන්ගෙන් ගැලවීමක් නෑ. ඉඳලා ඉඳලා අලුතින් බෝඩිමකට ගියා. බලද්දි ඒකෙත් උන් ඉන්නවා. 


කොහේ හරි ජඩ වැඩක්ද , හොඳ වැඩක්ද , බාල්දියක්ද , පන්සලක්ද පල්ලියක්ද දානෙ ගෙයක්ද බන මඩුවක්ද අදාල නෑ ඕන එකටයි එපා එකටයි හැම එකටම ඈඳිලා යන,

"පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි!"


 ඉතින් රන්දි ගෙදර භාසා පරිවර්තක ඉංගිරිසි බාසාවෙන් අනූන හිපෝ , සෙට් එකා උනන්දුවා හැමතිස්සෙම කන්න දෙයක් හොයන සිප්පියා , සුදුතාත්තිගෙ සුදාම්මි නොහොත් චීම්ස් , "Batticaloa" වලට බට්ටිකොල කියල pronounce කරපු දවසක් හරි  වැඩියෙන් ජීවත් වෙන්න ආසාවට side effects වලට බයේ බෙහෙත් බොන්නෙ නැති බට්ටිකොලයා සහ නැණවත් ගුණවත් රූමත් යන යන තැන් වල වැටෙන්නෙ නැති සහ අහක යන බාල්දි දාගන්නෙ නැති මගෙන් මෙම රන්දි ගෙදර ලමා සමාජය සමන්විතයි.ඉතින් මුන් ටික නිසා වෙච්චි අකරතැබ්බ සහ ආතල් සිද්ධි ටිකක් මං කියන්නම්.


මං ඉන්නෙ බෝඩිමේ පහල තට්ටුවෙ මට අදාලම නැති ඛනිජ කටයුතු හා පතල් කැනීම් කරන ගල් කාරියො ටිකක් එක්ක. උන් ගැන වෙනම එකක් ලියන්න ඕනි.නැත්නම් මං ආපහු මගේ වාසස්ථානයට ගිහින් ඉවරයි. උන් මට දොර අරින එකක් නෑ.

ඉතින් මේ අනිත් සංසාරගත මල හෝන්තු ටික ඉන්නෙ උඩ තට්ටුවෙ.

ඔන්න උදේම මං නැගිටිනවා.කොහෙන් හරි පචයක් හොයාගන්නවා. ගිහින් ඒ කේලම් ටික කියල ඉවර වුනාම ඔන්න නිකමට කි​යවෙනවා කොහේ හරි යමුද ඒයි කියල.


උනුත් ඉතින් එක පයින් හා..!!


ඔන්න කලබලේට photo වලට ලස්සනට පේන ඇඳුම් හොයන්න ඊලඟ භීෂණාත්මක විනාඩි කිහිපය ගතවෙනවා. 

ඊට පස්සෙ පාරටත් ගිහින් තමයි කල්පනා කරන්නෙ කොහෙද යන්නෙ කියලා.


අපේ පලවෙනි trip එක තමයි මං අදටත් ආසම.ආහ් ඒ ගමනට රන්දි ගෙදර ලමයින්ට collaborate කලා මණ්ඩුක භවනේ අධිපති නිට්ටෑ හාමිනෙත්. ( *උන්ගෙ බෝඩිමේ ගෙම්බො පිරිලා. දැස් වයි දේ කෝල්ඩ් ඉට් ඈස් මණ්ඩුක භවන)


 ඉතින් අපි යන්න ගියේ රාවණා ඇල්ල බලන්න. අන්තිමට රාවණා ඇල්ල ඇරෙන්න මුලු ඇල්ලම පීරුවා බස් එකේ හිටපු කොන්දොස්තර මාමගෙ උපදෙස් වලට පින් සිද්ධ වෙන්න.

