Blooming Tea - Empower Her
Blooming Tea - Empower Her
_ Rtr. Sayuri Wijesekara _
ශ්‍රී ලාංකීය තේ නිෂ්පාදන ක්ෂේත්රය ලංකාවේ ප්‍රධාන අපනයන බෝග අතුරින් ප්රමුඛ ස්ථානයක් ගනී. හුදෙක් පානයකට වඩා කලාවක් , හැඟීමක් මුසු කරන මෙම තේ නිෂ්පාදනය හා ලාංකීය ජන ජීවිතය හා සබැඳියාවේ ඉතිහාසය අතීතය දක්වා දිව යයි.
ඒ අතුරින් "කලාත්මක තේ " නිෂ්පාදනය ලංකාවට හඳුන්වාදෙමින් "Blooming Tea" නිෂ්පාදනය අපනයනය කරන එකම ව්‍යාපාරය ලෙස " සමනල තේ " සන්නාමය හඳුනාගත හැක.
එහි සාඩම්බරණීය සටහන නම් ලංකාවේ එකම සහ ප්‍රථම ව්‍යවසායකත්වය අරමුණු කරගත් සරසවිය වන ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ පබසරා මනතුංග මෙම දැවැන්ත සන්නාමය පිටුපස ව්‍යාවසායිකාව වීමයි.
පසුගිය කොරෝනා වසංගත තත්වය හමුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පමණක් නොව , දැවැන්ත ව්‍යාපාර පවා අභියෝගයට ලක්වන සමයක " සමනල තේ " සන්නාමයට අත්පොත් තබන ඇයගේ මූලාරම්භය දැඩි බාධක හා දුෂ්කරතා මධ්‍යයේ සනිටුහන් විය.
එනම් තම ව්‍යාපාරය පවත්වා ගැනීමට අවැසි සම්පත් , තාක්ෂණය , හා ප්රාග්ධනය හිඟ වීම හේතුවෙනි. නමුත් එයින් නොපසුබට වූ ඇය ,
තම නිවසෙහිම වූ අවම ඉඩ පහසුකම් සහ දෛනික මුලුතැන්ගෙයි උපකරණ භාවිතයෙන් , සිය විශ්ව විද්‍යාලයෙන් ලත් දැනුම සහ ප්‍රායෝගික තාක්ෂණය උපයෝගී කරගනිමින් "සමනල තේ" සන්නාමය යටතේ කාලාත්මක තේ නිෂ්පාදන සංකල්පය සැබෑවක් කරන්නට සමත් විය.
ඒ හරහා ජාත්‍යන්තර තලයෙහි " සිලෝන් ටී " හෙවත් ලාංකීය තේ නිෂ්පාදනයට ඇති පිලිගැනීමට නව මං පෙත් විවර කරන්නට ව්‍යාවසායිකා, පබසරා මනතුංග සමත් විය. අද වන විට ඕස්ට්‍රේලියාව , සිංගප්පූරුව යනාදී රටවල් වලට තම " සමනල තේ" සන්නාමයෙන් ශ්‍රී ලාංකීය කලාත්මක තේ රස අභිමානවත්ව ලොවට බෙදන්නට ඇය සමත් විය.
එපමණක් නොව ලාංකාවේ අධි සුඛෝපභෝගි හෝටල් වලට මෙන්ම , ශ්‍රී ලාංකීය සංචාරකයන්ට නවමු අත්දැකීමක් ලබාදෙන්නටද ඇය උත්සුක විය.
හුදෙක් " සුබ ලෝක කාන්තා දිනයක් වේවා ! " යන සුබපැතුම ඇසෙන මොහොතක ඇගේ ධෛර්යයේ කතාව කාන්තා දිනයෙහි වැදගත්කම මොනවට විදහා පායි.
පසුගිය දා පැවති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයීය රොටරැක්ට් සමාජයේ එකොලොස් වන සංවත්සරය වෙනුවෙන් නිල - තේ සැපයුම් අනුග්‍රාහකත්වය සපයමින් එදින පැමිණ සිටි සියලු ආරාධිත අමුත්තන්ට නවමු අත්දැකීම් සැපයූ "සමනල තේ" සන්නාමය සාඩම්බරයෙන් සිහිපත් කරන්නෙමු.
එමෙන්ම පිටුපස වූ දිරිය ව්‍යාවසායිකාව පබසරා මනතුංග සහෝදරිය වෙනුවෙන් ආදරණීය සහ , කාන්තා දිනය වෙනුවෙන් සාඩම්බරණීය ඇයව අගයන්නට මෙලෙස සටහනක් තබන්නෙමු.
🥂❤️
ReplyDelete