All About Kandy
Sri Lanka – South Asia's lush island nation – is undoubtedly a beacon of beauty shining bright in the middle of Indian Ocean. Entangled with the breeze, gushing from the sea waves to the cool hill crests, the lazy charm of this nation is what makes Sri Lanka a perfect destination for venture, exploration, and contemplation. Laying cozy among the surrounding picturesque mountains and thriving peaks is a famous plateau, the Kandyan Plateau. Rich in natural beauty and interesting architectural features, the Kandy city lies on the center of the plateau. What makes Kandy unique is the air of calmness and serenity it exudes amidst being a busy town.
Kandy has everything soothing and gentle about it and is well known for spirituality and its laid-back charm. This city is also a famous pilgrimage site among the Buddhists all over the world. The main point of attraction of the entire area is the Temple of the Sacred Tooth Relic, standing majestically at the heart of the city. Lord Gautama Buddha's Tooth Relic is housed there. There are quite a few other temples, meditation centers surrounded by nature, and exciting trails among the hills. Allocate time to around and explore eternal comfort in Kandy as you plan a much-awaited trip to this blessed island.
Around March to August is the ideal time to visit Kandy because then the temperature remains around 26 – 28 degree celsius and conditions become simply perfect for outdoor activities and other excursions in the Kandy city and other suburbs close by. By July and August, the city comes to the peak of festivity, as not only the city itself, but the entire Sri Lanka prepares for the renowned 'Esala Procession' - the grandest cultural display of the nation. This being more than just a procession, is also known as The Festival of the Sacred Tooth Relic. This historical procession take up the streets annually to pay homage to Lord Gautama Buddha's Sacred Tooth Relic, decorating the nights with a myraid of colours and prestige.
Kandy city has new beauty to offer between the months of December to April. During this time, the weather remains cool and satisfactory, depicting an ideal spring time. The weather is absolutely perfect, being neither too cold nor too hot, for the backpackers and hikers to enjoy the climate and the stunning nature.
Sri Lanka being a tropical country, goes through an intense phase of monsoon rains and winds during the months of October and November, and is not very suitable to visitors. Filled with old colonial buildings and street vendors, the streets in Kandy are a wonderful mix of architecture of both the British Colony and the Sinhalese Empire. From street fruit stalls to the good old Queen's Hotel and from the soothing sight of the Kandy lake to the haunted look of the abandoned church which was forcibly built by the Brits within the Temple of the Tooth Relic premises, the city exudes a unique character throughout. The Bahiravakanda Vihara Buddha Statue is undoubtedly another stunning feature of this city. Looking over the city from the hill top it was built on, this 88-foot high Buddha statue is indeed a serene spectacle. The temple can easily be reached by a vehicle, and the rest have to be climbed by foot. The botanical garden at Peradeniya, a suburb just by the main city, houses more than 4000 species of plants and trees. This place is ideal to enjoy a laid back picnic surrounded by picturesque landscape. To wrap things up, an interesting trip to the elephant orphanage in Pinnawala, a suburb near Kandy will undoubtedly make a highlight of the entire vacation. So pack up, and head to the central hills of Sri Lanka, because Kandy awaits to spellbind you.
ශ්‍රී ලංකාව - දකුණු ආසියාවේ සශ්‍රීක දූපත් රාජ්‍යය - නිසැකවම ඉන්දියානු සාගර මධ්‍යයේ දිදුලන සුන්දරත්වයේ හිණිපෙත ලෙස හැඳින්විය හැකිය. ඉන්දීය සයුරේ මුහුදු රළවල දැවටී සිසිල් කඳු මුදුන් කරා ඇදී යන මෙම ජාතියේ සන්සුන් ආකර්ශනය ශ්‍රී ලංකාව ව්‍යාපාර, ගවේෂණයන් සහ නිස්කලංක නිවාඩු සඳහා කදිම ගමනාන්තයක් බවට පත් කරයි. අවට ඇති සුන්දර පරිසරය සහ සශ්‍රීක කඳු මුදුන් අතර මැදිව එක් හුරුබුහුටි සානුවකි. එය දිවයිනේ සුප්‍රසිද්ධම සානුව වන මහනුවර සානුවයි. ස්වාභාවික සුන්දරත්වයෙන් හා සිත් ඇදගන්නාසුළු වාස්තු විද්‍යාත්මක අංගවලින් සුපොහොසත් මහනුවර නගරය සානුව මධ්‍යයේ පිහිටා ඇත. මහනුවර සුවිශේෂී වන්නේ කාර්යබහුල නගරයක් වන අතරවාරයේම එහි අත්විඳීමට හැකි සන්සුන් භාවය නිසාය.
