Posts

මිතුරෙකු ජීවිතේ ඔබට ඔබව බලාගන්න පුලුවන් හොදම කැඩපතයි...!

Image
  Written By:  Gunaratne D.H.U.  Image Credit: Sayuri Wijesekara මිතුරෙකු ජීවිතේ ඔබට ඔබව බලාගන්න පුලුවන් හොදම කැඩපතයි...! ඇයි මං එහෙම කියන්නේ....?                     ටිකෙන් ටික ලොකූ මහත් වෙද්දී අපේ ජීවිත වල රහස් රකින්නා, රහස් දරාගන්නා දුක සැප බෙදාගන්නා මේ හැමදේටම යාලුවෙක් ඉන්නවා දෙමාපියන් තරම් ම ලං උනු.ඉතින් ඔවුන් කැඩපතක් නොවන්නේ කෙසේද..? සෑබෑ මිතුරෙකු ජීවිතේට ලං වෙන්නෙම කෙනෙකුගේ පෙර පිනකට.ජීවිතය ඔහේ ගලා යන ගඟක් නම් හමුවන බාධක උස් පහත් තැනිතලා වියලි කාල තනියම දරාගන්න හරිම අමාරුයි..මෙහෙම වෙලාවකදී සෑබෑම මිතුරෙක්ට ඕනම වෙලාවට සවියක් වෙලා ලඟ ඉන්න ඒ හැමදේම කොටසක් වෙලා අපිව බලාගන්න... කිසිවක් නැතුව ඉපදෙන අපේ ලෝකය අම්මලා තාත්තලා කුඩා කාලේදීම පාට කරන්න ගන්න සිතුවමක්....ඒ සිතුවමේ මිතුරෙක්ව එකතු වෙන්නේ බොහෝවිට මොන්ටිසෝරියේදී...එතැන් පටන් ජීවිතේ අවසාන වෙනකම්...එකම එක මිතුරෙක් හෝ හැමෝගෙම ජීවිත නිම්නවල ඇති.මේක කියවද්දී ඒ කෙනා ලස්සන මතකයක් වෙලා එනවා නේද? ඉතින් ඒ යාලුවා තාමත් ඔයා ලගද? නැත්තම් කොහේදී හෝ එයාව මගහැරුනද? අපි මෙහෙම හිතුවෝතින් හැමදේටම මේ සමාජයේ මතක් අලුත් කරන දවසක් වෙන් කරනවා.අපිත් ඒ දිනයන

වීරයෙකුට ප්‍රේම කලෙමි

Image
Article:Limasha Harini Image: Sayuri Wijesekara   වීරයෙකුට ප්‍රේම කලෙමි  කෝපි පාට හැන්දෑවල් ගෙවෙන්න ඕන ආදරණීය ම හිත් එක්ක ....මේ හැම කෝපි පාට හැන්දෑවක් ම දවසක ම ආදරණීය මතක වෙනවා නම්....වරා මලක් වගේ පාවුණු ජීවිතයක් හිටි ගමන් සැඩ සුළඟකට අහු වෙලා ගහගෙන යද්දි කොහොමද දැනෙන්නේ....ඒ වගේ ම යි මගේ මේ ගෙවෙන දවස්....ඉතින් මේ හැමදේම ඉක්මන් වැඩි උනාදෝ කියලා පුංචි සිතුවිල්ලකුත් හිත අස්සේ ගුලි වෙන්නෙ මේ වගේ වෙලාවල්වල ම යි....හීන බලාපොරොත්තු කඳු තරම් උසට නොතිබුණ පුංචි පුංචි දේවල් වලින් සතුටු වෙන්න පුලුවන් සරල හිතක හිමිකාරියක්මි මම....හවසට මල් පාර දිගේ අත් අල්ලන් යන්න....මීදුම බාන හැන්දෑවක ගැලරියේ තේකක් බොන්න....අත් අල්ලන් රෑ අහස දිහා වරු ගනන් බලන් ඉන්න...හැමදාමත් මගේ හිතේ මැවුණු හීන....මම බොලඳ ප්‍රේමවන්තියක්මි...ඉදින් ගැහැනිය ආදරේ දී බොලඳ නොවන්නේ නම් එහි අමතක නොවන ප්‍රේමයක් දලු ලන්නේ නැත...නමුත් ඔහු පරිණත පිරිමියෙකි....ඕනෑවටත් වඩා ඔහු පෞරුශවත් ය...හඬ ගැඹුරු වූත් ප්‍රේමණීය වූත් එකකි...ඉතින් මම ඔහු කෙරෙහි ආසක්ත වීමී...වරු ගනන් ඔහු වෙනුවෙන් බලා හිඳින්නට වුණෙමි...ඉදින් මේ ගෙවෙන දෙදහස් දොලහ වසරේ දුරුත්ත ම