 ආරුක්කු නවයයි , පුංචි සිරීපාදෙයි , ලස්සන පයින් ගස් කැලයක් මැදින් වැටුනු දෙමෝදර රේල් පාර දිගේ ​අලුතින් පාරවල් හොයාගෙන කකුල් දෙකට වැඳ වැඳ ගියපු ගමන අපි ආපහු ගිහින් ආපු විදිය අදටත් පුදුමයි.


මගදි tamil තේ දලු නෙලන නැන්දලා දෙන්නෙක් අපිව දැකලා ඇහුවා " photo ! photo !! " කියලා.

අපිත් අනේ පව් අපිත් එක්ක photo එකක් ගන්න ආස හිතිලා කියල උඩ පැනලා ගිහින් selfie එකක් ගත්තා.

මිත්‍රවරුනි. ජීවිතේ කවදාවත් ඒ වැඩේ කරන්න එපා. ඇයි කියල අහන්නත් එපා.


( " මනී නෝ ?" ගගා පස්සෙන් එලෙව්වා දෙයියනේ. සන්තකේටම තිබ්බ රුපියල් සීයක් දීලා බේරුනේ )


ඔන්න ඉතින් පිස්සු නට නට අමාරුවෙන් ගියපු ගමනේදි පාර වැරදෙන්න ගිහින් එක පාරක් වාසනාවට බේරුනා.

ආපහු එද්දි තව පොඩ්ඩෙන් බඩගින්නට buy 1 get 1 free වගේ කූඹි ගුලක් free දීපු බනිස් ගිලින්න ගිහින් අන්තිම බස් එක miss වෙනවා.එච්චරට හොඳයි අපි.


ඊටපස්සෙ තෝමස් මහත්තයා බලන්න ඇඩිශම් බංගලාවට ගියපු ගමනත් ලස්සනයි. ඒ project එකට නම් ගමන් සහයක නොහොත් අපේ සුදාම්මිගේ පුතු පැටියගෙ තාත්තත් collaborate කලා. අපි යද්දි රට කොහේද කියලවත් දන්නෙ නැති "යල්ල හබීබි" කෙනෙක් කෝච්චියෙදි සෙට් වුනා. පොරට ඉංගිරිසි බෑ. පොර එයාගෙ මව් භාශාවෙන් කර කරස් කරුස් කුරුස් ගාලා අපි එක්ක මොනවදෝ කතා කලා. කෝමහරි හස්ත මුද්‍රා වලින් අපි තේරුම් ගත්තා ආරුක්කු නවයෙ පාල​ම ලඟඳ කියලා ඒ අහන්නෙ කියලා. පොර ඊටපස්සෙ අපිට හෙනටම සෙට් වෙලා Google දේවාතාවන්ගෙන් එයාගෙ රට පෙන්නුවා phone එකෙන්. අපිත් හෙන සතුටින් phone එකට එබුනා. දෙයියනේ යල්ල හබීබිගෙ phone එකෙත් තිබ්බෙ උන්දැගෙ මව් භාෂාව. ඉතින් රට කොහෙද කියල අපිට ගොඩක් තේරුනා. සෙට් වෙලා වැඩිකමට එයා අපිට toffee වලින් සංග්‍රහ කලා. මං ගාව තිබ්බ key tag එකක් මං එයාට දුන්නා. ඒ පාර ඒකට හෙනම හැපි වෙලා අපහු පොර මට branded පිරිත් පැන් බෝතලයක් දික් කරපි !!

මුලු කෝච්චියෙ හිටපු හැමෝටම හිනා ඒකට. 


ඉතින් මගදි හරිම රස පොල් රොටි එක්ක හතු ව්‍යංජන නොහොත් නුවර උන්ගෙ හතු මාලු කන්න කලින් මිල විමසන්න මිත්‍රවරුනි. හතු සමඟ රොටි කමු කිව්වට නිකන් හතු දෙන්නෙ නෑ දෙයියනේ. ඒක කෑවට පස්සෙ දන්නෙ.


