Forget me not - Silver Chapter
Article : Kanchana Lakmal Image : Sayuri Wijesekara Forget me not ජීවිතේ හමුවීම් කොච්චර නම් පුදුමාකාරද ? ඒ හමුවීම් වල මතක අපිව කොච්චර දුර අරගෙන යනවද ? සමහර විට නිමේෂයක් , නැත්තන් මුළු ජීවිත කාලෙම වෙන්නත් පුළුවන්. එක් ඍතුවක අපේ සුන්දරම මතකය තවත් ඍතුවක වේදනාකාරිම මතකය වෙන්න පුළුවන්. එතකොට අපි දිග හුස්මක් අරගෙන ඒ මතකය අමතක කරන්න උත්සහ කරනවා. ඔබ වඩාත්ම ආදරය කරන සුන්දර මතකය , ඔබ සදහටම අමතක කල යුතු මතකය වීම කෙතරම් වේදනාවක්ද ? සමහර විට ඕල් යා කියනවා වගේ ඒ මතකය මට අමතක වුනත් මේ සටහනේ තියේවි. -- හැබෑවටම ඒ කෝපි පාට ඇස් මම කොහොම අමතක කරන්නද ? කොයිතරම් සමාජශීලි කෙනෙක් උනත් කෝපි පාට ඇස් දෙක දිහා බලාගෙන කතාකරද්දි දේවල් අමතක වෙනවා, මාව ගොළුවෙක් බිහිරෙක් කරවනවා ඒක සාමාන්‍යයිද ඕල්යා ?? ( සමාවෙන්න එයා කෝපි වලට වැඩිය කැමති නෑ) මට තේරෙන්නෑ මොකක්ද මගේ ලස්සනම මතකය කියලා. එක මතකයක් තෝරගත්තම ඊට වඩා ලස්සන මතකයක් හිතට එනවා. මං හිතන්නේ එයාගේ ලස්සනම මතකේ හොයාගෙන මම අනන්තෙටම යාවි වගේ. හැම හමුවීමක්ම අහම්බයක් කියලා හිතෙනවද ඕල්යා? ඔව් එකක් දෙකක් එහෙම වෙන්න පුළුවන්. ඒත් එතනින් එහාට ! මිනිස්සු ඒ හමුවීම් වලට ඇබ