Posts

Showing posts from September, 2023

Dumbledore's Legacy Lives On - Silver Chapter

Image
  Article: Gayathma Weerawanni Image: Sayuri Wijesekara Dumbledore's Legacy Lives On In a world where broomsticks soar through the skies, invisibility cloaks conceal secrets, and spells bring paintings to life, there exists a world where magic wanders into our lives in the most extraordinary ways. (And it all started when Hogwarts Express left King's Cross 9 3⁄4! ) As we mourn the loss of the talented actor who brought Professor Albus Dumbledore to life on the silver screen, Michael Gambon, let us raise our wands and pens alike to toast a character, an actor, and a series that will forever remain in our hearts. The readers of all generations will continue to be entwined with the threads of Hogwarts, wands, and the boy who lived; a creation of the magical world of Harry Potter by J.K. Rowling. Michael Gambon infused Dumbledore with charisma and wisdom that indeed reflected the pages of the books. (Well, apart from the time when he said, "Did you put your name into the Goble...

Waluka - Silver Chapter

Image
  Review : Prabhath Jayasundara Image : Sayuri Wijesekara වාලුකා  නහර පුරාදෝ ගාලා යන්නේ.. කොතැනද ස්නේහය උපදින්නේ… - කොලනියෙන් හමා එන රොඩී කුසුඹට ගම්මැද්දේ මෝදුවන බඹර සිතැගිතෙලි රහසේ ආවඩනා අවපස් කුලයක මල්කැකුළු කුස් නිරුවත් කළ “සිංගී”.. තිසර සර හසැ බිතිති සොරා උකුල පිසදැමූ මව්, දියණි වූ සෙනෙහෙ තනිකල තැන කබර පැංචෙකුට ප්‍රේමනීය වූ අරුම පටලැවිලි ජාලාවක අතුරු පරතැරක නාභිතල සිපගත් බියක් නොමදත් “අනෝ හාමි” .. තැන කොතැන නොහැර , රස පහස මී කැතිටි විසුලුවාලූ සරල මිනිසුන්ගේ යටගියාවක කහට අපුල්ලා නොහලනු නියාවක් පසක් කලාවූ රස සොයායන්නන්ගෙ හදවත් බන්ධනය කළ - ශාන්ති දිසානායක - කතුවන්තිනියගේ “ වාලුකා” කෘතිය පත අට එකට සිදුවා සාහිත රස සුවින්දනය කර බැව් බැතිමත් වූ සිත් පසක් කරනා වග නොරහසකි. _Prabhath Jayasundara_

The First Teacher - Silver Chapter

Image
  Article : Waruni Vishakha Image : Sayuri Wijesekara අයිලයක අප්‍රකාශිත පෙම් පුරාවෘත්තය එදා මන්දාරම් හවසක්. උණු කෝපි කෝප්පයක් හදාගෙන පොත් රාක්කය ලඟට ගියේ ඒ වෙලාව පොතක් කියවන්නම සොබාදහම මවපු වෙලාවක් වගේ නිසා.පරිසරයෙ තිබුණෙ නිවිච්ච බවක්.  දන්නවද , පොත් අතරෙ අත ගෙනියන හැම සැරේකම මාව අතරමං කරන පොඩි පොතක් තියෙනව. එදත් මම අනිත් හැම අලුත් පොතක්ම මඟහැරල ගිහින් ඒ චූටි පොත අතට ගත්ත. ඉතින් ඒක කියවන්න ගත්තෙ 25 සැරේට විතර වෙන්න ඇති . පහ වසරෙ ඉඳලම කියවනව සැරින් සැරේට . ඒත් මම වයසින් වැඩෙනවත් එක්කම ඒ පොතේ වචනයක් ගානෙ තිබුණ ගැඹුර වැඩි වැඩියෙන් දැක්ක. ඒ නිසා වෙන්න ඇති තවම කියවන්නෙ. ඔයා චුට්ටක් මතක් කරල බලන්න . ඔයාගෙ කතාව ඇතුලෙ එයාලගෙ පරිච්ඡේද ඉවර කරල ඈතටම ගියපු මිනිස්සු හුඟක් ඇති. ඒත් එයාල නිසා ජීවිතේ යම් කිසි කාලෙක හොඳ විදියට හරි නරක විදියට හරි විසඳුණ ඔයාගෙ ඉරණම තවමත් ඔයා එක්ක ඇති. ඉතින් අල්තීනායිගෙ ජීවිතෙත් හැරවුම් ලක්ෂය වුණේ දුයිෂෙන් . අල්තීනායි මහාචාර්යවරියක් වෙලා ගමට එන දවස වෙද්දිත් දුයිෂෙන් මහලු ලියුම් බෙදන්නෙක් විතරයි. මිනිස්සුන්ට එහෙම කරන්නෙ කොහොමද දෛවය.. ඒ ගැන පොප්ලරයන්ගෙන් අහමු....

