ජයගම බෝඩිමේ සාමාජිකාවන්ගේ වතගොත...!!!
Written By: Salmi Devarshi
Image Credit: Sayuri Wijesekara
ලංකාවේ වටෙන්ම ඇවිත්, වෙල්ලස්සේ දී එකතු වුන,
අපේ gang එක ගැන තමයි මේ...!!
ඇතුගලින් නමුනුකුලට මාරු වුන,නින්ද ආගම කරගත්ත , අපි හැමෝටම ලොකු අක්කා වුන නූතන
sleeping beauty,
හුස්ම හිරවෙන තරම් වැඩ තිබුනත් පැය හයක් ගැනලා නිදාගන්න, weekend නම් ගෙදර දුවන,
අපේ සීදේවි,
Diet කිරීම අද නොවේ හෙට කියන, ගුහාවෙන් එළියට ගන්න නම් කෑමක් පෙන්වන්න වෙන
chubby,
ඒ වගේම තමයි,
හොස්ස ලගින් මැස්ස යන්න බැරි, අපේ නීති උපදේශක, මගේ නම් සුදු නංගියා නොහොත්
වැලිගල්ලෙ කොච්චි,
මේ පස්දෙනා එක්ක ජීවිතේ හොයන අධිසංවේදි
මම...!
මේ තමයි අපේ ජයගම බෝඩිමේ සාමාජිකාවන්ගේ වතගොත...!!!
ගෙදර හුරතලෙන් මිදිලා නුපුරුදු දේසෙකට පය ගැසූ දවසෙ ඉඳල මාව තනිනොකරපු ,
අඩන්න හේතු දාහක් තියෙද්දී පැලෙන්න හිනාවෙන්න කියලා දුන්නු,
මගේ පිස්සු යාලුවනේ මං ඉතින් ආදරෙයි ආදරෙයි හැමදාටම...!!!!
_ Salmi Devarshi _
Comments
Post a Comment