ඔබ ගැන විශ්වාස කරන්න


Image Credit : Thisal Walgampaya
Written by : T. S. Devarshi

"ඔබ අහඹුවක් නොවේ, ඔබ කියා විශාල ගණනක් නැත. ඔබ පෙළට, ක්‍රමිකව නිපදවූ අයකු නොවේ. ශ්‍රේෂ්ඨ නිමැවුම් කරු හොදින් සිතා, මනාව සැලසුම් කර, සුවිශේෂී ලෙස තෑගි කළ, ආදරයෙන් මිහිතලය ට එවන් ලද කෙනෙකි ඔබ."

     අතිජනප්‍රිය ලේඛකයක් වන මැක්ස් ලූකාඩො විසින් ප්‍රකාශ කර ඇති කියමනකි එය.

ඔබේ සිහින ලෝකය සාර්ථක වූ නිර්මාණය කරන්න නම් ඔබ, එය තනා ගැනීමට දක්ෂ බව විශ්වාස කල යුතුය. ඔබ, ඔබ ගැන විශ්වාස කල යුතුය. මෙය ආත්ම සම්මානය, අන්ධ විශ්වාසය හෝ ස්වයං විශ්වාසය ලෙස හැදින්විය හැකිය. නමුත් මෙය මොන නමකින් හැදින්වූ වද එය ඔබ තුළ ඔබ ගැන ඇති ගැඹුරු විශ්වාසයයි. 

එය අපට මෙසේ දැක්විය හැකිය. ඔබ, ඔබ ගැන විශ්වාස කිරීම තෝරා ගැනීමකි. සැබවින්ම එය කාලයක් පුරා ඔබ විසින් වගාකරන ලද ආකල්පයක් විය යුතුය. එක් කරුණක් ඉතා හොඳින් මතක තබා ගත යුතුය. "අතීතය යනු අතීතය යි", ඔබේ ජීවිතයේ වත්මන් තත්වය ට, අතීතයට දොස් පැවරීමෙන් කිසිදු පලක් නැත. කිමද යත් තමාගේ සියලු තීරණ වල තනි අයිතිය දැරිය යුතු වන්නේ තමා විසින්ම ය. ඔබේ මනස සකස් කර ගන්නා ඕනෑම දෙයක් ඔබට කල හැකි වන සිතුවිල්ල තදින්ම ඔබේ සිත තුලට කාවැද්දා ගත යුතුය. 

ඔලිම්පික් රන් පදක්කම් ලාභී සහ වෘත්තීමය ටෙනිස් ශූරි වීනස් විලියම්ස් වරක් මෙසේ පවසා ඇත, "කිසිවෙකුටත් වඩා, ඔබ ඔබ ගැන විශ්වාස තැබිය යුතුය. ඔබ ජයග්‍රහණය කරන්නේ එමගිනි".

අන් අය ඔබ ගැන විශ්වාස කලද, නොකළ ද ඔබේ සිහින සැබෑ කරගැනීම ඇත්තේ ඔබ අතේය. බොහෝ දෙනා තම ජීවිතය තුල කිසිවක් ලබා ගැනීමට අපොහොසත් වන්නේ, ඔවුන් තම අරමුණ නොව බාහිර ලෝකය ගැන අනවශ්‍ය ලෙස වද වීමයි. අනෙක් මිනිසුන් ඔබ ගැන සිතන දේ අතහැර, ඔබ ඔබේ හදවතට එකඟ වන්න.

ආචාර්ය ඩැනියෙල්ගේ 18/40/60 නීති වලට මම පෞද්ගලිකව බොහෝ කැමැත්තක් දක්වමි. එහි දක්වා ඇත්තේ, වයස 18 දී ඔබ, අන් හැම දෙනාම ඔබ ගැන සිතනවා යැයි දුක්වෙයි. වයස 40දී ඔබ අනෙක් අය ඔබ ගැන සිතනා දේ ගණන් නොගනී. වයස 60දී කිසිදු මොහොතක කිසිවෙකු ඔබ ගැන නොසිතන බව ඔබ වටහා ගනියි.

      සත්‍ය වශයෙන්ම සිදුවන්නේ ජීවිතයේ වැඩි ප්‍රමාණයකදී කිසිවෙකු ඔබ ගැන නොසිතීමයි. ඊට හේතුව, ඔවුන්ට ද ඔවුන්ගේ ම පෞද්ගලික ජීවිත, ප්‍රශ්න, ගැටළු තිබීමයි. ඔවුන්ට ඔබ ගැන සිතමින් ගත කිරීමට කාලයක් සැබවින්ම නැත. එනිසා ඔබ අන් අය සිතන අයුරු ගැන සිතමින් සිදු කරගන්නේ ඔබේ ම වටිනා කාලය අපතේ හැරීමකි. 

එනිසා කිසිවෙකු ට,කිසිවක ට ඔබ ඔබේ සිහින මාවත හරස් කිරීමට ඉඩ නොදෙන්න. ඔබ,ඔබව විශ්වාස කරන්න. තදින්ම විශ්වාස කරන්න. ඔව් ඔබ ඔබේ සිහිනය ට යනවාමයි. Yes, you can!

Comments

Popular posts from this blog

පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි

රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම - Dandelions

මෙය ඇගේ කතාව නොවේ, ඇගේ මරණයේ කතාව යි