Digital අස්න - සෙංකඩගල පෙරහැර මංගල්‍යයට අවසර

 




_Sayuri Wijesekara _


සෙංකඩගල පෙරහැරේහි චාරිත්‍රාංග වන පෙරහැරට අවසර ගැනීම හා පෙරහැර වෙඩිමුර පිලිබඳව තතු මෙසේය.


පෙරහැරට අවසර ගැනීම

 දියවඩන නිලමේතුමා නිසි අවසරය ලබා දීමෙන් පසුව පෙරහැර ආරම්භ වේ.

  ඒ සඳහා දළදා පෙරහැර භාරව කටයුතු කරන කාරිය කරවන කෝරාළ, ගජනායක නිලමේ, කපුරාලවරු, ගම් දහයේ විදානේවරු, කම්කානම් රාළ, මොහොට්ටාල, වට්ටෝරු රාළ යන නිලධාරීන් පෙරහැර ට අදාල වස්ත්‍රාභරණයෙන්  සැරසී දියවඩන නිලමේතුමාගේ කාර්යාලයට හමුවීමට පැමිණ අවසර ගැනීම සිදුවේ.

 දළදා තේවාව භාර සියළු නිලධාරීන් දියවඩන නිලමේතුමාගෙන් අවසර හා ආශිර්වාද ලබා ගැනීම අනතුරුව සිදුවේ. පසුව දියවඩන නිලමේතුමා එය සංකේතවත් කරමින් පෙරමුණේ රාළ අතට “ලේකම්මිටිය” ද ගජනායක නිලමේ වෙත “රන් අංකුසය” ද පිරිනමනු ලබයි.


පෙරහැර වෙඩිමුර

සෑම දිනකම පෙරහැර වීදි සංචාරයට ප්‍රථම  වෙඩි මුර තුනක් තබනු ලබයි. 

පළමු වෙඩි මුරය නිකුත් වීමත් සමඟම සතර මහා දේවාලවල පෙළ ගැසී සිටින සියළු පෙරහැර ශිල්පීන් සහ හස්ති රාජයන් නියමිත පිළිවෙලට පැමිණ මාලිගාවේ පෙරහැර හා සම්බන්ධ වේ.

දෙවැනි වෙඩි මුරය නිකුත් වන්නේ පළමු වැන්න නිකුත් වී මද වේලාවකිනි. 

එයින් සංකේතවත් කෙරෙන්නේ පෙරහැර සධාතුක කරඬුව ඇතුපිට රන්සිවිගෙයිහි තැන්පත් කළ බවයි. එම රාජකාරිය දියවඩන නිලමේතුමා සතුවේ.

අනතුරුව රන්සිවිගේ සහිත මංගල හස්ති රාජයා දළදා පෙරහැරට එකතු වීමෙන් අනතුරුව පෙරහැර ආරම්භ කළ බව දැනුම් දීමට තෙවැනි ​වෙඩි මුරය නිකුත් කෙරේ.

Comments

Popular posts from this blog

පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි

රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම - Dandelions

මෙය ඇගේ කතාව නොවේ, ඇගේ මරණයේ කතාව යි