Alice Academy - Silver Chapter

Image
  Alice Academy ඇලිස් ඉස්කෝලෙ Cartoon එක එහෙමත් නැත්නම් Alice   Academy බලපු නැති කෙනෙක් නැතුව ඇති කියලා මං හිතනවා. මොකද පොඩි කාලෙ අපි ආසම කතා වලින් එකක්නෙ ඒක. ඒ කාලෙ වැඩි තේරුමක් නැතුව ඕක බැලුවෙ. කතාව ලස්සන නිසා. හැබැයි මට දැනුනෙ Mikan Sakura හරියට මං වගේ කියලා. ඉතින් කැම්පස් ආවටත් පස්සෙ ආපහු මට ඕක බලන්න ආසාවක් ආවා. එතකොට තමයි මට හිතුනෙ ඒ කතාවෙන් කොච්චර දේවල් කියන්න උත්සහ කරලද කියලා. තමන්ගෙ හොඳම යාලුවා Hotaru ව බලන්න ආසාවෙන් සෑහෙන්න මහන්සි වෙලා කොහොම හරි Alice Academy එකට ආපු Mikan ගෙ ලස්සන කතාව.  විශේෂ හැකියාවන්ගෙන් පිරුණු ලමයින්ටම වෙන්වුනු Alice  Academy එකට Hotaru නිසා ආපු Mikan ට මුලදි තමන්ගෙ හැකියාව හොයාගන්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා ඉස්කෝලෙන් අයින් වෙන්න වෙලා තමන්ගෙ යාලුවව දකින්න විදියක් නැති වෙයි කියලා බයෙන් ඉන්න Mikan ගෙ අහිංසක බය මෙතනදි විශේෂයි. ඒ වගේම වෙන කෙනෙක් නිසා, එහෙමත් නැත්නම් Hotaru වෙනුවෙන් Alice Academy එකට ආවා වුනත් Mikan තමන්ටම ආවේණික විශේෂ හැකියාව හොයාගන්න විදියත් හරිම අපූරුයි. ඒක මට දැනුනෙ නම් මෙහෙමයි. අපි හැමෝටම අපිටම කියල විශේෂ වුනු හැකියාවක්...

Hang On - Silver Chapter

Image
  Hang On                          සාහිත්‍ය මාසය නිසා Movie review එකක් ලියනවද , නැත්නම් සැප්තැම්බර් 10 වෙනිදට සෑහෙන්නම කතාබහට ලක්වෙන , හැබැයි අනිත් දවස් වලටත් , සමහර විට සැප්තැම්බර් 10 වෙනිදට පවා අපිට මගහැරෙන අපේම අයගේ ජීවිත වල වටිනාකම ගැන ලියනවද කියල මං හිතුවා. එතකොට මට මතක් වුනේ Chichore movie එක. මේ movie එක පුරාම හරිම ලස්සනට ආදරය , යාලුකම් , අපිට අපිවම මගහැරෙන තැන්වල අප්ව අල්ලගෙන ඉන්න සහෝදරකම් ගැන හරිම ලස්සනට කියනවා. මතාවාදාත්මක සිද්ධියක් වුනත් ​, Chichore movie එකට ප්‍රධාන චරිතයකට පන පෙවූ සුශාන්ත් සිං රාජ්පුත් ගෙ සියදිවි නසා ගැනීම අහපු දවසෙ මං සෑහෙන්න ඒ ගැන වද වුනා. එක පැත්තකින් Chichore movie එක රසිකයෙක් විදියට ඔහුට විඳින්න සමහර විට බැරි වෙන්න ඇති.  හැබැයි ඒ සිදිධියෙන් මං තේරුම්ගත්තු දේ තමයි, අපි හිතන්නෙ ඒ වගේ ලෝක ප්‍රසිද්ධ තරුවකට නම් මෙනෙ ප්‍රශ්නද , හැමදාම සතුටින් ඇති කියල. ඒත් යථාර්ථය තමයි අපිත් එක්ක හිනාවෙලාම ඉන්න මිනිස්සු තමයි ප්‍රශ්න ගොඩකට මැදි වෙලා ඉන්නෙ. ඒ ප්‍රශ්න දිහා පිටින් බලන කෙනෙක්ට ...