( ඔබ වළඳන හතු පීරිසියක් ගානේ, ගිනි ගනන්, "කාපු රොටී දිරවන්නෙ නැති වෙන මිල ගනන්" එකතු වෙන බව මතකයේ තබාගන්න.) 


හැබැයි ඇඩිශම් බංගලාවෙදී නෙල්ලි සිරප් වලින් ඔබටම සංග්‍රහ කරගන්න අමතක කරන්න එපා.

අපේ වාසනාව කොච්චරද කියනවා නම් අපහු එද්දි කෝච්චියට කෙලවෙච්චි.

 වෙන ​කෝච්චියක් එන නිසා නවත්තගෙන ඉන්නෙ කියලා හිතලා කැඩුණු කෝච්චියක දන්නෙ නැතුව අපි විනාඩි 45ක් වාඩිවෙලා හිටියා මිත්‍රවරුනි.

ඊටපස්සෙ යන්තන් මොලේ පහල වෙලා කෝච්චියෙන් බැහැල යද්දි තව පොඩ්ඩෙන් රන්දි ගෙදර ලමයි කෝච්චි පෙට්ටියෙන් විසිවුනු අසූචි වැස්සකටත් අහුවෙන්න ගිහින් යන්තන් ගොඩ ආවා.


ආහ් ඊටපස්සෙ ආපහු එද්දි බස් එකේ පිටිපස්සෙම වාඩි වෙලා අපේ ජෑගම වංගුව හරියෙදි රුපියල් පනහක් වැන් සුලු මුදලකට මිනි ලෙෂර් වර්ල්ඩ් අත්දැකීමක් ගන්න අපි වගේ ඔබත් අමතක කරන්න එපා මිත්‍රවරුනි.


ආහ් හැබැයි මේ පහේ කල්ලිය හම්බුනාට පස්සෙ මං අනිත් අයට කෑම recommend කරන්න කලින් දෙපාරක් හිතනවා.

වැඩේ කියන්නෙ මං මොනව හරි අලුතින් කඩේකින් කාපු දවසට මාරම රහයි. ඒකම මුන් ආපහු වෙන දවසක කෑවොත් මෙලෝ රහක් නෑ.

මුන්ට එහෙම සෙට් වුනේ මං කාපු එකම ඔතාගෙන ආපු චිලි පරාටා විතරයි මිත්‍රවරුනි.

එබැවින් වඳින්න යන දේවාල පරිස්සමින් ​ඉහේ පාත් කරගන්ට.


මුන් එක්ක මහ රෑ මුතියංගනේ පන්සලේ පෙරහැර බලන්න ගියපු හැටි , පොසොන් එකට හතර වටේ දන්සැල් වඳින්න ගියපු විදියත් මට කවදාවත් අමතක වෙන එකක් නෑ.

මේ හැම මොහොතකම ගත්තු පිස්සු photos , videos දකිද්දි අපිට දැනටත් ඒ හැම ලස්සන මොහොතකටම හිත ආපහු අරන් යනවා.


ගොඩක් අය කියනවනෙ travel කරද්දි ඇස් වලින් ඒ මොහොත විඳින්න කියලා. ඒක ඇත්ත. ඒත් මං කියනවා එක photo එකක් හරි ගන්න. 

ඒවා අපිට ආපහු දවසක ලස්සනට ඒ මොහොතෙ අපිට තිබුනු හැඟීම් මතක් කරනවා.

ඒ නිසාම ඔයාට අවුල් වෙලාවක් නම් ඒවා photos ගන්න යන්නත් එපා කියලා මං ඔයාට කියනවා. 


හරි ඒක මැද්දෙන් දාපු පොඩි මෝටිවේසනල් ඇඩ් එකක්.

ඉතින් මේ රන්දි ගෙදර උන් ගැන මට පොතක් ලියන්න පුලුවන්. 


