Beeralu Weaving


The beeralu weaving industry is an intricate lace-weaving art that is slowly fading away today. This old Sri Lankan technique, known as "bobbin lace making," is still alive and well in the communities along the island's southern coast.
This art is unique to the Galle district of Sri Lanka's Southern Province. With the growth of the tourism industry, many towns in the southern areas are attempting to spread the art of beeralu among tourists by exhibiting it. Many women weavers in coastal communities like Mirissa, Magalla, Weligama, Matara, Makuluwa, Gandara, Dickwella, and Kottegoda still perform this handcraft technique.
It's unclear where this intricate weaving technique came from. This art can be traced back to the 16th century, when Sri Lanka was ruled by the Portuguese. As history has shown, the development of the beeralu weaving industry was also aided by the Dutch. Beeralu is derived from a Portuguese word named "bilro". As a result, one of the reasons why the Portuguese were given the honor of introducing the art of beeralu lace-making to Sri Lanka is because of this.

"Renda" is the name given to the lace art of Malaysia and the Indonesian archipelago. During the colonial period in Malacca and the Indonesian islands of Moluccas, it is said that the Portuguese worked hard to introduce this beautiful art. Similarly, as Malays from Indonesia and the Malay region arrived in the region, variations on beeralu lace weaving emerged. This painting was highly prized by the royals in the period, roughly 600 years ago. As a result, weaving beeralu for village women served as a source of income.

 බීරළු කර්මාන්තය යනු වර්තමානයේ මියැදෙමින් ඇති සංකීර්ණ ලේස් රෙදි විවීමේ කලාවකි. "බොබින් ලේස් සෑදීම"ලෙස පොදුවේ හඳුන්වන මෙම පැරණි ශ්රී ලාංකික සම්ප්රදාය දිවයිනේ දකුණු වෙරළ තීරයේ ගම්මානවල තවමත් සජීවී ලෙසින් දැකගත හැකිය.

