කෝපි පාට ළමයි

 


Written by: Thilini Illegolla

Image credit: Sayuri Wijesekara



කෝපි පාට යාළුකම් අස්සේ හැඩවුණු, ආදරේ අතරේ තැවරුණු ලස්සන යාළුකම් ආයෙත් අළුත් වුණා නේද.....?

 අතීත මතක තැවරුණු, වේලුනු මල් වලින් හැඩවුණු, ආත්මීය සුවද විහිදු කෝපි පාට love notes අපිව ආයත් අතීතෙට අරං ගියා වගේ.

SMS වලින් පිරුණු සයිබර් අවකාශෙට vintage love notes එක්ක ආදරේටයි, යාළුකමටයි අමුතු රසයක් එක්කලා.


ඒ හැම දෙයක් එක්කම,

කෝපි පාට හැන්දෑවක, කෝපි පාට යාළුකම් එක්ක කෝපි පාට ළමයි හැඩ කරන්න අපිත් හිටියා.....


 ඇත්තටම යාළුකම් කියන්නේ අද ඊයේ ඇතිවෙලා, නැතිවෙලා යන දෙයක් නෙවෙයි.

ඒක හැමදාම අපේ හදවතේ උඩින්ම රැදුනු දෙයක්..! 

ඒකයි අපි ඒ යාළුකම් වලට ඒ තරම් ආදරේ...


"කෝපි පාට ළමයි" කියන්නේ අන්න ඒ ලස්සන යාළුකම් වලට අළුත් පාටක් ගෙනාපු ආදරණීය වැඩක්. 


අපේ ජීවිතේ ලස්සනම කාලේ මේ විදියට ගෙවිලා යද්දි, පොත්වල, exam වල හිරවුණු stress පිරිච්ච ඔළු ගෙඩි වලට සතුට සැනසීම ගෙනාපු අපේ යාළුවෝ ආයෙමත් ආදරෙන් එකතු කරපු වැඩක්....

ඇත්තටම කෝපි පාට ළමයි අපේ යාළුකම් අස්සේ හැංගිච්ච, ආදරණීය පිස්සු වැඩ අනිත් අයටත් පෙන්නන්න chance එකක් දුන්නා. 

Campus එකේ, ආදරේ පිරුණු බෝඩිමේ, කිසිම plan එකක් නැතුව ගිය ගමන්වල, මදි වුනත් බෙදගෙන කාපු බත් එකේ හැංගුන යාළුකම් වලට වටිනාකමක් එකතු කලා..

කවදා හරි බලල හිනා වෙන්න පුළුවන් කිසිම විදියක අඩුවක් නැති පිස්සු වැඩ කන්දක් අපිට ආයෙත් එකතු කරලා දුන්නා. 


වෙනදා විදියට Happy friendship day කියලා යාළුවට පාරක් ගහන එක වෙනුවට ඒ පිස්සු වැඩ ටික vedio එකක් හදලා ඒක අනිත් අයටත් බලන්න share 

කරලා like කරන්න, comment කරන්න, share කරන්න කියලා පොඩි commercial ඇඩ් එකකුත් දාලා අපි ඒ දේ කලේ හරිම සතුටින්..


යාළුකම් හරි සාමාන්‍ය දෙයක් වෙද්දී, ඒකට වෙනම විදියක වටිනාකමක් දුන්නු කෝපි පාට ළමයි, 

ඔයාලටත් Happy friendship day.....!!!.


_ Thilini Illegolla_

Comments

Popular posts from this blog

පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි

රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම - Dandelions

මෙය ඇගේ කතාව නොවේ, ඇගේ මරණයේ කතාව යි