මිතුරෙකු ජීවිතේ ඔබට ඔබව බලාගන්න පුලුවන් හොදම කැඩපතයි...!
Written By: Gunaratne D.H.U.
Image Credit: Sayuri Wijesekara
මිතුරෙකු ජීවිතේ ඔබට ඔබව බලාගන්න පුලුවන් හොදම කැඩපතයි...!
ඇයි මං එහෙම
කියන්නේ....?
ටිකෙන් ටික ලොකූ මහත් වෙද්දී අපේ ජීවිත වල රහස් රකින්නා, රහස්
දරාගන්නා දුක සැප බෙදාගන්නා මේ හැමදේටම යාලුවෙක් ඉන්නවා දෙමාපියන් තරම් ම
ලං උනු.ඉතින් ඔවුන් කැඩපතක් නොවන්නේ කෙසේද..?
සෑබෑ මිතුරෙකු ජීවිතේට ලං වෙන්නෙම කෙනෙකුගේ පෙර පිනකට.ජීවිතය ඔහේ ගලා යන ගඟක් නම් හමුවන
බාධක උස් පහත් තැනිතලා වියලි කාල තනියම දරාගන්න හරිම අමාරුයි..මෙහෙම
වෙලාවකදී සෑබෑම මිතුරෙක්ට ඕනම වෙලාවට සවියක් වෙලා ලඟ ඉන්න ඒ හැමදේම
කොටසක් වෙලා අපිව බලාගන්න...
කිසිවක් නැතුව ඉපදෙන අපේ ලෝකය අම්මලා තාත්තලා කුඩා කාලේදීම පාට කරන්න
ගන්න සිතුවමක්....ඒ සිතුවමේ මිතුරෙක්ව එකතු වෙන්නේ බොහෝවිට
මොන්ටිසෝරියේදී...එතැන් පටන් ජීවිතේ අවසාන වෙනකම්...එකම එක මිතුරෙක් හෝ
හැමෝගෙම ජීවිත නිම්නවල ඇති.මේක කියවද්දී ඒ කෙනා ලස්සන මතකයක් වෙලා
එනවා නේද? ඉතින් ඒ යාලුවා තාමත් ඔයා ලගද? නැත්තම් කොහේදී හෝ එයාව
මගහැරුනද?
අපි මෙහෙම හිතුවෝතින් හැමදේටම මේ සමාජයේ මතක් අලුත් කරන දවසක් වෙන්
කරනවා.අපිත් ඒ දිනයන් වෙලාවකට සිහි කරනවා...මිතුදම කියන්නේ දෙමාපිය බැඳීමට
පමණක් දෙවැනි වන සොඳුරුම බැඳීමයි...
ජුනි 30 එන ඒ මිතුරන් සිහි කරන දිනේ මේ පාර වෙනස් විදිහට බෙදා ගමු..
"මේ කාලය ඔයාගේ අතින් ගිලිහුන,කාලයක් පන වගේ හිටපූ ඒ යාලුවාගෙ ඒ ලස්සන යාලුකම ආයෙත් අලුත් කරගන්න යොදාගමු.
ඒක ලොකූ තුවාලයක් උනත් ඒ තුවාලේ කාලෙත් එක්ක තුනී වෙනවා..."
එකම එක කෙටි පණිවිඩයක් මේ ලස්සන දවසේ ඒ යාලුවට ලියා තියන්න..
මිතුරෙක් උතුම් ලාභයක් ..!
ඔයත් ලාභයේ අග්ර ඵලයම නෙලා ගන්න,
ආදරෙන්....!!!
#happyfriendshipday
_ Gunaratne D.H.U. _
Comments
Post a Comment