බදුල්ල රොටරැක්ට් සමාජයේ අපි නත්තල් සැමරුවේ මෙහෙමයි!

මිනිස්සු වැඩියෙන්ම උත්සාහ කරන්නෙ අලුත් දෙයක් කරන්න. වෙනස් දෙයක් කරන්න. හොඳට උනත් නරකට උනත්. අපිත් එහෙමයි. වෙනසකට තියෙන්නෙ rotaract badulla අපි අපේ ගමන පුරාම උත්සාහ කළේ හොඳ අලුත් දෙයක්, හොඳ වෙනස් දෙයක් කරන්න. ඉතින් පහුගිය නත්තලට අපි එහෙම පුංචි දෙයක් කළා. ඒ christmas tree එක.

ඔයාලට හිතෙනව ඇති christmas tree එකක මොකක්ද තියන අලුත් දේ, වෙනස් දේ කියලා. ඉවතලන ප්ලාස්ටික් වලින් තමයි ඒක නිර්මාණය කළේ කිව්වොත්....ඒකෙ වෙනසක් තියනව නේද. දැකපු ඕන කෙනෙක්ට ඒක කොච්චර ලස්සනද කියල මතක ඇති. ඒත් ඒ ලස්සන පිටිපස්සෙ ගොඩක් දෙනෙක්ගෙ උත්සාහයයි කැපවීමයි තිබුණා. ප්ලාස්ටික් බෝතල් අපේ ලඟට ආවෙ නැහැ. අපට ඒවා හොයන්න යන්න උනා. අන්න ඒකයි එතන තිබුණ ලොකුම වැදගත්කම. ඇත්තටම ඒ මොහොත වෙද්දිත් පරිසරයට හානි කරමින් තිබුණ ප්ලාස්ටික් බෝතල් තමයි අපේ rotaract family එක හොයාගෙන ආවෙ. කුණු ගාගෙන නාගෙන එයාල බෝතල් හෙව්වා. හැබැයි ඒකෙන් තව හොඳකුත් උනා. නාන්නෙ නැති සෙට් එකකට නාන්න හේතුවක් ආවා.😉 ඊට පස්සෙ ඒවගෙ ලේබල්ස් ගලවල පිරිසිදු කරන්න උනා. හිතන තරම් ඒක ලේසි වැඩක් උනේ නෑ. ලංකාවෙම තියන ගම් වලින් සමහර ලේබල්ස් අලවලා තිබුණා. ඉතින් ඒවා පිරිසිඳු කරපු කෙනෙක් නම් ආයෙ ප්ලාස්ටික් බෝතලේකින් වතුර බොන එකකුත් නැති තරම්. බෝතල් රදවන්න කම්බි දාන්නයි ලෑස්ති උනේ. එක පාරක් බෝතල් පියන් සිදුරු කරගෙන ගියා. අපේ designersla ඇවිත් ආයෙම බෝතලේ මැදින් සිදුරු කරන්න කියලා. බාගයක් විතර එහෙම කරද්දි තව දෙපැත්තෙන් සිඳුරු හදන්න කිව්වා. ඒකත් බාගයක් විතර කරද්දි නෑ පියනයි බෝතලේ අඩියයි සිඳුරු කරන්න කිව්වා.  එහෙම වෙලාවක දැනුනු හැඟීම් ක්‍රියාත්මක කළා නම් අපේ president සහ designersලා  අද අතක් පයක් නැතිව ඉන්නෙ 😉. බෝතල් ටික ගහක් වගේ එල්ලන්න මහන්සි උන අය අදටත් බලන්නෙම කොහේ හරි එල්ලිලා ඉන්න 😉. ඒ දවස් වල එයාල  වවුලො වගේමයි කිව්වොත් මං හිතනව මං හරි කියලා. අපට church එකෙනුත් හොඳ support එකක් හම්බුණා. විශේෂම දේ තමයි ඉගුරු දාපු තේ. පරිප්පු, සැමන් එක්ක දීපු පාන්.... ඒක කන්නත් පිනක් තියෙන්න ඕන🙊. අන්තිමට අපි දවස් ගානක මහන්සියෙන් හදපු අපේ christmas tree එකට lights දාලා ඒක තවත් ලස්සන කළා. එතනට ආපු ගියපු හැම කෙනෙක්ම ඒකෙ ලස්සන දැක්කා. ඒ වගේම අපි නොදැනුවත්ව පරිසරයට කොච්චර හානියක් කරනවද කියලා තේරුම් ගත්තා. 

අපට ඕන උනේ ඉවතලන ප්ලාස්ටික් පරිසරයට ඉවත් කරන්නෙ නැතුව අලුත් නිර්මාණයක් කරන්න කියන දේම නෙවෙයි. ප්ලාස්ටික් භාවිතා නොකරන දවසක් වෙනුවෙන් සූදානම් වෙමු කියන්න. රටක් දවසකට පරිසරයට මුදාහරින ප්ලාස්ටික් ඒ රටේ ජෛව විවිධත්ව හායන සීඝ්‍රතාව සියගුණයකින් වේගවත් කරනවා. එතකොට ලෝකයක් සැලකුවම අවසන් ප්‍රතිඵලය මොකක්ද කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන් කියල මං හිතනවා. මිනිසා විසින් මිනිසා විනාශ වන දවස් වල ආරම්භයක අපි අද ජීවත් වෙන්නෙ. එතන පිහිටට ඉන්නෙ අපේ මේ පුංචි ග්‍රහලෝකය නිල් පාට කරපු වතුර ටිකයි, කොළ පාට කරපු ගස් වැල් ටිකයි විතරයි. ඉතින් අපි ආරාධනා කරනවා රටට සහ ලෝකයටම අපි අපේ යුතුකම ඉටු කරමු කියලා.

Rotaract badulla අපට අපි හදපු christmas tree එක මතකයක් විතරක් නොවී යුතුකමක් උනේ අන්න ඒ නිසයි.

වචන- රොටරැක්ට් සාමාජිකා අචිනි සජානා මුණසිංහ



Comments

Post a Comment

Popular posts from this blog

පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි

රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම - Dandelions

මෙය ඇගේ කතාව නොවේ, ඇගේ මරණයේ කතාව යි