හොදම යාලුවෙක් ජීවිතේට ඉන්නම ඕනිද??
Article : Umayangana Ranasinghe
Picture : Sayuri Wijesekara
හොදම යාලුවෙක් ජීවිතේට ඉන්නම ඕනිද??
මේක මට පොඩි කාලෙ ඉදන් තිබ්බ ප්‍රශ්නයක්
..මොන්ටිසෝරියෙදී , ඉස්කෝලේ කාලේ, කැම්පස් එකේ
කෝච්චර යාලුවෝ හම්බුනත් , එකට ජීවිතේ ගෙව්වත් ..මට
හැමදාම ඕනි කලේ තනියම නිදහසේ ඉන්න.. ඒ කාලේ ඉඳන් මං
පන්තියෙ අහිංසකම ළමයින්ගෙන් කෙනෙක්... ඒ නිසාම
හැමෝගෙම ආදරේ මට අඩුවක් නැතුව ලැබුනා...ඒ එක එක
කාලෙදි හොඳම යාලුවා කියලා ලේබල් වෙච්ච අය හිටියත්
ඇත්තටම මගේ හදවතේ අංක එක එයාලමද කියලා මං
මගෙන්ම දෙපාරක් අහනවා.. මොකද මටත් නොදැනීම ඒ
වෙනකොටත් ඒ තැනට කෙනෙක් ඇවිත් හිටියා..ඒ මගෙ අක්කා..
අදටත් එහෙමමයි...
ඕනිම මොට්ට වැඩකට උනත් බොක්කෙන්ම අපි අපිට
උදව් කරගෙන ජීවිතේ ආතල් එකෙ ගෙවනවා. අපි දෙන්නගෙ
පොඩිකාලෙ දග වැඩ අදටත් පැය ගණන් කියෝ කියෝ
හිනාවෙන්න පුලුවන්...සමහර අයට යාලුවා තමන්ගේ
සහෝදරයා වගේ වෙද්දී මට උනේ ඒකෙ අනිත් පැත්ත.. ඒකට මං
ගොඩක් ආස කලා.. එයා නිසා මං කවදාවත් තනි වෙලා
නැ..තනිවුනත් කාටවත් කරදර නොකර හැමදේම තනියම
කරගන්න හැටි එයා මට කියලා දුන්නා..ඒ ශක්තිය මං ගාව
හැමදාමත් තියෙනවා..
එයා වෙලාවකට මගේ චූටි අම්මා.. හොදම යාලුවා.. වලි
පාට්නර්.. වගේම අවශ්‍ය වෙලාවට ගැලපෙනම උපදෙස
දෙන්නත් හරිම දක්ශයි.. මාව අඩවන්න පුලුවන් දෙන්නගෙන්
එක්කෙනෙක් තමයි එයා.. එච්චරට මං එයාට ආදරෙයි.. අපි
අපිට නොකියන දෙයක් නම් නැති තරම්... මානසිකව බිංදුවටම
වැටෙන වෙලාවට එයාගෙ උනුහුම මට මහමෙරක්..මගේම
අම්මටත් වඩා මං ලං උනේ එයාට...
කාලයක් තිබුනා මට මාවම එපා උන.. ඒත් එයා මාව එක
මොහොතකට වත් අතැරියෙ නෑ.. එයා මං ගාව ඉඳන් මට
වැරදෙන තැන් දිහා බලාගෙන හිටපු නිසා වෙන්නැති මට
හොඳම යාලුවෙක් ඕනි කියලා දැනුනෙම නැත්තෙ..
කොච්චර රන්ඩු කළත් අපිට අපි නැතුව බෑ.. ඕප දූප කියවන්න
ගියාම වෙලාව යනවා දැනෙන්නෙ නැ.. ඒයත් එක්ක තිබ්බ හැම
මතකයකම හිනාව උතුරන්න තියෙනවා..
ජීවිතේට එහෙම කෙනෙක් ඕනි.. කවදාකහරි තමන්ට
තමන්ව අමතක වෙන.. ජීවිතේ මහන්සි වගේ දැනෙන
වෙලාවට කෙනෙක් ළඟ ඉන්නම ඕනි ඔයාට ඔයාව හොයලා
දෙන්න…
ඉතින්.. දැන් ඔයාට එහෙම කෙනෙක් ඉන්නවනම් එයා
ඉස්කෝලේ කැම්පස් ඒකේම වෙන්න ඔනී නෑ..ඒ තමන්ගෙම
අම්මා, තාත්තා , සහෝදරයා වෙන්නත් පුලුවන්.. එහෙම
කෙනෙක් ළඟ ඉන්න ඔයා හරිම වාසනාවන්තයි.. ඒ බැඳීම
,යාලුකම, සහෝදරකම හැමදාටම පරිස්සම් කරගන්න....
චූටි චූටි කැපකිරීම් වලින් එයාලා ඔයාලගේ ජීවිතේට වටිනවා
කියලා එයාලටත් දැනෙන්න හරින්න.. එයාලගෙ සතුට දකිද්දි
ඔයාලට දැනෙයි ඔයාලා ඇත්තටම ජීවත් වෙනවා කියලා...
-උමයංගා රණසිංහ-
Comments
Post a Comment