ඔබ ගැන විශ්වාස කරන්න
Image Credit : Thisal Walgampaya Written by : T. S. Devarshi "ඔබ අහඹුවක් නොවේ, ඔබ කියා විශාල ගණනක් නැත. ඔබ පෙළට, ක්‍රමිකව නිපදවූ අයකු නොවේ. ශ්‍රේෂ්ඨ නිමැවුම් කරු හොදින් සිතා, මනාව සැලසුම් කර, සුවිශේෂී ලෙස තෑගි කළ, ආදරයෙන් මිහිතලය ට එවන් ලද කෙනෙකි ඔබ." අතිජනප්‍රිය ලේඛකයක් වන මැක්ස් ලූකාඩො විසින් ප්‍රකාශ කර ඇති කියමනකි එය. ඔබේ සිහින ලෝකය සාර්ථක වූ නිර්මාණය කරන්න නම් ඔබ, එය තනා ගැනීමට දක්ෂ බව විශ්වාස කල යුතුය. ඔබ, ඔබ ගැන විශ්වාස කල යුතුය. මෙය ආත්ම සම්මානය, අන්ධ විශ්වාසය හෝ ස්වයං විශ්වාසය ලෙස හැදින්විය හැකිය. නමුත් මෙය මොන නමකින් හැදින්වූ වද එය ඔබ තුළ ඔබ ගැන ඇති ගැඹුරු විශ්වාසයයි. එය අපට මෙසේ දැක්විය හැකිය. ඔබ, ඔබ ගැන විශ්වාස කිරීම තෝරා ගැනීමකි. සැබවින්ම එය කාලයක් පුරා ඔබ විසින් වගාකරන ලද ආකල්පයක් විය යුතුය. එක් කරුණක් ඉතා හොඳින් මතක තබා ගත යුතුය. "අතීතය යනු අතීතය යි", ඔබේ ජීවිතයේ වත්මන් තත්වය ට, අතීතයට දොස් පැවරීමෙන් කිසිදු පලක් නැත. කිමද යත් තමාගේ සියලු තීරණ වල තනි අයිතිය දැරිය යුතු වන්නේ තමා විසින්ම ය. ඔබේ මනස සකස් කර ගන්නා ඕනෑම දෙයක් ඔබට කල හැකි වන සිතුවිල්ල ත