මේ ලඟදි දවසක මුං එක්ක යන්න ගිහින් අහිංසක මාව කටුස්සෙක් hug කලා මිත්‍රවරුනි. මුං ඒ වුනාට කෑ ගැහුවෙ පොලඟෙක් කියලා.

මං කටුස්සටත් බයයි. ඒක වෙනම කතාවක්. ඒ වුනාට ඇඟට පැනපු කටුස්සාට පොලඟෙක් කියලා කෑ ගැහුවම දැනෙන හැඟීම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ මිත්‍රවරුනි.


ආහ් මං ගොඩක් සෙස්සි කියල මට දැනගන්න ලැබුනෙත් රන්දි ගෙදර ලමයි නිසා මිත්‍රවරුනි. මුන් එක්ක පාර මැද පොල් ලෙල්ලකින් ක්‍රිකට් ගහන්න ගිහින් තව ටිකෙන් අපේ අසල්වැසි නිවසේ බලු තඩියා මට ආදරේ කරනවා. ඒ සිද්ධිය නිසා මුන් ටික ඒ බල්ලට නම දැම්ම අර "Pasoori" කියන හින්දි සින්දුවෙ නම. ඇයි කියලා හිතාගන්න. නැත්නම් මුන්ගෙන් අහගන්න. මට බෑ ඕවා කියන්න.


ආහ් බදුල්ලෙ රඹුක්පොත පැත්තෙ එකම බෝඩිමක ඉන්න තඩියො තුන් දෙනෙක් අපිව මුලා කලා මිත්‍රවරුනි උන්ගෙ බෝඩිම පිටිපස්සෙ ලස්සන කන්දක් තියෙනවා කියලා. ඉතින් අපේ රන්දි ගෙදර ලමා සමාජයේ සාමාජික හිපෝගෙ ජන්ම දිනේ සමරන්න අපි කන්ද හොයාගෙන ගියා. බැලින්නම් ඒක කන්දක් නෙමේ මිත්‍රවරුනි. තේ වත්තක්. තඩියො තුන් දෙනා කන්දක් දැකලා නෑ හරියට. ඉද්දකින්.

ඉතින් අපි අන්තිමට ගල් තලාවක කේක් එක කපලා මගේ ලිප්ස්ටික් එකෙන් ආදරණීය හාදු තියලා අපේ හිපෝව අපි "කන්දක් කියල හිතන් ඉන්න තැනිතලාවකදි" Surprise කලා.


දැන් නම් type කරලා අත රිදෙනවා මිත්‍රවරුනි. මුන් ගැන මට ලියලා ඉවර කරන්න විදියක් නෑ. එච්චරට දේවල් තියෙනවා. ඉතින් හිතුන ගමන් ඔලුව හැරුන අතේ යන්න , හිතුන ගමන් ඇඳගෙන ඉන්න වැරහැලි උඩින් ලස්සන ඇඳුමක් දාගෙන tik-tok කරන්න , කරවුනු මුරුක්කුවක් කකා මහරෑට,  විභාග කාලෙට movie එකක් බලන්න , ලයිට් ගියපු වෙලාවට phone එකේ touch on කරලා පාට පාට සෙලෝෆේන් කොල කෑලි අලවලා Disco ලයිට්ස් හදාගෙන සින්දු දාගෙන නටන්න , ඉඳලා හිටලා රන්ඩු  කරලා ආපහු ටිකකින් ගිහින් පිස්සු නටන්න මට ඉන්නෙ මේ රන්දි ගෙදර ලමයි තමයි.


ඉතින් අන්තිමට, ඉස්සර අපි ශිෂ්‍යත්වෙ රචනෙට mandatory ලියනවා වගේ,

“ උනුත් මට ආදරෙයි. මාත් උන්ට ආදරෙයි.!!!”



    ****



Comments

Popular posts from this blog

රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම - Dandelions

මෙය ඇගේ කතාව නොවේ, ඇගේ මරණයේ කතාව යි