මෙම කලාව දකුණු පළාතේ ගාල්ල ප්රදේශයට ඉතා විශේශිත වූ කලාවකි. එහිදී වර්තමානය වනවිට සංචාරක ව්යාපාරයේ දියුණුවත් සමග බීරළු කලාව සංචාරකයන් අතර ජනප්රිය කිරීම සඳහා, එනම් ප්රදර්ශනාත්මකව ඉදිරිපත් කිරීම සඳහා දකුණු ලක ගම්මාන බොහෝමයක් උත්සුක වී ඇත.මිරිස්ස, මාගල්ල සහ වැලිගමට අමතරව මාතර, මකුළුව, ගන්දර, දික්වැල්ල, කෝට්ටේගොඩ ආදී වෙරළබඩ ගම්මානවල බීරළු විවීමේ දක්ෂ කාන්තාවන් අතලොස්සක් විසින් අදටත් බීරළු කලාව පුහුණු කරනු ලැබේ.
මෙම සංකීර්ණ රෙදි විවීමේ තාක්ෂණයේ නිශ්චිත මූලාරම්භය මදක් අවිනිශ්චිතය. මෙම කලාවේ ආරම්භය 16 වන සියවසේදී ශ්රී ලංකාව පෘතුගීසීන් යටතේ පැවති කාලය දක්වා දිව යයි. බීරළු කර්මාන්තය සංවර්ධනය කිරීමේදී ලන්දේසීන් ද දායක වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. එහි නම, Beeralu (බීරළු) යන්න, පෘතුගීසි වචනය වූ "bilro" (බිල්රෝ)
යන්නෙන් බිඳී ආවකි. ඒ අනුව බීරළු ලේස් සෑදීමේ කලාව ශ්රී ලංකාවට හඳුන්වාදීමේ ගෞරවය පෘතුගීසීන්ට හිමිවීමට මෙය එක් හේතුවක් ද වේ.
එලෙසම මැලේසියානු අර්ධද්වීපයේ සහ ඉන්දුනීසියානු දූපත් සමූහයේ ලේස් කලාව "රෙන්ඩා" ලෙසද හඳුන්වයි. පෘතුගීසීන් මලක්කාවේ සහ ඉන්දුනීසියානු මොලුකාස් දූපත් සමූහයේ යටත් විජිත පිහිට වූ කාලයේ ඔවුන් මෙම විශිෂ්ට කලාව වෙහෙස මහන්සි වී හඳුන්වා දුන් බව විශ්වාස කෙරේ. එලෙසම, ඉන්දුනීසියාවෙන් සහ මැලේ ප්රදේශයෙන් මැලේ ජාතිකයන් පැමිණීමත් සමඟම, බීරළු ලේස් රෙදි විවීම පිළිබඳ ප්රභේදයන් කලාපය තුළ වර්ධනය විය. එකල එනම්, මීට වසර 600 කට පමණ පෙර මෙම කලාව රාජකීයයන් විසින් බෙහෙවින් අගය කරන ලදී. මේ අනුව ගම්වල කාන්තාවන්ට බීරළු විවීම මුදල් ඉපයීමේ මාර්ගයක්ද විය.
பீரளு நெசவுத்தொழில் ஒரு சிக்கலான சரிகை நெசவுக் கலையாகும், அது இன்று மெல்ல மெல்ல மறைந்து வருகிறது. " போப்பின் லேஸ் மேக்கிங்" என்று அழைக்கப்படும் இப்பழைய இலங்கை நுட்பம், தீவின் தெற்கு கடற்கரையில் உள்ள சமூகங்களில் இன்னும் உயிர்ப்புடன் உள்ளது.
இக்கலை இலங்கையின் தென் மாகாணத்தின் காலி மாவட்டத்திற்கே தனித்துவமானது. சுற்றுலாத் துறையின் வளர்ச்சியுடன், தெற்கு பகுதிகளில் உள்ள பல நகரங்கள் பீரளு கலையைக் காட்சிப்படுத்துவதன் மூலம் சுற்றுலாப் பயணிகளிடையே பரப்ப முயற்சிக்கின்றனர். மிரிஸ்ஸ, மாகல்ல, வெலிகம, மாத்தறை, மகுளுவ, கந்தர, டிக்வெல்ல மற்றும் கொடெகொட போன்ற கரையோர சமூங்களில் உள்ள பல பெண் நெசவாளர்கள் இன்றும் இந்தக் கைவினைத் தொழில் நுட்பத்தை செய்கிறார்கள்.
இந்த சிக்கலான நெசவு நுட்பம் எங்கிருந்து வந்தது என்பது தெளிவாகத் தெரியவில்லை. இலங்கையை போர்த்துகேயர்கள் ஆட்சி செய்த 16 ம் நூற்றாண்டிலிருந்து இக்கலையை அறியலாம். வரலாறு காட்டுவது போல் , பீரளு நெசவுத் தொழிலின் வளர்ச்சிக்கு ஒல்லாந்தர்களும் உதவினார்கள். "பீரளு" என்பது "பில்ரோ" என்ற போர்த்துகேய வார்த்தையிலிருந்து பெறப்பட்டது. இதன் விளைவாக, பீரளு சரிகை செய்யும் கலையை இலங்கைக்கு அறிமுகப்படுத்திய பெருமை போர்த்துகேயர்களுக்கு வழங்கப்படுவதற்கு இதுவும் ஒரு காரணமாகும்.
"ரெண்டா" என்பது மலேசியா மற்றும் இந்தோனேசிய தீவுக்கூட்டத்தின் சரிகைக் கலைக்கு வழங்கப்பட்ட பெயராகும். மலாக்கா மற்றும் இந்தோனேசியாவின் மொலுக்காஸ் தீவுகளில் காலனித்துவ காலத்தில், போர்த்துகேயர்கள் இவ்வழகிய கலையை அறிமுகப்படுத்த கடுமையாக உழைத்ததாக கூறப்படுகிறது. இதேபோல், இந்தோனேசிய மற்றும் மலாய் பகுதியிலிருந்து மலாய்க்காரர்கள் இப்பகுதிக்கு வந்ததால், பீரளு சரிகை நெசவுகளில் வேறுபாடுகள் வெளிப்பட்டன. இக்கலை சுமார் 6௦௦ ஆண்டுகளுக்கு முன்பு அரச குடும்பத்தாரால் மிகவும் பாராட்டப்பட்டது. இதன் விளைவாக, கிராமப் பெண்களுக்கு பீரளு நெய்வது வருமான ஆதாரமாக இருந்தது.

Comments

Popular posts from this blog

පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි

රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම - Dandelions

මෙය ඇගේ කතාව නොවේ, ඇගේ මරණයේ කතාව යි