තරුවක් උන මිතුදම

Image
 Article Limasha Harini Image: Sayuri Wijesekara තරුවක් උන මිතුදම  සමහර මිනිස්සු හරියට තරු වගේ...ආපසු කිසිවක් ම බලාපොරොත්තු නොවී මහ ගොඩක් එළිය විහිදලා හැමෝට ම උදව් කරනවා…තරු පිරිච්ච වෙල්ලස්සේ අහස යට ඉඳන් අද මේ ආදරණීය මතකාවර්ජනය තරුවක් වගේ මගේ ළඟින් හිටපු ඔයා ගැන..... අලුත් ඉස්කෝලයක්...ශිෂ්‍යත්වය ලියලා අලුත් බලාපොරොත්තු ගොඩක් පොදි බැදගෙන ආව දවසක ඉස්සෙල්ලම ඔයාව දැක්කේ....ඔයාටත් වඩා දැක්ක දවසෙම ආදරේ හිතුනේ ඔයාගේ අම්මට....හරි ම ලස්සන සාරියක් ඇඳලා ඔයාව එක්කන් ඇවිල්ලා හිටියේ....ඔයා නම් පොඩ්ඩක් බය වෙලා හිටියේ...මන් ඒ පොඩි කාලෙත් ටිකක් පණ්ඩිත හින්දා මන් ම කතාව පටන් ගත්තා....අදටත් මතකයි මන් ඉස්සෙල්ල ම අහපු ප්‍රශ්නේ....  "ඔයාගේ නම මොකද්ද?"  "මන් ටමාශා....ඔයා....? " හිමීට හරිම අහිංසක විදියට ඔයා උත්තර දුන්නේ, "මන් ලිමාෂා....ශිෂ්‍යත්වෙට ලකුණු කීයද?"  කිසිම පැකිලීමක් නැතුව මන් දෙවෙනි ප්‍රශ්නෙත් ඇහුවා. "මට 148 යි...ඔයාගේ කීය ද?"   "මට 156 යි....අපි දෙන්නා එහෙනම් යාලුවෝ වෙමුද"  ඔන්න ඔහොමයි අපේ යාලුකම පටන් ගත්තේ..... අදටත් ඔයාගෙන් ආදරේට මන් බැනුම් අහන්න

හොදම යාලුවෙක් ජීවිතේට ඉන්නම ඕනිද??

Image
   Article : Umayangana Ranasinghe Picture : Sayuri Wijesekara හොදම යාලුවෙක් ජීවිතේට ඉන්නම ඕනිද??  මේක මට පොඩි කාලෙ ඉදන් තිබ්බ ප්‍රශ්නයක් ..මොන්ටිසෝරියෙදී , ඉස්කෝලේ කාලේ, කැම්පස් එකේ කෝච්චර යාලුවෝ හම්බුනත් , එකට ජීවිතේ ගෙව්වත් ..මට හැමදාම ඕනි කලේ තනියම නිදහසේ ඉන්න.. ඒ කාලේ ඉඳන් මං පන්තියෙ අහිංසකම ළමයින්ගෙන් කෙනෙක්... ඒ නිසාම හැමෝගෙම ආදරේ මට අඩුවක් නැතුව ලැබුනා...ඒ එක එක කාලෙදි හොඳම යාලුවා කියලා ලේබල් වෙච්ච අය හිටියත් ඇත්තටම මගේ හදවතේ අංක එක එයාලමද කියලා මං මගෙන්ම දෙපාරක් අහනවා.. මොකද මටත් නොදැනීම ඒ වෙනකොටත් ඒ තැනට කෙනෙක් ඇවිත් හිටියා..ඒ මගෙ අක්කා.. අදටත් එහෙමමයි... ඕනිම මොට්ට වැඩකට උනත් බොක්කෙන්ම අපි අපිට උදව් කරගෙන ජීවිතේ ආතල් එකෙ ගෙවනවා. අපි දෙන්නගෙ පොඩිකාලෙ දග වැඩ අදටත් පැය ගණන් කියෝ කියෝ හිනාවෙන්න පුලුවන්...සමහර අයට යාලුවා තමන්ගේ සහෝදරයා වගේ වෙද්දී මට උනේ ඒකෙ අනිත් පැත්ත.. ඒකට මං ගොඩක් ආස කලා.. එයා නිසා මං කවදාවත් තනි වෙලා නැ..තනිවුනත් කාටවත් කරදර නොකර හැමදේම තනියම කරගන්න හැටි එයා මට කියලා දුන්නා..ඒ ශක්තිය මං ගාව හැමදාමත් තියෙනවා.. එයා වෙලාවකට මගේ චූටි අම්මා.. හොදම යාලුවා.. වලි පාට

It is how our 6 years of bestie and beastie friendship has started.

