Posts

Forget me not - Silver Chapter

Image
   Article : Kanchana Lakmal Image : Sayuri Wijesekara Forget me not ජීවිතේ හමුවීම් කොච්චර නම් පුදුමාකාරද ?  ඒ හමුවීම් වල මතක අපිව කොච්චර දුර අරගෙන යනවද ? සමහර විට නිමේෂයක් , නැත්තන් මුළු ජීවිත කාලෙම වෙන්නත් පුළුවන්. එක් ඍතුවක අපේ සුන්දරම මතකය තවත් ඍතුවක වේදනාකාරිම මතකය වෙන්න පුළුවන්. එතකොට අපි දිග හුස්මක් අරගෙන ඒ මතකය අමතක කරන්න උත්සහ කරනවා. ඔබ වඩාත්ම ආදරය කරන සුන්දර මතකය , ඔබ සදහටම අමතක කල යුතු මතකය වීම කෙතරම් වේදනාවක්ද ? සමහර විට ඕල්‍ යා කියනවා වගේ ඒ මතකය මට අමතක වුනත් මේ සටහනේ තියේවි. -- හැබෑවටම ඒ කෝපි පාට ඇස් මම කොහොම අමතක කරන්නද ?  කොයිතරම් සමාජශීලි කෙනෙක් උනත් කෝපි පාට ඇස් දෙක දිහා බලාගෙන කතාකරද්දි දේවල් අමතක වෙනවා, මාව ගොළුවෙක් බිහිරෙක් කරවනවා ඒක සාමාන්‍යයිද ඕල්යා ??  ( සමාවෙන්න එයා කෝපි වලට වැඩිය කැමති නෑ) මට තේරෙන්නෑ මොකක්ද මගේ ලස්සනම මතකය කියලා. එක මතකයක් තෝරගත්තම ඊට වඩා ලස්සන මතකයක් හිතට එනවා.  මං හිතන්නේ එයාගේ ලස්සනම මතකේ හොයාගෙන මම අනන්තෙටම යාවි වගේ. හැම හමුවීමක්ම අහම්බයක් කියලා හිතෙනවද ඕල්යා? ඔව් එකක් දෙකක් එහෙම වෙන්න පුළුවන්. ඒත් එතනින් එහාට !  මිනිස්සු ඒ හමුවීම් වලට ඇබ

Digital අස්න - A Cultural Marvel of Sri Lanka

Image
  Article : Rushmi Rusario Image : Sayuri Wijesekara The Splendor of Senkadagala Perahera Mangalya,    A Cultural Marvel of Sri Lanka   Sri Lanka, our land is renowned for its rich cultural heritage, it boasts a plethora of vibrant festivals that celebrates its diverse traditions and vast history, and the crown jewel of these festivals would definitely be the “Senkadagala Perahera Mangalya”, standing as a vibrant testament to the nation’s rich cultural legacy.  This spectacular display, which has its origins in the heart of Sri Lanka, amidst the historic city of Kandy, is a beautiful blend of artistic expression, religious devotion, and a strong sense of community. This spectacular festival holds immense significance that extends beyond its colorful processions and captivating performances. It safeguards Sri Lanka's rich heritage, parading traditional attire, dance, and rituals that span generations upon generations. It is a living museum that invites locals and visitors to immerse

Digital අස්න - සෙංකඩගල පෙරහැර මංගල්‍යය - රන්දෝලි පෙරහර

Image
  _ Sayuri Wijesekara _ රන්දෝලි පෙරහර  සෙංකඩගල පෙරහැර මංගල්‍යයෙහි ඉතිහාසය , ප්‍රධාන චාරිත්‍රාංග , දේවාල පෙරහැර , කුඹල් පෙරහැර යනාදිය පිලිබඳ පෙර ලිපියෙන් විස්තර කරන ලදී. කුඹල් පෙරහරට පසුව යෙදෙනුයේ රන්දෝලි පෙරහැරයි. මෙම “රන්දෝලි පෙරහර” වීදි බැසීම සිදුවන්නේ පුරා දින පහක් කුඹල් පෙරහර පැවැත්වීමෙන් පසුවය. සතර මහා දේවාලයන්හි දේවාභරණ වැඩමවන රථ (රන්දෝලි) කුඹල් පෙරහරේ පස්වන දින යෙදී පෙරහැර අගට එක් කිරීම  “රන්දෝලි පෙරහර” නමින් හැඳින්වේ.  එයද පුරා දින පහක් නොකඩවා සිදු කෙරේ. දළදා පෙරහැරේ කූටප්‍රාප්තිය ලෙස සැලකිය හැකි මෙම පෙරහර හේවිසි කරුවන් හා හොරණෑ කරුවන් , නැට්ටුවන් , අලි ඇතුන් ආදීන් ගෙන් ප්‍රමාණාත්මකව කුඹල් පෙරහැරට වඩා සංකීර්ණ  වන අතර ම විචිත්‍රවත් භාවයෙන් ද අනූන වේ. අවසාන දින දෙකෙහි මෙම පෙරහර අතිශය අලංකාරවත්ව පවත්වනු ලබයි.  රන්දෝලි පෙරහැර යනුවෙන් මෙය හඳුන්වන්නේ මහනුවර රජ සමයේ රජුගේ අග බිසව හෙවත් “රන්දෝලිය” ගමන් කළ බැවින් බව ජනප්‍රවාදයන්හි පවතී. මහා රන්දෝලි යනු රන්දෝලි පෙරහරේ පස්වන දිනය හෙවත් අවසාන දිනය වේ.

