අත් නොහරින අත් නොහැරෙන මිතුදම
Note : Shehani Perera
Image : Sayuri Wijesekara
පිනි බිඳු විනිවිදි රිවි කිරණ,
සිත්තම් කළ
දෙව් දුන්න,
ජීවිතය පාට කළ අපූරුව...
විදින්නට විඳවන්නට,
කෙළවරක් නැතුව කියවන්නට,
රණ්ඩු වෙන්නට තරහා වෙන්නට
හේතුවක් නැතුවම
හිනාවෙන්නට,
දෑස් අගින් රූරා වැටෙනකම්
කඳුළු බිඳු...
අත් නොහරින
අත් නොහැරෙන
මිතුදම...
හරවන්නම් වචනයට
මා හදේ තෙරපෙන
පැතුම,
රඳවා තබාගන්න පරිස්සමට,
මා හිත බැඳ තබාගත්
ඒ ලස්සන හදවත....
- Shehani Perera _
Comments
Post a Comment