Digital අස්න - සෙංකඩගල පෙරහැර මංගල්‍යය - රන්දෝලි පෙරහර

 


_ Sayuri Wijesekara _


රන්දෝලි පෙරහර


 සෙංකඩගල පෙරහැර මංගල්‍යයෙහි ඉතිහාසය , ප්‍රධාන චාරිත්‍රාංග , දේවාල පෙරහැර , කුඹල් පෙරහැර යනාදිය පිලිබඳ පෙර ලිපියෙන් විස්තර කරන ලදී. කුඹල් පෙරහරට පසුව යෙදෙනුයේ රන්දෝලි පෙරහැරයි.

මෙම “රන්දෝලි පෙරහර” වීදි බැසීම සිදුවන්නේ පුරා දින පහක් කුඹල් පෙරහර පැවැත්වීමෙන් පසුවය.

සතර මහා දේවාලයන්හි දේවාභරණ වැඩමවන රථ (රන්දෝලි) කුඹල් පෙරහරේ පස්වන දින යෙදී පෙරහැර අගට එක් කිරීම  “රන්දෝලි පෙරහර” නමින් හැඳින්වේ.

 එයද පුරා දින පහක් නොකඩවා සිදු කෙරේ. දළදා පෙරහැරේ කූටප්‍රාප්තිය ලෙස සැලකිය හැකි මෙම පෙරහර හේවිසි කරුවන් හා හොරණෑ කරුවන් , නැට්ටුවන් , අලි ඇතුන් ආදීන් ගෙන් ප්‍රමාණාත්මකව කුඹල් පෙරහැරට වඩා සංකීර්ණ  වන අතර ම විචිත්‍රවත් භාවයෙන් ද අනූන වේ. අවසාන දින දෙකෙහි මෙම පෙරහර අතිශය අලංකාරවත්ව පවත්වනු ලබයි.

 රන්දෝලි පෙරහැර යනුවෙන් මෙය හඳුන්වන්නේ මහනුවර රජ සමයේ රජුගේ අග බිසව හෙවත් “රන්දෝලිය” ගමන් කළ බැවින් බව ජනප්‍රවාදයන්හි පවතී.

මහා රන්දෝලි යනු රන්දෝලි පෙරහරේ පස්වන දිනය හෙවත් අවසාන දිනය වේ.

Comments

Popular posts from this blog

පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි

රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම - Dandelions

මෙය ඇගේ කතාව නොවේ, ඇගේ මරණයේ කතාව යි