Digital අස්න - සෙංකඩගල පෙරහැර මංගල්‍යය - කුඹල් පෙරහැර

Image
  ඉන්දියාවේ ආෂාඨ උත්සව හෙවත් ඇසළ කෙළියේ පරිණාමයෙන් ඇති වූවක් ලෙස සැලකෙන සෙංකඩගල පෙරහැර මංගල්‍යයෙහි ඉතිහාසය හා මූලිකාංග පෙර ලිපියෙන් දැක්විනි. එහි සඳහන් වූ පෙරහැර මංගල්‍යයෙහි කප් සිටුවීම, දේවාල පෙරහැර හා කුඹල් පෙරහැර දිනයන් පිලිබඳව සවිස්තරාත්මක අදහසක් මෙම ලිපියෙන් ගෙන ඒමට අදහස් කරන්නෙමු. කප් සිටුවීම   දළදා මාළිගාවේ " නැකැත් මොහොට්ටාල " විසින් නියම කල සුබ මොහොතින් කප් සිටුවීමෙන් පෙරහැර ආරම්භ  වේ. නිකිණි මස අමාවකට දින කිහිපයකට පෙර සතර මහා දේවාලයන්හි මූලිකත්වයෙන් අලුත් නුවර හෝ සුදුසු දේවාල භූමියකින් වියත් තුනක වට ප්‍රමාණයෙන් යුතු නෑඹුල් හෙවත් ඵල නොදැරූ කොස් ගසක් තෝරා ගෙන එම කොස් ගසට පුද පූජා පවත්වා එහි අරක් ගත්  වෘක්ෂ දේවතාවක් වේ නම් ඉන් ඉවත්ව යන ලෙස ආයාචනා කොට එම ගස කපා ගනී.  අනතුරුව එහි කඳෙන් රියන බැගින් දිගැති කොටස් හතරක් කපාගෙන පෙරහැරින් ගෙන ගොස් සතර මහා දේවාල භූමියෙහි සිටු වීම " කප් සිටුවීම " නම් චාරිත්‍රය වේ. දේවාල පෙරහැර  දින පහක් පුරාවට බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් තොරව හා වස්ත්‍රාභරණයෙන් සැරසුණු අලි ඇතුන් , පෙරහැර ශිල්පීන්ගෙන් තොරව දේවාල රාජකාරීබසිදුකරන ඇඳුම් වලි

Digital අස්න - සෙංකඩගල පෙරහැර මංගල්‍යයට අවසර

Image
  _Sayuri Wijesekara _ සෙංකඩගල පෙරහැරේහි චාරිත්‍රාංග වන පෙරහැරට අවසර ගැනීම හා පෙරහැර වෙඩිමුර පිලිබඳව තතු මෙසේය. පෙරහැරට අවසර ගැනීම  දියවඩන නිලමේතුමා නිසි අවසරය ලබා දීමෙන් පසුව පෙරහැර ආරම්භ වේ.   ඒ සඳහා දළදා පෙරහැර භාරව කටයුතු කරන කාරිය කරවන කෝරාළ, ගජනායක නිලමේ, කපුරාලවරු, ගම් දහයේ විදානේවරු, කම්කානම් රාළ, මොහොට්ටාල, වට්ටෝරු රාළ යන නිලධාරීන් පෙරහැර ට අදාල වස්ත්‍රාභරණයෙන්  සැරසී දියවඩන නිලමේතුමාගේ කාර්යාලයට හමුවීමට පැමිණ අවසර ගැනීම සිදුවේ.  දළදා තේවාව භාර සියළු නිලධාරීන් දියවඩන නිලමේතුමාගෙන් අවසර හා ආශිර්වාද ලබා ගැනීම අනතුරුව සිදුවේ. පසුව දියවඩන නිලමේතුමා එය සංකේතවත් කරමින් පෙරමුණේ රාළ අතට “ලේකම්මිටිය” ද ගජනායක නිලමේ වෙත “රන් අංකුසය” ද පිරිනමනු ලබයි. පෙරහැර වෙඩිමුර සෑම දිනකම පෙරහැර වීදි සංචාරයට ප්‍රථම  වෙඩි මුර තුනක් තබනු ලබයි.  පළමු වෙඩි මුරය නිකුත් වීමත් සමඟම සතර මහා දේවාලවල පෙළ ගැසී සිටින සියළු පෙරහැර ශිල්පීන් සහ හස්ති රාජයන් නියමිත පිළිවෙලට පැමිණ මාලිගාවේ පෙරහැර හා සම්බන්ධ වේ. දෙවැනි වෙඩි මුරය නිකුත් වන්නේ පළමු වැන්න නිකුත් වී මද වේලාවකිනි.  එයින් සංකේතවත් කෙරෙන්නේ පෙරහැර සධාතුක කරඬු

