"පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි." _සයුරි විජේසේකර_ මට ඉන්නවා කොහෙන්දෝ පාත් වෙච්ච මගේ Photo copy ටිකක්. කොච්චර ඕන වුනත් උන්ගෙන් ගැලවීමක් නෑ. ඉඳලා ඉඳලා අලුතින් බෝඩිමකට ගියා. බලද්දි ඒකෙත් උන් ඉන්නවා. කොහේ හරි ජඩ වැඩක්ද , හොඳ වැඩක්ද , බාල්දියක්ද , පන්සලක්ද පල්ලියක්ද දානෙ ගෙයක්ද බන මඩුවක්ද අදාල නෑ ඕන එකටයි එපා එකටයි හැම එකටම ඈඳිලා යන, "පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි!" ඉතින් රන්දි ගෙදර භාසා පරිවර්තක ඉංගිරිසි බාසාවෙන් අනූන හිපෝ , සෙට් එකා උනන්දුවා හැමතිස්සෙම කන්න දෙයක් හොයන සිප්පියා , සුදුතාත්තිගෙ සුදාම්මි නොහොත් චීම්ස් , "Batticaloa" වලට බට්ටිකොල කියල pronounce කරපු දවසක් හරි වැඩියෙන් ජීවත් වෙන්න ආසාවට side effects වලට බයේ බෙහෙත් බොන්නෙ නැති බට්ටිකොලයා සහ නැණවත් ගුණවත් රූමත් යන යන තැන් වල වැටෙන්නෙ නැති සහ අහක යන බාල්දි දාගන්නෙ නැති මගෙන් මෙම රන්දි ගෙදර ලමා සමාජය සමන්විතයි.ඉතින් මුන් ටික නිසා වෙච්චි අකරතැබ්බ සහ ආතල් සිද්ධි ටිකක් මං කියන්නම්. මං ඉන්නෙ බෝඩිමේ පහල තට්ටුවෙ මට අදාලම නැති ඛනිජ කටයුතු හා පතල් කැනීම් කරන ගල් කාරියො ටිකක් එක්ක. උන් ගැ
Comments
Post a Comment