Once in Book - Silver Chapter

Image
   Article :  Dehemi Samarasinghe Image : Sayuri Wijesekara Once in Book                                    දිගම දිග විඩාබර දවස් ගානකට පස්සේ හවස ඉර බහින වෙලාවක මේසේ උඩ තිබ්බ කියවලා ඉවර කරන්න කියලා මගේ ඔලුව උඩට පනින්න කලින්, මම හිතලාම අතට ගත්ත පොත එක්ක උඩු මහලේ ඉස්තෝපුවට උනේ ටිකක් නිදහස් වෙන්න හිතාගෙන... නරක පුරුද්දක් උනත් පොත පෙරලන්නත් කලින්ම දුරබනුව වෙත ආව පණිවිඩ කියවලා ඉවර කරන්න හිතාගෙන අතට ගත්තත්...දැක්කේ වෙන දෙයක්.... ලගින්ම ඇසුරු කරන යෙහෙළියක් ගේ සමාජ් මාධය පෝස්ටුවක නිල් පාට මල් තියන කවරයක් සහිත පොතක් මිලදී ගත්ත කතාවක්...ඔව් ඔයා හරි...මගේ ලැජ්ජා නැති කමටයි පොත් එකතු කරන ලෝබ කමටයි ඒක මම ඇණවුම් කරන්න දෙපාරක් හිතුවේ නෑ....මූල්‍යමය දායකත්වය අයියා දරනවා කියලා කිවුවෙත් පොඩි එකෙකෙ වගේ මගේ ඒකට තිබ්බ ආසාව අයියා දැක්ක නිසාම වෙන්න ඇති.... විනාඩි ගනන්, පැය ගනන්, දවස් ගනන්, ඒක එනකන් ගෙදරින් එලියට අඩියක් වත් නොතියා මගබලන් ඉන්න තරම් මම පරිස්සම් උනා.... ඒ පොත පිටිපස්සේ.මොකද්දෝ නො...

Hamari Adhuri Khahani - Silver Chapter

Image
   Article :  Ravindi Ekanayake Image : Sayuri Wijesekara Hamari Adhuri Khahani වසූදා වෙත, කවදාවත් ආදරයක් නොලැබුණු මට අම්මා වගේම දැනුනු එකම ආදරේ නුඹ  ලිලී මල් වල සුවඳට සමාන නුඹේ ඔය ආවේණික සුවඳට මන් වශී උනා ඒකයි එදා එ සුවඳ පස්සෙ ගියේ මම ඒත්  හිතුවෙවත් නැති වෙලාවක මම හිටියේ පොඩි බිම් බෝම්බයක් උඩ ඔව් වසූ  මේ ඇත්තමයි  එ වෙලාවෙම මට මතක් උනේ නුඹව මට සමාවෙන්න ආයෙත් මගේ තුරුලට නුඹව ගන්න බැරි උනාට මන් දන්නවා කවදා හරි මැරෙන මොහාතක නුඹ එන්නේ මන් ළඟටම බව මීට, ආරව්.  Movie - Hamari Adhuri Kahani | ර වි න් දි ඒ ක නා ය ක ✍️❤️ |

Totto Chan - Silver Chapter

Image
"ටෝමෝව ඉස්කොලෙ - හරි පුදුම ඉස්කොලෙ " මේක මම තියා ගන්නද?" ටොට්ටෝ චං ටිකට් පත් එකතු කරන්නා ගෙන් විමැසුවා ය. "බැහැ. ඔයාට ඒක තියා ගන්න බැහැ." ඔහු ටිකට් පත ගනිමින් පැවැසුවේ ය. ටිකට් පත්වලින් පිරී තිබුණු පෙට්ටියට ඇඟිල්ල දිගු කළ ඇය, මෙසේ ඇසුවා ය. “මේ ඔක්කොම ඔයාගෙද?" "නෑ, නෑ. ඒවා අයිති දුම්රිය ස්ථානයට " පිට වී යන්නන් ගෙන් ටිකට් පත් උදුරා ගනිමින් ඔහු කීවේය. " ඔහෝ," කෑදර කමින් පෙට්ටිය දෙස ඇස් දල්වා සිටි ඇය, මං ලොකු වුණාම ටිකට් විකුණන කෙනෙක් වෙන්න ඕනෑ " යි කියන්නට වූවාය. ටිකට් පත් එකතු කරන්නා පළමු වරට ඇය දෙස නෙත් හෙළුවේ ය. “මගේ චූටි පුතාටත් දුම්රිය පොළේ රස්සාවක් ඕනැලු. ඔව්. ඔයාටත් එයත් එක්ක එකට වැඩ කරන්න පුළුවන්.' ඔහු කීවේය. පුස්තකාලයේ වැඩිම පොත් කියවපු ලමයා වෙලා තෑග්ගක් ගන්න ඒ කාලෙ අපිට තිබුණු පුදුම ආසාවට පින් සිද්ද වෙන්න මං 13 පාරක් විතර ආසාවෙන්ම කියවපු, ටෙට්සුකෝ කුරොයානගී විසින් ජපන් බසින් රචිත "ටොට්ටෝ චං" හි ලීලානන්ද ගමාච්චි මහතාගේ පරිවර්තනයක් වන " හරි අපූරු ඉස්කෝලෙ" මේ පළවෙනි " පිටුව මට කටපාඩම්. කියවන්න මාව හ...