පරිසරය දැවෙන්නේ කාගේ වරදින්ද?
ඇයි ? ඇයි අපි ප්ලාස්ටික් පාවිච්චිය නවත්තන්න ඕනෙ?
ඔයා මොකද හිතන්නෙ?
ඒ ඇයි කියලා මේ දවස් වල සිදුවීමකින් ම මං ඔයාලට කියන්නම්.
අපි හැමෝම දන්නවා මේ දවස් වල ලංකාවෙ කොළඹ වරායට ආසන්නයෙ ගිනි ගනිමින් තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන
දින ගනනාවක් තිස්සේ ගිනි ගනිමින් තිබූ ගින්න මේ වෙද්දි සම්පූර්ණයෙන් නිවලා ඉවරලු.
ටිකක් හිත්න්න. ඇත්තටම ඒ නැව ගිනි අරන් ඉවරද?
නෑ , ඒක ඉවර නෑ
මං එහෙම කියන්නෙ මේ ගිනිගත්ත නැව නිසා ගිනි ගන්න සාගර ජීවීන්ගෙ හුස්ම ටික ගැන.
රසායනික කාන්දුවක් නිසා ගිනිගත්ත මේ නැවේ තිබුනු විශාල බහාලුම් ප්‍රමාණයක් නැවේ ඇති වුනු පිපිරීමක් නිසා මුහුදු බත් වෙනවා. ඒ බහාලුම් වල විශාල ප්‍රමාණයක තිබිලා තියෙන්නෙ ප්ලාස්ටික්.
නැවේ තිබුනු plastic pebbles , ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් කවර, ෂොපින් බෑග්, විදුලි පරිවාරක කේබල් සෑදීමට ගන්නා අඩු ඝනත්ව ප්ලාස්ටික් , වැඩි ඝනත්ව ප්ලාස්ටික් හා ප්ලාස්ටික් ආශ්රිත නිෂ්පාදන වලින් කොසටක් ගින්නෙන් උනු වෙලා වගේම තවත් ගින්නට හසු නොවූ කොටස් ලංකාවෙ වත්තල සිට මාරවිල දක්වා වෙරළ තීරය ආක්‍රමණය කරමින් තියෙනවා.
ජලජ ජීවින් ඔවුන්ගේ කරමල් භාවිතා කරලා තමයි ඔවුන්ට අවශ්‍ය ඔක්සිජන් ලබා ගන්නෙ.
සාගරයට එකතු වෙලා තියෙන plastic pebbles ජලජ ජිවීන්ගෙ හුස්ම හිර කරන්න සමත් වෙලා තියෙනවා.
මීගමුව , දික්ඕවිට, මා ඔය යන ප්‍රදේශ කඩොලාන පරිසර පද්ධති වලින් වගේම පක්ශී උද්‍යාන වලින්සමන්විත සංවේදී වෙරළ තීරයක්!!
නැව ගිනිගෙන අවසන් වුනත් එහි බලපෑමෙන් සාගර ජීවින් , වෙරළ ආශ්රිත පරිසරය දැවෙමින් තියෙනවා.
ඔබ දැනටමත් දන්නවා ලංකාව පුංචි රටක් වුනත් ලෝක ප්ලාස්ටික් දූෂකයින් අතරින් 05 වෙනි ස්ථානයට අපි පත් වෙලා අවසන් බව. ඉතින් මේ නැව නිසා සිදුවූ හානියෙන් එම ස්ථානය තව දුරටත් ඉහළ යාමේ හැකියාවක් ඇති බව මේ පිළිබඳ පර්යේෂණ කටයුතු සිදු කරන නාරා ආයතනය අනතුරු අගවනවා.
මේ බලපෑම අවම වශයෙන් තවත් අවුරුදු 20 ක් පමණ පැවතිය හැකි බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හා පාරිසර වේදීන් ගේ මතයයි.
පරිසරය දැවෙන්නේ ඔවුන්ගේ වරදින්ද ??
නෑ !! ඒ අපේ වරදින්
අපි විශාල වශයෙන් ප්ලාස්ටික් භාවිතා කරන නිසයි මේ තරම් විශාල ප්ලාස්ටික් ප්‍රමාණයක් ආනයනය කරන්නෙ.
මේ ප්ලාස්ටික් ඒ නැවේදී ගිනි නොගත්තත් ...........
වරායෙන් ගොඩබිමට ගෙනත් අපි භාවිතයෙන් පසුව වුවත් ආපසු එකතු වෙන්නෙ අපේ පරිසරයටයි.......................
දැන් ඇති!!! දැන්වත් නවත්තමු...
ප්ලාස්ටික් වලට තිත තබමු.
ඔබ අපි සියලු දෙනා ටිකෙන් ටික ප්ලාස්ටික් භාවිතාය අඩු කරමු.
ප්ලාස්ටික් වෙනුවට ලී, වේවැල්, කඩදාසි, රෙදි ආශ්රිත නිෂ්පාදන වලට මාරු වෙමු.
පරිසරය වගේම අපිත් රැකෙමු.
Zero - Plastic Concept එක යාතාර්ථයක් කරන්නට තදින් සිතට ගමු.
සටහන- ශෂිනි හසංගිකා
Comments
Post a Comment