ශශී නිවසට good bye - Dandelions
ශශී නිවසට goodbye..!
මාස ගානක් අපේ ගෙදර ,
අල්ලපු ගෙවල් වලට වද දිදී ආතල් එකේ හිටපු අපේ ගෙදර ,
අහල පහල ගස් ගෙඩි ටික කකා හිටපු අපේ ගෙදර ,
රණ්ඩු වෙවී යාලු වෙවී ගමටම ඇහෙන්න කෑ ගගහ හිටපු අපේ ගෙදර ,
ඉතින් ,
ආදරනීය හිදගොඩ F ,
අපි වගේම දග ඉලන්දාරි ටිකක් මේ පාරත් පාත් වේවා....
ගිහින් එන්නන්...…
ශශී නිවසට good bye....!
"අඩෝ කොල්ලො සෙට් එක එකට ඉන්නෝනි.. ඒ හින්ද ඇතුලෙ hostel වල ඉන්න බෑ , එලියෙ ඉල්ලමු"
පලමු අඩහැරය ඒ විදියට යොමු කරමින් ජයග්රාහී ලෙස කොල්ලො සෙට් එකම එලියෙ hostel එකකට වැටුන.
"හිදගොඩ F ලු, කොහෙද බන් ඕක තියෙන්නෙ , අලුත් hostel එකක්ලු බන්, හිදගොඩ බෝදිය ගාවින් ඇතුලට තියන පාරෙලු තියෙන්නෙ. හ්ම්... යමන්කො බලන්න, "
ඔය විදියට අපිට ලැබුනු අපේ සුන්දර hostel එක, මාස ගානක් හිටිය , අද ඊයෙ වගේ...
කොල්ලො ඉතින් කොහොමත් දගයිනෙ, හාමුදුරු පැටවු නෙවේනෙ ... ඉතින් අපිත් දග වැඩ කලා හරි හරියට, අහල පහල ඈයොන්ගෙන් බැනුනුත් ඇහුව , ඒ වුනාට එයාල අපිත් එක්ක තරහ නෑ .. එක sure...
හොදම වැඩේ කියන්නෙ කෙල්ලොන්ගෙ hostel එකත් ඒ ලගමයි. ඒක ගැන කතා නොකර ඉමුකො. මේක කොල්ලොන්ගෙ hostel එක ගැන කතාවක්නෙ.
හ්ම්... කාලය ගෙවිල ගියාලු.1 st yr ඉවර වුනාලු. Exam එකත් ඉවර වුනාලු . කොල්ලො ගෙවල් වල ගියාලු . හිදගොඩ F පාලුවට ගියාලු.
හොරෙන් ගස් ගෙඩි කඩන් කාපු හැටි, රෑ වෙලා හොරෙන් musicl බලන්න ගිහින් ආපු හැටි, ඉලුකෙන් / බේකරියෙන්/ දෙමල ඇන්ටිගෙන්/ පද්මා ඇන්ටිගෙන් කෑම කාපු හැටි, එහා පැත්තෙ වෙලේ සෙල්ලං කර කර මරාගත්තු හැටි, පහල ඇලෙන් නාන්න ගිය හැටි ,
හැමදේම ලස්සන හීනයක් වගේ....
දවල්ට hostel එක බලාගන්න uncle එක්ක කයියක් ගහගෙන ,රෑට එන security set එකත් එක්ක කයියක් ගහගෙන ආතල් එකේ හිටපු ලස්සනම ලස්සන කාලයක්, ඒ ඔක්කොම අපේ යාලුවො මල්ලි....
දැන් ඒ කවුරුත් එහෙ නෑ නේද යාලුවේ.... හැමෝම ගෙවල්වල ගිහින් , ආයෙ එයිද දන්නෙත් නෑ , හිදගොඩ F තනියමනෙ ඉතින්....
හ්ම්... අපිත් එක්ක ගත කරපු චූටි කාලෙ ගැන හිත හිත තනියම හිනාවෙවී ඉන්නව ඇති.
නැවත අනිවා හමුවෙමු , ආදරණීය හිදගොඩ F !!!
- Salinga Lahiru-
Comments
Post a Comment