Image
Written By:  Isuri M.Panamaldeniye Image Credit: Sayuri Wijesekara Yeah, it was such a boring ICT class, and I was eagerly waiting for those 2 hours to end so I could catch up on my snack. I was sitting in the middle, and Uthpala was next to me, introducing a petite girl with fabulous hair from head to toe. ”Isuri, she is Lalitya, and she also did English literature too.” “Seriously? I did literature too!”                     And that's how our 6 years of bestie and beastie friendship started. Lalitya is Lali for me, my one and only best and beastiest bestie, who has cried, laughed, and shared tears with me. She is the epitome of a best friend who really taught me the value of a bestie. Yes, I'm really lucky to have her in my life. She cares about my health, birthdays, education, and even food (remember the 22nd midnight surprise of a snack). Lali, I'm so happy because you are my bestie, and no one could ever replace you. Remember, we have some things on our bucket list unt

පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි

Image
  "පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි."  _සයුරි විජේසේකර_          මට ඉන්නවා කොහෙන්දෝ පාත් වෙච්ච මගේ Photo copy ටිකක්. කොච්චර ඕන වුනත් උන්ගෙන් ගැලවීමක් නෑ. ඉඳලා ඉඳලා අලුතින් බෝඩිමකට ගියා. බලද්දි ඒකෙත් උන් ඉන්නවා.  කොහේ හරි ජඩ වැඩක්ද , හොඳ වැඩක්ද , බාල්දියක්ද , පන්සලක්ද පල්ලියක්ද දානෙ ගෙයක්ද බන මඩුවක්ද අදාල නෑ ඕන එකටයි එපා එකටයි හැම එකටම ඈඳිලා යන, "පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි!"  ඉතින් රන්දි ගෙදර භාසා පරිවර්තක ඉංගිරිසි බාසාවෙන් අනූන හිපෝ , සෙට් එකා උනන්දුවා හැමතිස්සෙම කන්න දෙයක් හොයන සිප්පියා , සුදුතාත්තිගෙ සුදාම්මි නොහොත් චීම්ස් , "Batticaloa" වලට බට්ටිකොල කියල pronounce කරපු දවසක් හරි  වැඩියෙන් ජීවත් වෙන්න ආසාවට side effects වලට බයේ බෙහෙත් බොන්නෙ නැති බට්ටිකොලයා සහ නැණවත් ගුණවත් රූමත් යන යන තැන් වල වැටෙන්නෙ නැති සහ අහක යන බාල්දි දාගන්නෙ නැති මගෙන් මෙම රන්දි ගෙදර ලමා සමාජය සමන්විතයි.ඉතින් මුන් ටික නිසා වෙච්චි අකරතැබ්බ සහ ආතල් සිද්ධි ටිකක් මං කියන්නම්. මං ඉන්නෙ බෝඩිමේ පහල තට්ටුවෙ මට අදාලම නැති ඛනිජ කටයුතු හා පතල් කැනීම් කරන ගල් කාරියො ටිකක් එක්ක. උන් ගැ

Pizza Connection

Image
  Badulla's Best-Kept Secret for Pizza Lovers- Pizza Connection Pizza Connection, tucked away in a quiet corner of Badulla, is a hidden gem that offers an experience unlike any other. It's not just about the delicious pizza but the emotions and memories that you'll create while enjoying the wood-fired pizza and the breathtaking views of the whole Badulla town. As you step into the pizzeria, the first thing that catches your attention is the unique live kitchen where skilled chef lady hand tosses and slides pizzas into the wood-fired oven. The aroma of the pizzas being cooked is just mouth-watering. And the best part is that you can observe the whole process, which is a lively and fascinating experience for children and adults alike. What makes Pizza Connection even more special is its ambiance. The pizzeria offers a peaceful and romantic dining experience that is perfect for a date night or a small gathering with friends. The elegant views of the Badulla town in the eve