Digital අස්න - සෙංකඩගල පෙරහැර මංගල්‍යය - ඉතිහාසය

Image
  Article : Sayuri Wijesekara Logo : Mihisara Bandara සෙංකඩගල පෙරහැර මංගල්‍යය  ලක්වාසීන්ගේ මුදුන් මල්කඩ බඳු වූ ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට ගනිමින් වාර්ෂිකව ලෝ වාසීන්ගේ ආකර්ෂණය මහනුවර නගරයට ඈඳා ගනිමින් නිකිණි මස පුරාවට පවත්වන්නා වූ සෙංකඩගල පෙරහැර මංගල්‍යයයෙහි ඉතිහාසය ක්‍රි.පූ. 3 වන සියවස තෙක් දිවයයි. නිසි කලට වැසි ලබා ගැනීම සඳහා දෙවියන් උදෙසා කන්නලව් කිරීමෙහි ලා ක්‍රි.පූ. 3 වන සියවසේදී  ඇරඹි ඇසළ පෙරහර ක්‍රි.ව. 4 වන සියවසේදී බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 800කට පසු උන්වහන්සේගේ පූජනීය දන්ත ධාතූන් වහන්සේලා දඹදිව සිට මෙරටට වැඩමවූ පසු දළදා පෙරහැර ආරම්භ වූ බව විශ්වාස කෙරේ. ඒ අනුව පසුකාලීනව නිල වශයෙන් 18 වන සියවසේදී සිංහලේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින්  දෙවියන් උදෙසා පැවැත්වූ ඇසල දේව පෙරහැරට දළදා පෙරහැර එක් කරන ලදී. එතැන් පටන් අද දක්වා නිකිණි මස දින ගණනක් පුරාවට පැවැත්වෙන මෙම සෙංකඩගල ඇසල පෙරහැර සතර මහා දේවාල පෙරහැර වලින් සහ දළදා පෙරහැරින් සමන්විත වේ. නාථ දේවාල පෙරහැර , විෂ්ණු දේවාල පෙරහැර , කතරගම දේවාල පෙරහැර , සහ පත්තිනි දේවාල පෙරහැර යනාදියෙන් සතර මහා දේවාල පෙරහැර සමන්විත වේ.

කෝපි පාට ළමයි

Image
  Written by: Thilini Illegolla Image credit: Sayuri Wijesekara කෝපි පාට යාළුකම් අස්සේ හැඩවුණු, ආදරේ අතරේ තැවරුණු ලස්සන යාළුකම් ආයෙත් අළුත් වුණා නේද.....?  අතීත මතක තැවරුණු, වේලුනු මල් වලින් හැඩවුණු, ආත්මීය සුවද විහිදු කෝපි පාට love notes අපිව ආයත් අතීතෙට අරං ගියා වගේ. SMS වලින් පිරුණු සයිබර් අවකාශෙට vintage love notes එක්ක ආදරේටයි, යාළුකමටයි අමුතු රසයක් එක්කලා. ඒ හැම දෙයක් එක්කම, කෝපි පාට හැන්දෑවක, කෝපි පාට යාළුකම් එක්ක කෝපි පාට ළමයි හැඩ කරන්න අපිත් හිටියා.....  ඇත්තටම යාළුකම් කියන්නේ අද ඊයේ ඇතිවෙලා, නැතිවෙලා යන දෙයක් නෙවෙයි. ඒක හැමදාම අපේ හදවතේ උඩින්ම රැදුනු දෙයක්..!  ඒකයි අපි ඒ යාළුකම් වලට ඒ තරම් ආදරේ... "කෝපි පාට ළමයි" කියන්නේ අන්න ඒ ලස්සන යාළුකම් වලට අළුත් පාටක් ගෙනාපු ආදරණීය වැඩක්.  අපේ ජීවිතේ ලස්සනම කාලේ මේ විදියට ගෙවිලා යද්දි, පොත්වල, exam වල හිරවුණු stress පිරිච්ච ඔළු ගෙඩි වලට සතුට සැනසීම ගෙනාපු අපේ යාළුවෝ ආයෙමත් ආදරෙන් එකතු කරපු වැඩක්.... ඇත්තටම කෝපි පාට ළමයි අපේ යාළුකම් අස්සේ හැංගිච්ච, ආදරණීය පිස්සු වැඩ අනිත් අයටත් පෙන්නන්න chance එකක් දුන්නා.  Campus එකේ, ආදරේ පි