Hang On - Silver Chapter

 


Hang On


                    සාහිත්‍ය මාසය නිසා Movie review එකක් ලියනවද , නැත්නම් සැප්තැම්බර් 10 වෙනිදට සෑහෙන්නම කතාබහට ලක්වෙන , හැබැයි අනිත් දවස් වලටත් , සමහර විට සැප්තැම්බර් 10 වෙනිදට පවා අපිට මගහැරෙන අපේම අයගේ ජීවිත වල වටිනාකම ගැන ලියනවද කියල මං හිතුවා.

එතකොට මට මතක් වුනේ Chichore movie එක.

මේ movie එක පුරාම හරිම ලස්සනට ආදරය , යාලුකම් , අපිට අපිවම මගහැරෙන තැන්වල අප්ව අල්ලගෙන ඉන්න සහෝදරකම් ගැන හරිම ලස්සනට කියනවා.

මතාවාදාත්මක සිද්ධියක් වුනත් ​, Chichore movie එකට ප්‍රධාන චරිතයකට පන පෙවූ සුශාන්ත් සිං රාජ්පුත් ගෙ සියදිවි නසා ගැනීම අහපු දවසෙ මං සෑහෙන්න ඒ ගැන වද වුනා.

එක පැත්තකින් Chichore movie එක රසිකයෙක් විදියට ඔහුට විඳින්න සමහර විට බැරි වෙන්න ඇති. 

හැබැයි ඒ සිදිධියෙන් මං තේරුම්ගත්තු දේ තමයි, අපි හිතන්නෙ ඒ වගේ ලෝක ප්‍රසිද්ධ තරුවකට නම් මෙනෙ ප්‍රශ්නද , හැමදාම සතුටින් ඇති කියල.

ඒත් යථාර්ථය තමයි අපිත් එක්ක හිනාවෙලාම ඉන්න මිනිස්සු තමයි ප්‍රශ්න ගොඩකට මැදි වෙලා ඉන්නෙ.

ඒ ප්‍රශ්න දිහා පිටින් බලන කෙනෙක්ට හරි , එහෙම නැත්නම් හරියට බලපු කෙනෙක්ට තේරෙන්න පුලුවන් ඇත්තටම ඒ ප්‍රශ්න වලට විසඳුම සියදිවි නසා ගැනීම නෙවෙයි කියන එක.

ඒත් ඒක ප්‍රශ්නයට මැදි වුනු කෙනාට තේරුම් ගන්න අපහසු නිසා සියදිවි නසාගැනීමකට යොමු වෙන්න පුලුවන්.

සෑම විනාඩි 11කට වරක් සියදිවි නසා ගැනීමක් සිදුවන තත්වයක අපිට අපිව කොයිතරම් නම් මගහැරිලද කියල ​තේරෙනවනෙ.


ඉතින් Chichore movie එකේ මේ ගැන ලස්සනට කියනවා.

මං movie එකේ කතාව කියන්න යන්නෙ නෑ. ඔයා ඒක බලලා තියෙනව නම් මට දැනුනු feeling එකම දැනිල ඇති. 

ඔයා chichore movie එක බලලා නැත්නම් , අද තමයි හොඳම දවස ඒක බලන්න.

Chichore movie review එකක් ලියන්න ඕනි වුනත් මට හිතුනා movie එක ගැන කියනවට වඩා , Chicore movie එකෙන් කියන්න ඕනි වුනු, අපිට හැමෝම එක්ක බෙදගෙන්න ඕනි වුනු දේ ගැන ලියන එක හොඳයි කියලා.

ඉතින්, ඔබටත් ඔබව මගහැරිල ඇති. ඔබේ ආදරණීයන්ටත් ඔවුන්ව මග හැරිලා ඇති.


පෞද්ගලිකව මං ඉස්සර මට මොන අවුලක් වුනත් කාටවත් කියන කෙනෙක් නෙමෙයි. හැබැයි කැම්පස් ආවට පස්සෙ හොඳම යාලුවො බලෙන්ම අපිව තේරුම් ගනිද්දි , අපේ ප්‍රශ්න වලින් අරික්කාලක් හරි ඔවුන් එක්ක බෙදා ගනිද්දී ඒක කොයිතරම් සැනසීමක්ද කියල මං දන්නවා. 

ඉතින් ඔයත් අනිවාර්යයෙන්ම ඒක try කරලා බලන්න. සමහර ව්ට හොඳම යාලුවෙක් හරි , කෙනෙක්ව විශ්වාස කරන්න අමාරුයි නම් ඔයාගෙ හිතේ හිරවුනු ඒ හැමදේම කොලේක ලියන්න. 

හැමතැනකම ඇවිදින්න. ඔයාට නැති වුනු ඔයාව හොයාගන්න. කන්න ආස හිතෙන හැමදේම කන්න.සිංදු කියන්න. ඔයාට හති වැටෙනකන් සිංදුවකට නටන්න. ඔයා ආස හැමදේම කරන්න. මතක තියා ගන්න.,

මේ ලෝකෙ ලස්සනම හදවත තියෙන්නෙ ඔයාට.!


_ Sayuri Wijesekara _

Comments

Popular posts from this blog

පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි

රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම - Dandelions

මෙය ඇගේ කතාව නොවේ, ඇගේ මරණයේ කතාව යි