නොදිරනා වෙසඟේ සිරි කරයි කම්පා සොබාසිරි


මෑතකදී සිට බොහෝ දෙනා වන විනාශයට එරෙහිව නොයෙක් හඬවල් නැගුවද ඔබ සමරන මේ වෙසඟේ සොබාදහම පීඩා විදින අයුරු ගැන ඔබ නිහඬයි. සැබැවින්ම ඔබ සමරන මේ තෙමඟුල බුදු වදන එලෙසින්ම පිළිපදිනවාද? නැත වර්තමානයේ බොහෝ පිරිස පුරුදුව සිටින්නේ තමන්ට ඉතා පහසු අයුරින් ප්ලාස්ටික් පහන් කූඩු, පොලිතීන් කොඩි වැනි විවිධ පොලිතීන් සැරසිලි වලින් තම නිවෙස් සරසවා ගැනීමට මෙන්ම වීදි අලංකරණයට යොදා ගන්නා පහන් කූඩු පොලිතීන් කවරයකින් ආවරණය කිරිමටය. මෙනෙහි කරන්නේ කෙසේද අනියත  මෙලෙස ඔබ පරිසරයට බැහැර කරන පොලිතින් දෑ තුලින්. මදකට සිතන්න අද වීදි හැඩ කරනා පොලිතීන් සැරසිලි වලට වෙසක් සමය අවසානයේ අත් වන ඉරණම ගැන, ඒ සියල්ල අවසානයේ සොබාදහමේ හතුරන් නොවේද. මේ වසරේ නොමැති වුවත් දන්සල් සඳහා යොදා ගන්නා බොහෝමයක් දෑ නොදිරනා දෑ බව ඔබ මම අප සියලු දෙනා දන්නා සත්‍යයකි. ලංකාවේ වැඩි ප්‍රතිශතයක් බෞද්ධයන් වන අතර අප බොහෝවිට මෙම සියලුම සැරසිලි අවසනයේ පරිසරයට මුදා හරී.

ඔබ දැන සිටියාද ඔබ අද ඉවත දමන ප්ලාස්ටික් දිරාපත් වීමට වසර  500ක පමණ කාලයක් ගත වන බව ? ඔබ ජල මාර්ග වලට ඉවත දමන සියලුම දෑ  අවසානයේදී මහ සයුර තම නවාතැන් පොළ කරගන්නා බව. එමෙන්ම මෙම පොලිතීන් සාගරයේ වෙසෙන විශාල ප්‍රමාණයක සත්ව කාණ්ඩ වලට මරණ තර්ජනයක් වන බව. නවතම සමීක්ෂණ වලින් හෙළිව ඇත්තේ අප වර්තමානයේ ආහාරයට ගන්නා මත්ස්‍යයින්ගේ යම් කිසි ප්‍රමාණයක ප්ලාස්ටික් ප්‍රතිශතයක් අන්තර්ගත වන බවයි. මේ හේතුව නිසා මිනිසාගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරා ගැනීමේදී විශාල අර්බුදයකට අනාගත ලෝකය මුහුණ පාන බව බොහෝ විද්‍යාඥයින්ගේ මතයයි. එමෙන්ම මේ අයුරින් ශරීරගත වන පොලිතීන් සංයෝග මගින් මිනිසාට පිළිකා වැනි ලෙඩ රෝග මගින් මරණය පවා ගෙන දෙයි.  මෙම පොලිතීන් සංයෝග පිලිස්සීම මගින් වාතයට විශ සහිත වායූන් මුදාහැරීම මඟින්ද විශාල අයුරින් පරිසරය දූෂණයක් සිදු වෙයි. ඉතින් ඔබ කුසල් රැස් කිරීමට ගොස් සිදු කර ගන්නේ අකුසල කර්මයක් නොවේද ?

අපි ලබන වෙසඟවත් සමරමුද පරිසරය ගැනත් සිතමින් .. එසේ නම් ඔබට පුලුවන් ඔබ මිලදී ගන්නා ප්ලාස්ටික් පහන්කුඩුව වෙනුවට උණබට හෝ කඩදාසි වලින් සාදන ලද පහන් කූඩු භාවිතා කරන්න. එමෙන්ම ඔබට පොලිතීන් වෙසක් කොඩි වැනි විවිධ සැරසිලි වෙනුවට රෙදි වලින් හෝ දිරපත් වන ද්‍රව්‍ය වලින් සදන ලද වෙසක් සැරසිලි භාවිතා කිරිමට.

සමාජය වෙනස් කිරිමට පලමුව ඔබ වෙනස් වීමට උත්සහ ගන්න මන්ද යත් සමාජය යනු ඔබ මම සියලු දෙනගේ සමස්තයක් වන බැවිනි. ඉතින් සිතට ගනිමුද ලබන වසරේදී සිට හෝ වෙසඟ  සමරන්න පරිසරය සුරකිමින්.


සටහන- තමාලි වතුගෙදරගේ

Comments

Popular posts from this blog

පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි

රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම - Dandelions

මෙය ඇගේ කතාව නොවේ, ඇගේ මරණයේ කතාව යි