මහනුවර තුළ සෑම දෙයක්ම සන්සුන් හා සිත් නිවන ස්වභාවයක් පෙන්වයි. මෙම නගරය ලොව පුරා බෞද්ධයන් අතරේ සුප්‍රසිද්ධ වන්දනා ස්ථානයකි. මෙම ප්‍රදේශයේ ප්‍රධානතම සංචාරක ආකර්ශනය නම් පූජනීය ශ්‍රී දළදා මාලිගයයි. ශ්‍රී ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ එහි තැන්පත් කොට ඇත. තවත් පන්සල්, සොබාදහමෙන් වට වූ භාවනා මධ්‍යස්ථාන සහ කඳු අතරින් දිවෙන ආකර්ෂණීය මංපෙත් මෙම නගරය අවට බෙහෙවින් පහිටා ඇත.
උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 ත් 28 ත් අතර වන බැවින් මාර්තු සිට අගෝස්තු දක්වා කාලය මහනුවරට යාමට සුදුසුම කාලය වේ. මේ කාල වකවානුව එළිමහන් ක්‍රියාකාරකම් සහ මහනුවර නගරයේ සහ ඒ අවට ඇති අනෙකුත් තදාසන්න ප්‍රදේශවල විනෝද චාරිකා සඳහා ඉතාමත් සුදුසුයි. ජුලි සහ අගෝස්තු වන විට නගරය උත්සවශ්රීයේ උච්චතම අවස්ථාවට පැමිණෙන්නේ මහනුවර පමණක් නොව, සමස්ත ශ්‍රී ලංකාවම ජාතියේ ශ්‍රේෂ්ඨතම සංස්කෘතික මංගල්‍යය වන සුප්‍රසිද්ධ ‘ඇසළ පෙරහැර’ සඳහා සූදානම් වන බැවිනි. සාමාන්‍ය පෙරහැරකට වඩා සුවිශේෂී වන මෙය ඇසළ පෙරහැර මංගල්‍යය ලෙසද හැඳින්වේ. මෙම ඓතිහාසික පෙරහැර ගෞතම බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේට පූජා පැවැත්වීමට වාර්ෂිකව වීදි බැස, දීප්තිමත් වර්ණ වලින් හා සංස්කෘතිකාංග වලින් රාත්‍රීන් අලංකාර කරයි.
මහනුවර නගරයේ දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය තුළ අමුතුම අලංකාරයක් ඇත. මෙම කාලය තුළ කාලගුණය සිසිල් හා සතුටුදායක ලෙස පවතින අතර එය පරිපූර්ණ වසන්ත කාලයක් නිරූපණය කරයි. දේශගුණය සහ පරිසරයේ සිත් ඇදගන්නාසුළු ස්වභාවය භුක්ති විඳීමට සංචාරකයන්ට මෙම කාලගුණය ඉතාමත් හිතකරයි.
ශ්‍රී ලංකාව නිවර්තන රටක් වන අතර, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී මෝසම් වැසි සහ දැඩි සුළං අවධියක් පසුකර යන අතර එය සංචාරකයන්ට එතරම් සුදුසු කාලසීමාවක් නොවේ.
