වලව්වේ වතගොත - Dandelions



Article: Dilini Pabodha

Image: Sayuri Wijesekara


 වලව්වේ වතගොත


Online සනුහරේ අස්සෙන් 

මීදුම් වෙල්ලස්සටත් කෝපි පාට ලමයි පහක්...... 


අතින්වත් අත නොඅල්ලා   අපි කොහොම බැඳුණාද මංදා....

(සැලකිය යුතුයි lesibians  නොවෙමු)


එකෝමත් එක රටක

 එකෝමත් එක මීදුම් සරසවියක 

එකෝමත් එක වලව්වක 

ඉන්නවලු මැණිකෙලා  පස්දෙනෙක්.....


Traveling  පිස්සුව සෙට් එකට බෝ   කරපු  වට්ටක්ක ගෙඩි වන් ඇස් හිමි ඇය මල්කි...

 (දන්නෝ  දනිති)

විලාසිතාවේ මහ රැජිණ,සෙට් එකේ Beauty consultant.

හිතේ එකයි කටේ එකයි නැ ති,පපුව කඩා ගෙන යන වචන.

කට මැද දෙඩෙව්වත් කොච්චර ඒකිත් බයයි රෑ ජාමෙට දොට්ට පිලට යන්නත්.


" සුදු මහත්තයට විතරයි ඔක්කොම" කියමින් කලු කොල්ලෙක් තම ජීවන සහකරු ලෙස සොයන 23 න් හැවිරිදි ඇය දික් දණ්ඩියකි.

අපිට පෙනෙන හඳ ඇයට හදකි.අපි කන්නෙ අඹ උනා ට ඇයට ඒවා   අබය

අපිට නින්ද ගෙනෙන ඇඳ ඇයට ඇදය.

සඤ්ඤකට left වූවත් සෙට් එකේ ඉතුරු හතර දෙනාගෙන්ම බැ නුම් ඇහුවත් බොක්කටම දැණුනු 

ඒකිගේ ආදරෙත් අදටත් තියනවා  හරි අමුතු රහක්.


කිව්වට විශ්වාස කරයිද...Chocolate  වලට පෙරේත නැති කෙල්ලොත් ඉන්නවද...

මැය එවැ නි කැ රැට්ටුවකි.

ස්වල්පයක් පෙන්වන මෙට්රික් තො ගයක් සඟවන්නියක්. තරම් හිත හයිය කෙල්ලෙක් දැ කලා   නෑ   මං මේ තා ක්. ඇත්තමයි අම්මා   නැ ති අඩුව පුරවන්නෙ එයා   අපේ හො ස්ටල් ජිවිතේ පුරා වට.

හැබැයි මෙහෙමයි ,18+ දැ නුමෙන් අතිශය පරිපූර්ණ වන්නෙද serious  චරිත රඟපාන ඇයමයි.


Trackout වචනයේ පරිසමාප්ත අරුතට සමානය ඇගේ නම

P ලොකු සිඟිති නම් හොස්ටල් එකේ බොහෝ අයගෙන් පශ්චාත් සංඝට්ටන  වලටද ලක්වන්නියෙකි.

Anytime අහපන් ඒකිගෙන් මොනා  හරි කමුද...?

සත්තයි හා කියනවා මයි.

 But, " හෙට ඉඳලා නම් සල්ලි ඉතුරු කරමු බං" උදාන වාකයෙන් හැමදාම සෙට් එකම motivate  කරන motivation  අම්මණ්ඩිද ඇයයි.

අන්තිමේදී, මේ පහේ කල්ලියේ ඉන්න චූටිම ලමයා තමා මේක ලියන මං. 2000 න් පස්සෙනේ ඉතින්.

මේ වැඩිහිටි නිවාසේ බලා ගන්න පිනම ඇති මට මේ සසරෙන් එතෙර වෙන්න..

ඇත්ත නම් ගම් ලියන්නට නෑ මටත් අවසර....

ලීවොතින්  ඔබටත් එන්නට වේවි මගෙ මළගෙදර.....


මායිමක් කෝ  හිනා  සයුරක්....

විඳින රස ජීවිත පහක්....

බැලූ නෙත් අනුකරණයක්....

සැබෑ වූ ෆැන්ටෑසියක්….


_ Dilini Pabodha _


Comments

Popular posts from this blog

පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි

රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම - Dandelions

මෙය ඇගේ කතාව නොවේ, ඇගේ මරණයේ කතාව යි