More to Re - Think
දන්නවද?
මුළු ලෝකෙන්ම ප්ලාස්ටික් දූෂකයන්ගෙන් අපේ රට පස්වෙනි තැනට ඇවිත් බව? 😳
එච්චර ලොකු විනාසෙකට ඔබත් හවුල්කාරයෙක් උනු බව ඔබ දැනන් උන්නාද? 🧐
අපි ලේසියට පාවිච්චි කරන පොඩි සිලිකවරෙ, ලන්ච් ශීට් එකේ ඉඳන් මහා පරිමාණ ලෙස විවිධ ආයතන මඟින් සාදන බොහෝ දෑ ප්ලාස්ටික් තමයි. හිතල බලන්නකො පොඩ්ඩක්..අපි ගන්න ටින් කළ ආහාර වගේ දේවල් ඇරුණම බිස්කට්, ටොෆී, රේසර්, ටූත් බ්‍රශ්, බේසම්, පුටු ආදී බහුතර සියල්ලම ප්ලාස්ටික් ! 🤐
ඉතින් පුංචිම රටක් වෙලත් ප්ලාස්ටික් දූෂකයන්ගෙන් 5 වෙනි තැනට එන්න අපිට පුළුවන් උනු එක අරුමයක් නෙවේනෙ! වැදගත්ම දේ, ඒ තැනට එන්න අපි හැමෝම දායක වුණ එකයි..නොදැනුවත්වම හරි! 😥😥😥
ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරියේ සංඛ්‍යා ලේඛනවලට අනුව, අපි වාර්ෂිකව ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 500,000 ගෙන්නනවලු! ඒකෙනුත් 70%ක් අපේ එදිනෙදා පාවිච්චියට විතරයි! අපි දවසකට ප්ලාස්ටික් මිලියන 5kg අපතේ අරිනවලු ! තව අවුරුදු 10කින් මේ විදිහටම ගියොත්, අපිට ප්ලාස්ටික් දූෂකයන්ගෙ ලැයිස්තුවෙ මුල් තැනට එන්න පුළුවන් ? 😬
මොකක්ද විසඳුම?
කරන්න තියෙන්නෙ ගොඩක් අමාරු දෙයක්ද? 😬 අපෝ නැහැ! 😌❤️
♻️ අපි හැමෝම ලේසියට, කම්මැලිකමට එක්වරක්/ දෙවරක් පාවිච්චි කරන සිලි කවර භාවිතය නතර කරමු ! ඒ වෙනුවට දීර්ඝකාලීනව පාවිච්චි කරන්න පුළුවන්, පරිසර හිතකාමී විසඳුමකට යමු! 🌳🌳🌳
♻️ කඩේ යද්දි , සුපර්මාකට් යද්දි රෙදි බෑග් එකක්/ re-filling items වගේ දේවල් පාවිච්චි කරමු. වෙනදට වඩා පොඩි මහන්සියක් ඔබට දරන්නට වේවි! ඒත් අපි පයගහල ජීවත් වෙන භූමිය විනාස නොවෙන්න දශමයක් හරි අපෙන් උදව්වක් ලැබෙනව නන්, ණය පියවන්න පොඩි හරි අවස්ථාවක් ලැබෙනව නන්...ඒ මහන්සිය ගනන් නොගෙන ඉන්න පුළුවන් නේද? 🤗
♻️ ගෙදර භාවිතයට ගන්න ප්ලාස්ටික් නිෂ්පාදන වෙනුවට පරිසර හිතකාමී දේවල් වලට මාරුවෙමු. පරිසර හිතකාමී , ලී/මැටි/වේවැල්/පන් 🧹🧹🧺🧺 වගේ දේවලින් හදපු දේවල් ගනන් වැඩී තමයි. ඉතින් නිකන්ම නිකන් ප්ලාස්ටික් කෑල්ලකට වඩා කැටයම් දාලා ඔපමට්ටම් කරපු දීර්ඝකාලීනව භාවිතයට ගන්න පුළුවන් ඒ වගේ නිෂ්පාදනයක මිල වැඩිවෙන එක සාධාරණයිනේ! 😊 ඒ එක නිෂ්පාදනයක නිර්මාණකරුවෙක්ගෙ ආත්මයම තියෙන්න පුළුවන්. ඒ නිර්මාණය ඔබේ අතට පත්වෙන්න දවසක්/සතියක්/මාස ගාණක් ගිහින් වෙන්න පුළුවන්! නිකමට සංසන්දනාත්මකව හිතල බලන්නකො නිකන්ම නිකන් ප්ලාස්ටික් කෑල්ලකට වඩා පරිසර හිතකාමී නිෂ්පාදන කොච්චර ලස්සනයිද කියල.. අනිත් අතට හැමෝම මේ වගේ පරිසර හිතකාමී නිෂ්පාදනවලට හුරු උනොත් ඒක බොහොම සාමාන්‍ය දෙයක් වෙලා දැන් තියෙන මිලට වඩා අඩු මිලකට බහිවී! අපිට කරන්න තියෙන්න ආදේශක සඳහා වෙළඳපෙළක් හදන එකයි !
පොලිතීන් කවරයක්/,ප්ලාස්ටික් නිෂ්පාදනයක් අතට ගන්න හිතෙන හැම පාරම, පරිසර දූෂකයෙක් වෙනවද නැද්ද කියන දේ මිනිස්සුන්ගෙ හිතට දැනෙනව නම් එතනින් තමා අපේ වෙනස පටන්ගන්නෙ! කරන්න තියෙන්නෙ බොහෝම පොඩි දෙයක් වෙන්න පුළුවන් . හැබැයි බලපෑම අතිවිශාලයි!
අපේ මුළු රටම, ලෝකෙම විනාස මුඛයට ගිය දවසක, ඔබේ දරුවා ඔබෙන් ඇහුවොත් "අම්මේ..තාත්තේ.. මෙච්චර ලොකු විනාශයක් රටට වෙනකම් ඔයාල මොකක්ද කළේ?" කියලා.. 😥
ඒකට දෙන්න පිළිතුරක් දැන්ම හදලා තියාගෙන තව තවත් විනාසෙට රුකුලක් වෙනවාද? නැත්නම්.. ඒ වගේ වාතාවරණයක් අනාගතේ දවසක ඔබේ දරුවාට උදා නොකර දෙනවාද ?
තීරණය ඔබ සතුයි !
පොඩිම තැනින් පටන්ගමු. පරිසර හිතකාමී නිෂ්පාදනවලට යොමුවිම රැල්ලක් කරමු. වෙනස තමන් තුළින්ම අරඹමු. වචනවලට වඩා ක්‍රියාව උතුම් නිසා තම තමාවම සමාජයට උදාහරණයක් කරමු!
එකතු වෙන්න අපිත් එක්ක 🤗❤️ ප්ලාස්ටික් වලින් තොර දේශයක් උදෙසා 🇱🇰💪🌳🌱 #zeroplastic
✍️ වෙනුරි සේනාධීර
Comments
Post a Comment