පැරණි යටත් විජිත ගොඩනැගිලි සහ වීදි වෙළෙන්දන්ගෙන් පිරී ඇති මහනුවර වීදි බ්‍රිතාන්‍ය යටත් විජිතයේ සහ සිංහල අධිරාජ්‍යයේ ගෘහ නිර්මාණ ශිල්පයේ අපූරු සංකලනයකි. වීදි පලතුරු කුටිවල ඇති තදබදයත්, පැරණි ක්වීන්ස් හෝටලයේ ගාම්භීර පෙනුමත්, මහනුවර වැවේ සිසිල් සුළඟත් මෙන්ම දළදා මැදුරු පරිශ්‍රයේ බ්‍රිතාන්‍යයන් විසින් බලහත්කාරයෙන් ඉදිකරන ලද අතහැර දමා ඇති පල්ලියේ අද්භූත පෙනුමත් නගරයේ සුවිශේෂී බව මනාව පිළිබිඹු කරයි. බහිරවකන්ද විහාර බුද්ධ ප්‍රතිමාව මෙම නගරයේ තවත් ආකර්ෂණීය ලක්ෂණයකි. එය ඉදිකර ඇති කඳු මුදුනේ සිට නගරය දෙස බලා සිටින අඩි 88 ක් උස මෙම බුද්ධ ප්‍රතිමාව සැබවින්ම සන්සුන් දර්ශනයකි. පන්සලට පහසුවෙන් වාහනයකින් ළඟා විය හැකි අතර, ඉතිරි කොටස පයින් නැගීමට සිදුවේ. ප්‍රධාන නගරයට නුදුරින් පිහිටි අලංකාර පේරාදෙණිය උද්භිද උද්‍යානයේ විවිධ ශාක විශේෂ 4000 කට වඩා තිබේ. මනරම් භූ දර්ශනයකින් වට වූ මෙම ස්ථානය 'පික්නික්' චාරිකාවක් සඳහා ඉතා සුදුසුය. මහනුවරට ආසන්න උපනගරයක් වන පින්නවල පිහිටි අලි අනාථාගාරය නැරැඹීමට යාම මුළු නිවාඩුවේම කැපී පෙනෙන සිදුවීමක් වනු නොඅනුමානයි. ඉදින් ඔබත් ඉක්මනින් එන්න; ඔබව පුදුම කිරීමට මහනුවර බලා සිටී.
இலங்கை தெற்காசியாவின் வளமான தீவு நாடு ஆகும். இது இந்தியப் பெருங்கடலின் முத்து என்று அழைக்கப்படுகின்றது. இந்தியப் பெருங்கடலின் அலைகளின் நடுவே அமைந்திருக்கும் இந்த தேசத்தின் அமைதியான நிலையம் வணிக ஆய்வு மற்றும் அமைதிக்கு சிறந்த இடமாக அமைகிறது. ஒரு அழகான சூழல் மற்றும் பசுமையான மலை சிகரங்களுக்கு நடுவில் ஒரு அழகான பீடபூமி. இத்தீவின் மிகவும் பிரபலமான பீடபூமி கண்டி ஆகும். கண்டி நகரம் இயற்கை அழகு மற்றும் கவர்ச்சிகரமான கட்டடக்கலை அம்சங்களால் நிறைந்துள்ளது. கண்டி சிறப்பு வாய்ந்தது, ஏனெனில் இது ஒரு பரபரப்பான நகரம் மற்றும் ஒரே நேரத்தில் நீங்கள் அனுபவிக்கும் அமைதிக்கும் ஏற்ற ஒன்றாகும்.
கண்டியில் உள்ள அனைத்தும் அமைதியாகவும் இனிமையாகவும் இருக்கும். இப்பகுதியின் முக்கிய சுற்றுலா அம்சம் புனித தலதாமாளிகை ஸ்ரீ ஆகும்.கெளதம புத்தரின் பல் நினைவுச்சின்னம் அங்கு வைக்கப்பட்டுள்ளது. மற்ற கோவில்கள், இயற்கையை மையமாகக் கொண்ட தியான மையங்கள் மற்றும் அழகிய மலைப்பாதைகள் நகரத்தை சுற்றி வருகின்றன.
வெப்பநிலை 26 முதல் 28 டிகிரி செல்சியஸ் வரை இருப்பதால் மார்ச் முதல் ஆகஸ்ட் வரை கண்டியைப் பார்க்க சிறந்த காலம் ஆகும். இந்த பருவம் நகரம் மற்றும் சுற்றியுள்ள பகுதிகளுக்கு வெளிப்புற நடவடிக்கைகள் மற்றும் உல்லாசப் பயணங்களுக்கு ஏற்றது. ஜூலை மற்றும் ஆகஸ்ட் மாதங்களுக்குள், நகரம் பண்டிகைகளினால் நிறைந்து காணப்படும். இது கண்டி மட்டுமல்ல, முழு இலங்கையும் கொண்டாடும் நாட்டின் மிகப் பெரிய கலாச்சார விழாவான புகழ்பெற்ற 'எசலா பெரஹேரா'வுக்கு சிறப்பு வாய்ந்தது. இது சாதாரண பெரஹராவை விட சிறப்பு வாய்ந்ததாக இருப்பதால் இது எசலா பெரஹரா விழா என்றும் அழைக்கப்படுகிறது. இந்த வரலாற்று ஊர்வலம் கெளதம புத்தரின் பல் நினைவுச்சின்னத்திற்கு மரியாதை செலுத்துவதற்காக ஆண்டுதோறும் வீதிகளில் பிரகாசமான வண்ணங்கள் மற்றும் கலாச்சார கூறுகளுடன் இரவுகளை அலங்கரிக்கிறது.
கண்டி நகரம் டிசம்பர் முதல் ஏப்ரல் வரையிலான காலகட்டத்தில் ஒரு விசித்திரமான அழகைக் கொண்டுள்ளது. இந்த நேரத்தில் வானிலை குளிர்ச்சியாகவும் இனிமையாகவும் இருக்கும், மேலும் இது சரியான வசந்த காலத்தைக் குறிக்கிறது. இந்த காலநிலை சுற்றுலா பயணிகளுக்கு காலநிலை மற்றும் சுற்றுச்சூழலின் கவர்ச்சிகரமான தன்மையை அனுபவிக்க ஏற்ற இடமாகும்.
இலங்கை அக்டோபர் மற்றும் நவம்பர் மாதங்களில் பலத்த காற்றுடன் கூடிய வெப்பமண்டல நாடு, இது சுற்றுலாப் பயணிகளுக்கு ஏற்ற நேரம் அல்ல.
பழைய காலனித்துவ கட்டிடங்கள் மற்றும் தெரு விற்பனையாளர்கள் நிறைந்த கண்டியின் வீதிகள் பிரிட்டிஷ் காலனித்துவ மற்றும் சிங்கள சாம்ராஜ்ய கட்டிடக்கலைகளின் அற்புதமான கலவையாகும். தெரு பழக் கடைகளின் சலசலப்பு, பழைய குயின்ஸ் ஹோட்டலின் கம்பீரமான காட்சி, கண்டி ஏரியின் குளிர்ந்த காற்று, அத்துடன் டூத் ஆலயத்தின் மைதானத்தில் பிரிட்டிஷாரால் வலுக்கட்டாயமாக கட்டப்பட்ட கைவிடப்பட்ட தேவாலயத்தின் மர்மமான தோற்றம் அனைத்தும் நகரத்தின் தனித்துவத்தை பிரதிபலிக்கின்றன. பைரவகந்த விகாரை புத்தர் சிலை இந்த நகரத்தின் மற்றொரு கவர்ச்சிகரமான அம்சமாகும். மலையின் உச்சியில் இருந்து நகரத்தை நோக்கிய 88 அடி உயர புத்தர் சிலை உண்மையிலேயே அமைதியான காட்சியாகும். கோயிலை வாகனம் மூலம் எளிதில் அணுகலாம், மீதமுள்ளவற்றை கால்நடையாக அடையலாம். பிரதான நகரத்திற்கு அருகிலுள்ள அழகான பெரதெனியா தாவரவியல் பூங்காவில் 4000 க்கும் மேற்பட்ட பல்வேறு வகையான தாவரங்கள் உள்ளன. அழகான காட்சிகளால் சூழப்பட்ட இந்த இடம் ஒரு நாள் பயணத்திற்கு ஏற்றது. கண்டிக்கு நெருக்கமான புறநகரான பின்னவலையில் உள்ள யானை சரணாலயத்தை பார்வையிடுவது சந்தேகத்திற்கு இடமின்றி முழு விடுமுறையின் சிறப்பம்சமாக இருக்கும். எனவே விரைவாக வாருங்கள்; கண்டி உங்களை ஆச்சரியப்படுத்த காத்திருக்கிறது.
====================
Caption by : Thrividya Liyanaarachchi
Designed by : Buddhika Perera
Comments
Post a Comment